Record of Ragnarok Season 02 Sinhala Subtitles අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක් වෙන Record of Ragnarok හි දෙවන අදියර අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. නිකුත් වෙන Season 3 ට පෙරාතුව, එහි Season 1 සහ Season 2 සිංහල උපසිරැසි සම්පූර්ණයෙන්ම ලබා දීම තමයි මේකෙ අරමුණ වෙන්නෙ. මම කාලෙකට කලින් නිර්මාණය කරපු උපසිරැස…

Record of Ragnarok Season 02 Sinhala Subtitles
අතිශය උද්වේගකර ඇනිමෙ කතා මාලාවක් වෙන Record of Ragnarok හි දෙවන අදියර අරඹන්නයි මේ සූදානම් වෙන්නෙ. නිකුත් වෙන Season 3 ට පෙරාතුව, එහි Season 1 සහ Season 2 සිංහල උපසිරැසි සම්පූර්ණයෙන්ම ලබා දීම තමයි මේකෙ අරමුණ වෙන්නෙ. මම කාලෙකට කලින් නිර්මාණය කරපු උපසිරැසි නිසා මේවායෙ කිසිම වෙනසක් නොකර නැවත මතක් කිරීමක් විදිහට පළ කිරීමක් තමයි මේ කරන්නෙ.

2021 වසරේ Spring season එකේදි ඔස්සේ නිකුත් කෙරුනු Shuumatsu no Valkyrie AKA Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 1 නිකුත් වුනායින් පසුව 2023 වසරේදී Season 2 එක මුළු කොටස් 15 කින් යුතුව Parts 2 කින් නිකුත් වෙන බවට දැනුම් දෙනවා. ඒ අනුව Part 1 එක කොටස් 10 කින් යුතුව 2023 වසරේ winter season එකේදි නිකුත් වුනු මේ කතාව Action, Drama, Fantasy, Mythology, Seinen කියන Genre වලට අයත් වෙන අතරෙ R-17+(Violance & Profanity) යටතේ Rate වුනු මේ Season 2:Part 1 එක IMDB දර්ශකයේ 6.3 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.58 ක අගයක් ලබා ගන්නට සමත් වෙනවා. ඒත් Season 1 එක ලබා ගත්තු 6.66 ක අගයට සාපේක්ෂව මේක වැඩි අගයක්. ඒ වගේම MyAnimeList හි 8.14 ක අගයක් ලබාගත් Takumi Fukui (story), Shinya Umemura (story) & Azychika (art) ගේ Record of Ragnarok Manga එක ඇසුරෙන් Graphinica studio එක හා Yumeta Company studio එක එකතු වෙලා ඇනිමේෂන් නිර්මාණ කටයුතු කරනවා.
මේ කතාවෙ Music ගැන කියනවනම් ඒක Season 1 එකේ music වලට වඩා ඉහළ තැනක තිබුනා. Opening, Ending theme දෙක වගේම කතාව අතරතුරේදි අහන්න ලැබෙන soundtracks වලත් කතාවට ගැළපෙන හොඳ vibe එකක් තිබුනා. ඉතින් මේ Season 2:Part 1 හි Opening Theme එක වෙන “Rude Lose Dance” ගීතය Minami විසින් ගායනා කරන අතරෙ Ending Theme එක වෙන “Inori” ගීතය Masatoshi Ono විසින් ගායනා කරනවා.
Season 1 එකේ වගේම මේ Season 2 එකෙත් Voice Acting Staff එකේ Angle Beats!, Berserk, Akame ga Kill, Black Clover, Assassination Classroom, Bleach, My Hero Academia, Blue Lock කියන ඇනිමෙ ලෝකයේ ජනප්‍රිය වුනු කතාවලට දායක වුනු හඬ කැවීම් ශිල්පීන් දායක වෙනවා.
