Secret Level Season 01 Sinhala Subtitles යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතා…

යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතාංගවල තියෙන අමුතු රසට ඔයත් ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා. අනික ඒ කතාමාලාව Anthology එහෙමත් නැත්තම් ඒකාංගික කතා කොටස් වලින් සමවිත නිසා නරඹන්නත් හරිම පහසුයි. ඉතිං මම අද අරගෙන ආවේ අන්න ඒ වගේම සුපිරි කතාමාලාවක් කියලා මුලින්ම දැනුම් දෙන්න ඕන. ඔයාලා දැනටමත් මේ කතා මාලාව ගැන දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි විස්තරයක් කියලම සීරිස් එක පැත්තට යමු.
Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.
Secret Level කතාමාලාව ප්‍රවර්ධනය කිරීමට යොදාගත් Keanu Reevesගේ රුව සහිත පෝස්ටරය
මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා. අද ඉඳන් මේ කතාමාලාවේ කොටස් 3 ගානේ මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අද කතාංග තුනේ විස්තර බලලා ඉමු.
04. Unreal Tournament: Xan – යන්ත්‍ර පරිණාමය
1999දී එපික් ගේම්ස් නිර්මාණය කරපු Unreal Tournament ගේම් එක ආභාෂයෙන් නිර්මාණය උන මේ කතාව අධ්‍යක්ෂනය කරන්නේ Frank Balson විසින්. ලියාන්ඩ්‍රි සමාගම කියන්නේ LBX 7683 නම් ග්‍රාහකයේ පිහිටලා තියෙන පතල් සමාගමක්. ඔවුන් මේකේ පතල් කම්කරුවෝ විදියට වැඩ කරන්නේ රොබෝ යන්ත්‍ර. ඔවුන්ව පාලනය කරන්න මිනිස් ආරක්ෂකයන් හිටියත් එයාලා මේ යන්ත්‍ර වලට සලකන්නේ සිත්පිත් නැති දරුණු විදියටයි. ඇත්තටම යන්ත්‍ර වලට හැඟීම් නැද්ද? ඔවුන් කවදාහරි අසාධාරණයට විරුද්ධව කැරළි ගැහුවොත් මනුෂ්‍යයෝ විදියට අපි කොහොම මුහුණ දෙයිද?
හඬ කැවීමේ ශිල්පීන්: Elodie Yung, Gideon Emery, Chris Payne Gilbert, Mitch Eakins
05. Warhammer 40,000: And They Shall Know No Fear – කිසිදා බිය නොහඳුනන ළමයා
මෙහෙයුමකට පිටත් වන අභ්‍යාවකාශ මැරීන් භට පිරිසකට නොසිතූ ලෙස බලවත් ඉන්ද්‍රජාලිකයෙකුගේ මායාවන්ට මුහුණ දීමට සිදුවේ. කණ්ඩායමේ සියල්ල තම මනස සමඟ ගැටෙද්දි බිය නොහඳුනන සොල්දාදුවාට තම් වගකීම් ඉටුකිරීමට හැකි වේද?
හඬ කැවීමේ ශිල්පීන්: Adewale Akinnuoye-Agbaje, Clive Standen, Mark Sheppard
06. PAC-MAN: Circle – බිහිසුණු වංකගිරිය
ලොකු පොඩි කවුරුත් සෙල්ලම් කරන ලොව පුරා අතිශය ජනප්‍රිය ගේම් එකක් විදියට පැක් මෑන් හඳුන්වන්න පුළුවන්. ඔයාලා මේ ගේම් එක සෙල්ලම් කරානම් දන්නවා ඇති ගේම් එක ඇතුලේ අපිට කරන්න තියෙනේ පැක්මෑන්ව වංකගිරියක මෙහෙයවන බව. ඇත්තටම මේ වංකගිරිය අවසානයේ මොනවද තියෙන්නේ? ඇත්තටම ඒකේ අවසානයක් තියෙනවද?
හඬ කැවීමේ ශිල්පීන්: Emily Swallow, Aleks Le as Swordsman
අනිවාර්යෙන්ම තවත් කොටස් තුනක් අරන් එන බවට පොරොන්දුවෙමින් අදට මම සමුගන්නවා. ඒ වගේම මට මේ කතාමාලව මට කරන්න බාර දුන්න අපේ සනූප රන්මෙත් මල්ලිට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් ඔයාලා උපසිරසිය අරගෙන ප්‍රතිචාරයකුත් එකතු කරගෙනම යන්න. ඊලඟ කොටස් තුලින් නැවත හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,557 downloadsDownload Secret-Level-S01-E04-E05-E06-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Secret Level Season 01 Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Arnold Schwarzenegger
- #Carlo Rota
- #Delroy Atkinson
- #Editor's Pick
- #Gabriel Luna
- #Laura Wohlwend
- #Lydia Look
- #Madeleine Knight
- #MaxxA
- #Noah Manzoor
- #Parry Shen
- #Paul Ridley
- #Rita Estevanovich
- #Secret Level
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #Umulisa Gahiga
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Dasun Lakruwan
Buddhika laKMal
තෑන්ක්ස් මචං උපසිරැසියට
marsh
solo leveling dannako please
Buddhika laKMal
ස්තූතියි මචං උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



පලවෙනි ටික ආසාවෙන් බැලුවා..දැන් මේ ටිකත් බලන්න ඕන