Secret Level Season 01 Sinhala Subtitles යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතා…

යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතාංගවල තියෙන අමුතු රසට ඔයත් ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා. අනික ඒ කතාමාලාව Anthology එහෙමත් නැත්තම් ඒකාංගික කතා කොටස් වලින් සමවිත නිසා නරඹන්නත් හරිම පහසුයි. ඉතිං මම අද අරගෙන ආවේ අන්න ඒ වගේම සුපිරි කතාමාලාවක් කියලා මුලින්ම දැනුම් දෙන්න ඕන. ඔයාලා දැනටමත් මේ කතා මාලාව ගැන දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි විස්තරයක් කියලම සීරිස් එක පැත්තට යමු.
Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.

Secret Level කතාමාලාව ප්‍රවර්ධනය කිරීමට යොදාගත් Keanu Reevesගේ රුව සහිත පෝස්ටරය
මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා. අද ඉඳන් මේ කතාමාලාවේ කොටස් 3 ගානේ මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අද කතාංග තුනේ විස්තර බලලා ඉමු.
07. Crossfire: Good Conflict – හැමෝම නරක මිනිස්සු නෙමෙයි
මේ කතාංගයේදී සන්නද්ධ භට කණ්ඩායම් දෙකක් වෙනස් අරමුණු සහිත එකම මෙහෙයුමක යෙදෙන අයුරු අපිට බලාගන්න පුළුවන්. එක කණ්ඩායමක් යම් වටින දෙයක් සහිත බ්‍රීෆ්කේස් එකක් සිවිල් වැසියෙකුගේ ඉල්ලීම මත ආරක්ෂා කරන අතර අනෙක් කණ්ඩායම කෙසේ හෝ මේ බ්‍රීෆ් කේස් එක අත්පත් කරගැනීමට උත්සහ කරයි. එකකට එකක් නොදෙවෙනි වෙන මේ කණ්ඩායම් දෙකේ හොඳ අය කවුද? නරක අය කවුද කියලා ඔයාලම බලාගන්න.
හඬ කැවීමේ ශිල්පීන්: Ricky Whittle, Claudia Doumit, Samuel Roukin, Jessica Camacho
08. Armored Core: Asset Management – අවසන් නියමුවා
ජෝන් වික් නොහොත් Keanu Reeves රංගනයෙන් දායක වන මේ කතාංගයෙන් කලකට පෙර අති දක්ෂ නියමුවෙක් සහ වර්තමානයේ කමකට නැති බේබදු මිනිසෙකුගේ මානසික තත්වය විදහාපායි. AI යන්ත්‍රයක් තම සහයකයා ලෙස තබාගෙන කුලී මැර වැඩ සිදුකරන මොහුගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද?
හඬ කැවීමේ ශිල්පීන්: Keanu Reeves, Erin Yvette, Temuera Morrison
09. The Outer Worlds: The Company We Keep – සමාගම වෙනුවෙන් ඕන දෙයක්
ඒමෝස් කියන්නේ බැක්වෝටර් කියන ග්‍රහලෝකයේ ඉන්නේ අනාථ කොල්ලෙක්. මෙයාගේ හොඳම යාළුවා උනේ ෆෙලිසිටි කියන තවත් අනාථ කෙල්ලෙක්. ඒමෝස්, ෆෙලිසිටිට ආදරෙන් හිටියට කෙල්ලට ඕන උනේ මේ ග්‍රහලෝකෙන් ගිහින් හොඳ තැනක ජීවත් වෙන්න. ඒ වගේම ෆෙලිසිටි ඒක කරලම පෙන්නුවා. ඉතිං කාලෙකට පස්සේ ඒමෝසුත් ෆෙලිසිටි ඉන්න තැනට යන්නයි සූදානම. ඒ වෙනුවෙන් එයාට කොච්චර දේවල් කැප කරන්න වෙයිද?
හඬ කැවීමේ ශිල්පීන්: Brenock O’Connor , Raffey Cassidy, Fenella Woolgar
එහෙනම් සුපුරුදු විදියට තවත් කොටස් තුනක් අරගෙන එන්නම්. ඒ වගේම මට මේ කතාමාලව මට කරන්න බාර දුන්න අපේ සනූප රන්මෙත් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් ඔයාලා උපසිරසිය අරගෙන ප්‍රතිචාරයකුත් එකතු කරගෙනම යන්න. ඊලඟ කොටස් තුලින් නැවත හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,712 downloadsDownload Secret-Level-S01-E07-E08-E09-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Secret Level Season 01 Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Arnold Schwarzenegger
- #Carlo Rota
- #Delroy Atkinson
- #Editor's Pick
- #Gabriel Luna
- #Laura Wohlwend
- #Lydia Look
- #Madeleine Knight
- #MaxxA
- #Noah Manzoor
- #Parry Shen
- #Paul Ridley
- #Rita Estevanovich
- #Secret Level
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #Umulisa Gahiga
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Anonymous
marsh
ko solo levleling
Buddhika laKMal
ස්තූතියි යුරාන් සහෝ සබට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



♥️♥️