Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 12 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. රැග්නරොක් හි අටවෙනි සටන බීල්සෙබබ් අසීරු ජයක් ලබා ගනිද්දි,…

Record of Ragnarok Season 03 Sinhala Subtitles
මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 12 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ.
රැග්නරොක් හි අටවෙනි සටන බීල්සෙබබ් අසීරු ජයක් ලබා ගනිද්දි, සියලුම වාසි අහිමි වෙලා හිටපු නිකොලා ටෙස්ලා සටනින් පරාජය වෙන්නෙ, මනුෂ්‍යත්වය තවත් එක් පියවරක් විද්‍යාවෙන් පරිණාමය වෙන්නට අඩිතාලමක් එකතු කරනවාත් එක්කයි. ටෙලිපොටේෂන් කියන සංකල්පය අවසාන මොහොතෙදිත් යථාර්ථයක් බව ඔප්පු කරල පෙන්නපු ටෙස්ලා සියළු විද්‍යාඥයන්ගේ හදවත් වල නොමැකෙන සලකුණක් බවට පත් වෙනවා. ඒත් එක්කම 4-4 බැගින් ආයෙත් දෙවියන් සහ මිනිසුන් සම වෙනවා. ඒ රැග්නරොක් සටන ඒ විදිහට සිද්ධ වෙද්දි හෙල්හයිම් වල සිරකරල ඉන්න තවත් ආගන්තුක පුද්ගලයෙක් ගැන වල්හල්ලාවෙදි කතා කරනවා. රැග්නරොක් සටනට වැදගත් කමක් තියෙන කෙනෙක් විදිහට පේන මේ කෙනා ගැන තොරතුරු නම් තාමත් රහසක්. ඒ අතරෙදි මීළඟ නවවෙනි රැග්නරොක් සටනේ ප්‍රතිමල්ලවයන් වෙන්නෙ කවුද? නවවෙනි සටන ආරම්භ වෙන්නෙ කොහොමද? නරඹන්න මේ කොටස. ඉදිරි කොටස් වලින් හමුවෙමු.
මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.
සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
547 downloadsDownload Record-of-Ragnarok-S03-E12-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Anonymous
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



direct download krgnn widihk kiynnko