Watch Trailer

Resident Evil: Infinite Darkness [S01 : E03 & E04] Sinhala Subtitles | නපුරන්ගේ ලෝකයේ අසීමිත අන්ධකාරය [සිංහල උපසිරසි]

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ජූලි මස 08 දින Netflix හරහා විකාශය වූ Resident Evil TV Mini Series එකේ තෙවැනි සහ සිව්වැනි කොටස්වල උපසිරැසියි. මුලින්ම කලින් කොටස්වලදි මොකද වුනේ කියලා ආපහු පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මතකයිනෙ පළවෙනි කොටසෙදි පෙනැම්ස්ථාන ගුවන් සීමාවෙදි ප්‍රහාරයකට ලක්වුනු Alpha…

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ජූලි මස 08 දින Netflix හරහා විකාශය වූ Resident Evil TV Mini Series එකේ තෙවැනි සහ සිව්වැනි කොටස්වල උපසිරැසියි.

මුලින්ම කලින් කොටස්වලදි මොකද වුනේ කියලා ආපහු පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. මතකයිනෙ පළවෙනි කොටසෙදි පෙනැම්ස්ථාන ගුවන් සීමාවෙදි ප්‍රහාරයකට ලක්වුනු Alpha Two ඇමරිකානු හෙලිකොප්ටර් යානයේ හිටපු භට කණ්ඩායමක් බේරගන්න Mad Dogsලා උත්සාහ දරනවනෙ. එහිදී ඔවුන්ට දිවි බේරාගත් එක සෙබලෙක් හමුවෙනවා. ඊට ටික කාලෙකට පස්සෙ එක්සත් ජනපදයේ ධවල මන්දිරයටත් සොzම්බි ප්‍රහාරයක් එල්ල වෙනවනෙ. ධවල මන්දිරයේ සර්වර් පද්ධතියට එල්ලවුනු සයිබර් ප්‍රහාරයක් ගැන සොයාබලන්න ලියෝන් ධවල මන්දිරයට එන්නෙත් ඒ වෙලාවෙමයි. කොහොම හරි සොzම්බි ප්‍රහාරය සාර්ථකව මැඩ පවත්වන්න ලියෝන්, ජේසන් ඇතුළු කණ්ඩායමට පුළුවන් වුනානෙ. මේ ඔක්කොම චීන්නුන්ගෙ වැඩ කියලා ජනාධිපතිතුමාට ඒත්තු ගන්නපු විල්සන්ට ඒ ගැන හොයන්න කියලා ජේසන් ඇතුළු කණ්ඩායමක් සබ්මැරීන් එකක නංවලා චීනෙට යවන්නත් පුළුවන් වුනා. අර ඊට කලින් පෙනැම්ස්ථානෙදි ත්‍රස්තවාදීන්ට අහුවෙලා මැරුණු ඇමරිකානු භටයන් සොzම්බි බවට පත්වෙලා එතන හිටපු ත්‍රස්තවාදීන්ව හපා කන්න පටන්ගන්නවත් අපි දැක්කනෙ.

දෙවැනි කොටසෙදි ක්ලෙයර් Mad Dogsලා ගැනයි විල්සන් ගැනයි තොරතුරු හොයන්න උත්සාහ දරනවනෙ. කලින් කොටසෙදි පෙන්නපු Mad Dogsලට පෙනැම්ස්ථානෙදි ෂෙන් මේව හමුවෙනවා කියලත් අපි දැන් දන්නවා. ඒ ෂෙන් මේ තමයි ලියෝන්, ජේසන් ඇතුළු කණ්ඩායමක් එක්ක සබ්මැරීන් එකක නැගලා චීනෙට යන්නෙත්. කොහොම හරි ඒ සබ්මැරීන් එකටත් සොzම්බි ප්‍රහාරයක් එල්ල වුනා කියල අපි හිතුවට ඇත්තටම ඒක ජේසනුයි ෂෙන් මේයි හිතාමතාම කරපු දෙයක් කියල අපි දැනගන්නෙ පස්සෙ. සබ්මැරීන් එක පුපුරලා විනාශ වුනත් ලියෝනුයි, ජේසනුයි ෂෙන් මේයි කොහොම හරි ඒකෙන් බේරිලා ෂැංහයිවලට එනවා. ෂැංහයිවල ආරක්ෂක නිවස්නයෙදි සිද්ධ වෙච්ච වෙඩි හුවමාරුවෙදි ජේසන්ට වෙඩි වදිනවා ෂෙන් මේ පැනලා යනවා.

අද එතැන් සිට…..

මගේ මේ උපසිරැසියත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක උපසිරැසියක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් තබාගන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,834 downloadsDownload Resident-Evil-Infinite-Darkness-S01-E03-E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

2,834 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. ishan

    උපසිරසියට බොහොම ස්තූතියි මචන්

  5. Hari

    ගොඩාක් ස්තූතී.. ජය වේවා.!!!!

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. නිසල් මතීෂ

    මට හිතාගන්න බෑ අයියේ කොහොම ස්තූති කරන්නද කියලා

    Thank u Thank u So Much!
    ජයෙන් ජය කොම්ලෝ!

  8. kavinda gamage

    බොහොම ස්තුතියි මේක පොඩි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් බලපු කතා සෙට් එකක් .

  9. Nilush Angana

    Sub ekata thanx

  10. Udara Damith

    rrrewr

  11. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P