Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles පුරා දවස් 5ක් තිස්සේ බලාගෙන ආපු Saas Bahu Achaar Pvt. Ltd. කියන සොඳුරු කතාමාලාවේ අවසන් කොටස නොහොත් 6වෙනි කොටස අරගෙනයි මේ ඇවිල්ලා තියෙන්නේ. TVF විසින් බිහි කරපු Zee5 ඔස්සේ විකාශනය වෙච්ච මේ නිර්මාණය TVF අනිත් නිර්මාණවලට සාපේක්ෂව අඩු අවධානයක් ලබාගත්තු වැඩක්…

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles පුරා දවස් 5ක් තිස්සේ බලාගෙන ආපු Saas Bahu Achaar Pvt. Ltd. කියන සොඳුරු කතාමාලාවේ අවසන් කොටස නොහොත් 6වෙනි කොටස අරගෙනයි මේ ඇවිල්ලා තියෙන්නේ. TVF විසින් බිහි කරපු Zee5 ඔස්සේ විකාශනය වෙච්ච මේ නිර්මාණය TVF අනිත් නිර්මාණවලට සාපේක්ෂව අඩු අවධානයක් ලබාගත්තු වැඩක්. නමුත් බලපු බහුතර දෙනෙක් උපරිමයෙන්ම වින්ද නිර්මාණයක්. මොකද කිව්වොත්,  TVF වැඩක් කළොත් කරන්නේ ප්‍රේක්ෂකයන්ගේ හදවත අරක් ගන්න බලාගෙනමයි. ඉතින් මේ කතාමාලාව අධ්‍යක්ෂණය කළේ Apoorv Singh Karki විසින්. රංගනයෙන්: Amruta Subhash සුමන් ලෙසටත්, Anjana Sukhani මනීෂා ලෙසටත්, Yamini Das ආදරණීය නැන්දම්මා විදිහටත් එකතු වෙනවා. මේ කතාමාලාවේ හැම චරිතයක්ම ගත්තම විශේෂය වෙන්නේ සාමාන්‍යයෙන් අපි කළු කියලා වර්ග කරන චරිතවලට පවා මෙතනදි කිසිම විදිහකින් වෛර කරන්නවත් හිතෙන්නැති එකයි. ඒ තරමට ආදරණීය විදිහට ඒ චරිත පවා ඉදිරිපත් කරලා තියෙනවා.  එහෙනම් කොටස් 6ක් තිස්සෙ කරගෙන ආපු මේ රසවත් හමුවීමත් අවසානයකට ගෙනියන්නයි හදන්නේ. නරඹන්න හිතෙන කාටත් ඒ අවස්ථාවට අවකාශය දෙන ගමන් අපි සමුගන්නවා. සුමන්ගේ ජීවිත අරගලයේ “මේ අදියර” මේ විදිහට අවසන් වෙනවා, ඒ අවසානය සටහන් වෙන්නේ අපේ ජීවිතයටත් තේමා ගීතයක් විදිහට ඈද ගන්න පුළුවන් Nilotpal Bora විසින් නිමවුණු හරි අපූරු ගීතයක් එක්කමයි. පුළුවන් නම් රස විඳින්න. ඔබට ජයවේවා!! Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

293 downloadsDownload Saas-Bahu-Achaar-Pvt.-Ltd.-S01E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Saas Bahu Achaar Pvt. Ltd. Sinhala Subtitles

 

 

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

293 downloadsDownload Subtitles18 KB

3 comments

  1. nimesh

    මේකට මහන්සි වෙලා සබ් ගෙනාවට බොහෝම ස්තූතියි මචෝ.. යූ ටියුබ් එකේ වීඩියෝ දැකල තිබුණට බලන්න වුණේ නෑ සබ් එකක් තිබුණේ නැති නිසා.. ගෙදර අයත් එක්කම බැලුවේ.. ටොප් එකට සබ් එකත් තිබුණ එක දිගට බැලුවා උඹට පින් සිද්ධ වෙන්න..

  2. Anonymous

    bhoma sthuthiyi

  3. mash

    bohoma sthuthiyi