මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ හත්වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම්. ඒ වගේම හයවෙනි කොටස දිගහැරුනේ සති හයකට පෙර කතාවක් පෙන්නන විදිහට, ඊටපස්සේ ආයෙත් වර්තමානෙට ඇවිත් ආයෙත් අතීතෙට යන විදිහටයි. ඒවගේම මං පලවෙනි කොටසේදී කිවුවා වගේ හැම කොටසකම වගේ ලිංග…

මේ ඔයාලා එකතුවෙන්නේ Normal People කතාමාලාවේ හත්වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම්. ඒ වගේම හයවෙනි කොටස දිගහැරුනේ සති හයකට පෙර කතාවක් පෙන්නන විදිහට, ඊටපස්සේ ආයෙත් වර්තමානෙට ඇවිත් ආයෙත් අතීතෙට යන විදිහටයි. ඒවගේම මං පලවෙනි කොටසේදී කිවුවා වගේ හැම කොටසකම වගේ ලිංගික දර්ශන ඇතුලත් වෙනවා. ඒ ගැනත් මතකේ තියාගෙනම බලන්න.
මැරියන් රෑ කෑමක් වෙනුවෙන් තමන්ගේ අම්මලාව හම්බෙන්න ගියානේ. නමුත් කතාව අවසානෙදි අයියත් එක්ක කතාවකට ගිහින් පුරුදු පරිදි හිතරිද්දගන්න තමයි මැරියන්ට සිද්දවුනේ. ඒවගේම කොනල්ට තමන්ගේ රස්සාවත් නැතිවෙනවා. නමුත් කොනල් කැමති නෑ ඒ ගැන මැරියන්ට කියන්නවත්, එයාගේ ගෙදර නවතින්න අහන්නවත්. ඒවගේම ජේමි කියන පොර මැරියන්ට ඇහැ දාගෙන ඉන්නවා දකින්න ඇති, කොටින්ම මිනිහා නිසා මේ දෙන්නා අතර පුංචි රණ්ඩුවක් පවා ඇතිවුනා. අවසානෙදි ජේමි මැරියන්ගෙන් අහනවා කොනලවා ඔයාට ගැලපෙනවද කියල. ඉතින් එතන ඉඳන් තමයි අද කතාව යන්නේ.
කොහොමහරි කොනල් ආපහු ස්ලය්ගෝ වලට ගියාට පස්සේ ජේමි තමන්ගේ අරමුණ ඉෂ්ටකරගන්නවා. ඒ කිවුවේ මැරියන් ව සෙට් කරගන්නවා. නමුත් මෙතන ලොකු ගැටළුවක් තියෙනවා. ජේමි කියන්නේ ටිකක් වෙනස් කෙනෙක්. ඒවගේම ඔහුගේ ලිංගික ආශාවල් පවා ටිකක් අමුතුයි. මැරියන්ට මේක දරාගන්න බැරිව කොනල් එක්ක කියනවා. නමුත් මේ අවස්ථාවේදී කොනල්ට ඒ වෙනුවෙන් කරන්න දෙයක් නෑ, මොකද ඔහුටත් අලුතෙන් පෙම්වතියක් ඉන්නවා. ඉතින් එතන ඉඳන් කතාව ඔයාලා අද කොටසින් බලන්න, ඒවගේම යන ගමන් මෙතෙන් කතාව ගැන පොඩි කමෙන්ට් එකකුත් දාගෙනම යන්න, අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න.
මීළඟ කොටසින් හමුවෙමු,
බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,840 downloadsDownload Normal-People-2025-S01-E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
5 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rajitha
Thanks....jayawewa....!
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