දැන් මම Season 1 ඉඳන් කතාව ගැන පොඩි සාරාංශයක් අරන් එන්නම්… සෑම අවුරුදු 1000 කට වරක් වල්හල්ලාවේ, වල්හල්ලා මන්ත්‍රණ සභාවෙදි සියලු වර්ගවලට සියලු ජාතීන්ට අයත් දෙවිවරු රැස්වෙනවා එක්තරා වටිනා තීරණකට එළඹෙන්න. ඒ තීරණය තමයි මීළඟ අවුරුදු 1000 ට ම මනුෂ්‍යයින්ගේ පැවැත්මට ඉඩ දෙනවද නැද්ද කියල තීරණය කරන එක. වැඩි ඡන්දයකින් දෙවිවරු මනුෂ්‍ය පැවැත්මට විරුද්ධ උනොත් මුළු මිනිස් සංහතියේම විනාශය එතනදිම තීරණය වෙනවා. ඉතින් මිනිස් පැවැත්මට ඉඩ නොදිය යුතුයි කියලා දෙවිවරු කිහිප දෙනෙක්ම හේතුත් දක්වනවා. අනික මේ හේතු වර්තමානයත් එක්ක බලද්දි නම් සාධාරණ නිසා, බහුතරයක් දෙවිවරු මේකට එකඟ වෙලා මේක සම්මත වෙන්න යද්දිම එක වැල්ක්‍රී කෙනෙක් යෝජනාවක් ගේනවා. ඒ තමයි මිනිස්සු මේ විනාශයට සුදුසුයිද කියලා පරික්ෂණයකින් හොයා ගන්න ඕනියි කියන එක.මෙන්න මේ පරික්ෂණය තමයි දෙවියන් සහ මිනිසුන් අතර වෙන අවසන් මහා සටන හෙවත් “රැග්නරොක්” කියල කියන්නෙ. මේ සටනට දෙවියන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් හා මිනිසුන්ගෙන් සටන් කරුවන් 13 දෙනෙක් බැගින් ඇතුළත් වෙනවා. තරඟ 7 දිනන කණ්ඩායමට එයාලගෙ තීන්දුව ලැබෙනවා. ඒ විනාශය හෝ පැවැත්ම.
ඉතින් ඒ විදිහට සම්මත වුනු රැග්නරොක් සටනේ පළමු ද්වන්ධය නෝර්ස් දෙවියෙක් වෙන තෝර් හා මනුෂ්‍යත්වයේ ශක්තිමත්ම රණශූරයෙක් වෙන ලූ බූ අතර පැවැත්වෙනවා. ඒ වගේ ම මේ හැම සටනකටම, තම බලයෙන් මිනිස් රණශූරයන්ගේ ආයුධ බවට පරිවර්තනය වෙන්න ඒ ඒ වැල්ක්‍රීලා එකඟ වෙනවා. පළමු සටනින් ලූ බූ පරාජයට පත් වී තෝර් ජය ලබනවා. ඉන් පසුව දෙවෙනි සටන දෙවියන්ගේ රජු වෙන සියුස් හා මනුෂ්‍යත්වයේ පියා වෙන ආදම් අතර පැවැත්වෙනවා. ඒ සටනින් සියුස් අසීරු ජයක් ලබාගෙන ආදම් පරාජයට පත් වෙනවා. ඉන් පසුව තුන් වෙනි සටන විදිහට සාගරයට අධිපතියා වෙන පොසයිඩන් හා ජපන් ඉතිහාසයේ දක්ෂතම කඩු ශිල්පියා වෙන සසාකි කොජිරෝ අතර පැවැත්වෙනවා. ඒ සටනින් කවුරුවත් හිතුවෙ නැති විදිහට සසාකි කොජිරෝ ජය ලබනවා. 2-1 විදිහට මනුෂ්‍යත්වය එක් ජයක් ලබාගෙන හතරවෙනි තරඟයට අවතීර්ණ වෙනවා. ඒ සටන තියෙන්නෙ මනුෂ්‍යයෙක් විදිහට ඉඳල දෙවියෙක් වුනු හර්කියුලිස් හා මිනිස් ඉතිහාසයේ අඳුරුම දාම ඝාතකයා වෙන ජැක් ද රිපර් අතරයි….
ඉතින් මනුෂ්‍යත්වයට තවත් ජයග්‍රහණ කීයක් ලැබේවිද? මනුෂ්‍යත්වයේ බලාපොරොත්තු මල්ඵල ගැන්වේවිද? රැග්නරොක් මෙතැන් පටන් ඉදිරියට යනවා. අතිමහත් කැපකිරීම් හමුවේ ලෙයට ලෙය උරට උර ගැටෙන මේ රැග්නරොක් ගැටුමේ දෙවන අදියර මෙයින් ඇරඹෙනවා. උපසිරැසිය ගැන අදහස් අනිවාර්යයෙන්ම කියාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි.dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න.නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
693 downloadsDownload Record-of-Ragnarok-S02-E01E02-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


