Watch Trailer

Record of Ragnarok [S02: E13 & E14 & E15] Sinhala Subtitles | කෙලෙස් මුලිනුපුටන ආලෝකයේ මාර්ගය [සිංහල උපසිරසි]

Record of Ragnarok Season 02 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 2 Part 2 හි අවසාන කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව මේ කොටස් තුනෙන් Season 2 අවසාන වෙනවා.…

Record of Ragnarok Season 02 Sinhala Subtitles

මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 2 Part 2 හි අවසාන කොටස් වල උපසිරැසි සමගයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව මේ කොටස් තුනෙන් Season 2 අවසාන වෙනවා.

පහුගිය කොටස් වල සිදුවීම් නම් මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මොකද ඒක ඔයාලාම බලල දැනගන්න එක තමයි වඩා හොඳ. මොකද මේක ඒ තරමටම උද්වේගකර කතාවක්. ඒ නිසා කතාවට සාරාංශයක් විතරක් මම දෙන්නම්.

6 වෙනි සටනට දෙවියන් නියෝජනය කරමින් අවතීර්ණ වුනු බුද්ධ, රැග්නරොක් පිටියේ සියලුම දෙනා පුදුමයට පත් කරනවා. බුද්ධ සටන් කළ යුත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් නෙමෙයිද කියල ප්‍රේක්ෂකයින් ප්‍රශ්න කරද්දී, බුද්ධ ඊට නොදෙවෙනිව තමන්ගේ තීරණය අරගන්නවා. ඒ තමයි දෙවියන් වෙනුවෙන් සටන් බිමට පැමිණ මිනිසුන් වෙනුවෙන් සටන් කරන්න තීරණය කරන එක. ඉතින් මේක මුළු කතාවේම හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් උනා. ඒ වගේම ඒක ද්‍රෝහී වීමක් විදිහට දැකල ඒ වෙනුවෙන් දඬුවම් කරන්න දෙවියන්ගේ පැත්තෙන් සටන් බිමට එන්නෙත් එක්තරා විදිහට විනිශ්චය කරුවෙක්. ඒ කවුද? ඒ වගේම මේ සටන එක්තරා පුද්ගලයෙකුගේ රහස් සැලසුමක් නිසාවෙන් දිග්ගැස්සෙනවා වගේම හුඟක්ම දරුණු අතට හැරෙනවා.

ඉතින් මේ 6 වෙනි රැග්නරොක් සටනේ ජය ලැබෙන්නෙ කාටද? කවුරුවත් නොහිතපු විදිහෙ දේවල් ගොඩක් මේ සටනෙදි එළි වෙනවා. නරඹන්න එහෙනම් Record of Ragnarok Season 2 හි අවසානය මොන වගේද කියලා. අතිමහත් කැපකිරීම් හමුවේ ලෙයට ලෙය උරට උර ගැටෙන මේ රැග්නරොක් ගැටුමේ දෙවන අදියර මෙයින් අවසන් වෙද්දි Season 3 ත් මේ වෙද්දි නිකුත් වෙලයි තියෙන්නෙ. Season 3 හි සිංහල උපසිරැසි තුළින් හමුවෙන තෙක් මේ උපසිරැසි ගැන අදහස් අනිවාර්යයෙන්ම කියාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් Record of Ragnarok Season 3 තුලින් හමුවෙමු.

සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි.dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න.නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

336 downloadsDownload Record-of-Ragnarok-S02-E13E14E15-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

336 downloadsDownload Subtitles31 KB

0 comments

No comments yet.