Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්. 1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශ…

ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්. 1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශාලම චංචාව සිද්ධ වෙනවා.
මේ කතාවේ කතා නායකයා හර්ෂාද් මෙහෙතා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්, විශ්ව විද්‍යාල උපාධිදාරියෙක්, ඒත් ඉගෙන ගන්න කැමැත්තක තිබ්බ කෙනෙක් නෙමේ. Share Market එකෙන් ගොඩ ආපූ කෙනෙක්. ඔයාලා The Wolf of Wall Street බලලා තියෙනවා නම් ඒකේ මුල් සිදුවීම්වලයි මේකෙයි ලොකු වෙනසක් නෑ. මෙහෙම ගමන පටන් අවුරුදු 10 යන්න කලින් හර්ෂාද් 1992 දී ඉන්දියාවේ ඉහළම බදු ගෙවන්නා වෙනවා. ඒකාලෙදි එයාගේ වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4000ක්,උද්ධමනයත් එක්ක බැලුවොත් දැන් වෙද්දී කෝටි 20000ට වැඩියි. ඉතින් මොකද්ද මේ වෙච්ච වංචාව? කොච්චර ගාණක්ද? ඒක නම් කියන්න පුලුවන් තරමේ සරල දෙයක් නෙමේ. ටිකක් සංකීර්ණයි. ඒක බලලාම තමා දැන ගන්න වෙන්නේ. අනික මේක තනි පුද්ගලයෙකුට විතරක් කරන්න පුලුවන් තරමේ වංචාවකුත් නෙමේ.
Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitlesමේ කතාව ආකාර 2කින් ඉන්දියාවේ පෙරළියක් කරපු කතාවක්. පළවෙනි එක මන් කියපු විදිහටම ඉන්දියාවේ ලොකුම මූල්‍ය වංචාව දෙවනි එක තමා මේ Series එක Release වෙන්නේ 2020 අවුරුද්දේ. ඒත් තවමත් ඉන්දියානූ ටෙලි සීරිස් එකකට හම්බ වුණ වැඩිම IMDb ratings තියෙන්නේ මේ කතාවට අවුරුදු 2ක් ගත වුණත්. IMDb පරිශීලකයන් 150,000කට ආසන්න මනාප වලින් 9.3 ක IMDb Rating Point එකක් තියාගෙන ඉන්නවා . මේ කතාව ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නෑ මන් දන්න විදිහට. ඒත් මේකේ Intro Music එක නම් ඔයාලා ගොඩක් දෙනෙක් කොහේ දි හරි අහලා ඇති.
නවවෙනි කොටසින්…
හර්ෂාද් මෙහෙතාට හිරේ ගිහාම මුහුණ දෙන්න වෙන කරදර වලින් නම් අඩුවක් නෑ. එක නඩුවකින් නිදහස් වුණත් තවත් චෝදනාවක උසාවියෙන් එළියට අඩියක් තියද්දීම අත්තඩංගුවට ගන්නවා. ඒ අතර දිල්ලිවල ඉන්න මහ මොළකාරයන්ගේ කීමට තමා මේ විමර්ශනය කරගෙන යන්නේ.හර්ෂද්ට මේ තරම් වංචාවක් තනියෙම කරන්න බැරි බව සියලුම දෙනා දන්නවා. ඒත් ඉහළ නිළධාරීන්ගේ තියෙන බලයත් එක්ක, ආණ්ඩුවේ ප්‍රධාන නායකයන්ගේ නම් මේ වංචාවට ඇදලා නොගන්න උත්සහ කරනවා. අවසානයේදී හර්ෂාද්ට පක්ෂව හිටිය ආණ්ඩුවේ බලවත් කට්ටිය කවුරුවත් නැතුව යනවා. ඉතින් හර්ෂාද් තීරණය කරනවා රජයට දීපු සියලුම අල්ලස් ගැන ප්‍රසිද්ධියට පත් කරන්න. ආණ්ඩුවේ ඉහළම කෙනෙක් ගැන තොරතුරු හෙළි කරන්න. ඒ කවුරුන් වෙයිද?
මෙච්චර කාලයක් කට්ටිය මේ වංචාවට කිව්වේ ” හර්ෂාද් මෙහෙතාගේ වංචාව” කියලා, මෙතැන ඉදන් ඒකේ නම වෙනස් වෙනවා. Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,054 downloadsDownload Scam-1992-The-Harshad-Mehta-Story-E09-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නදුන් පියුමන්ත
Subtitles
- #2020
- #Aakanksha Gade
- #Anant Mahadevan
- #Anjali Barot
- #Brinda Trivedi
- #Chirag Vohra
- #Faisal Rashid
- #Hansal Mehta
- #Harshad Mehta Story
- #Hemant Kher
- #Himanshu Kohli
- #Jai Mehta
- #Jay Upadhyay
- #K.K. Raina
- #Kavin Dave
- #Kumkum Das
- #MaxxA
- #Nikhil Dwivedi
- #Paresh Ganatra
- #Pratik Gandhi
- #Raghav Raj Kakker
- #Scam 1992
- #Scam 1992: The Harshad Mehta Story
- #Scam 1992: The Harshad Mehta Story Sinhala Sub
- #Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
- #Shreya Dhanwanthary
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #Varun Kulkarni
- #උපසිරැසි
- #නදුන් පියුමන්ත
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
Sahan Gayantha
ස්තූතියි සහෝ උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතියි නදුන් සහෝ උපසිරැසියට