Watch Trailer

Secret Level [S01: E13 & E14 & E15] Sinhala Subtitles | ගේම් එකට සාදරයෙන් පිළිගන්නවා [සිංහල උපසිරසි]

Secret Level Season 01 Sinhala Subtitles යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතා…

Secret Level Season 01 Sinhala Subtitles

යාළුවෝ හැමෝටම ආයූබෝවන් කියලා පිළිගන්නවා, ඔයාලට මතකද ගොඩක් අය ආසාවෙන් නරඹපු කතාමාලාවක් වෙන Love Death and Robots කතා මාලාව. ඔයත් ඒ කතා මාලාවේ රසිකයෙක්ද? එහෙමත් නැත්තම් ඔයා වීඩීයෝ ගේම්ස් ක්‍රීඩා කරන්න ආස කෙනෙක්ද? ඔයා Love Death and Robots කතා රසිකයෙක්නම් ඒ කතාංගවල තියෙන අමුතු රසට ඔයත් ඇබ්බැහිවෙලා ඇති කියලා හිතනවා. අනික ඒ කතාමාලාව Anthology එහෙමත් නැත්තම් ඒකාංගික කතා කොටස් වලින් සමවිත නිසා නරඹන්නත් හරිම පහසුයි. ඉතිං මම අද අරගෙන ආවේ අන්න ඒ වගේම සුපිරි කතාමාලාවක් කියලා මුලින්ම දැනුම් දෙන්න ඕන. ඔයාලා දැනටමත් මේ කතා මාලාව ගැන දන්නවත් ඇති නොදන්න අය වෙනුවෙන් ඒ ගැන පොඩි විස්තරයක් කියලම සීරිස් එක පැත්තට යමු.

Secret Level කියන්නේ ඇමසන් ප්‍රයිම් වීඩියෝ වෙනුවෙන් ටිම් මිලර් මහත්මයා විසින් නිර්මාණය කරපු ඒකාංගික කතා මාලාවක්. මිලර් මහත්මයගේ Blur Studio සහ Amazon MGM Studios ඒකාබද්ධව තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. ඩේව් විල්සන් මහත්මයා මේ කතාමාලාවේ විධායක නිෂ්පාදක සහ අධීක්ෂණ අධ්‍යක්ෂ විදියට කටයුතු කරනවා. විවිධ වීඩියෝ ක්‍රීඩාවල ඇතුලත් වෙන කථා පහළොවක් තමයි මේ කතාමාලාවට පාදක වෙන්නේ. ඒ වගේම මෙහි කොටස්වල හඬ කැවීම්වලට Arnold Schwarzenegger, Patrick Schwarzenegger, Keanu Reeves, Kevin Hart, Laura Bailey, Heaven Hart, Gabriel Luna, Ariana Greenblatt, Adewale Akinnuoye-Agbaje, Michael Beach, Emily Swallow වගේම Claudia Doumit දායක වෙලා තියෙනවා. Amazon විසින් 2024 අගෝස්තු මාසයේදී Gamescom වලදි තමයි සීක්‍රට් ලෙවල් කතාමාලාව ගැන ප්‍රථම වරට අනාවරණය කරන්නේ. මේකේ පළවෙනි කථාංග අට 2024 දෙසැම්බර් 10 දිනත්, ඉතුරු කථාංග හත 2024 දෙසැම්බර් 17 වන දිනත් ලොව පුරා නිකුත් කරන්න කටයුතු කරලා තිබෙනවා.

Secret Level කතාමාලාව ප්‍රවර්ධනය කිරීමට යොදාගත් Keanu Reevesගේ රුව සහිත පෝස්ටරය

මේ වෙද්දි මිශ්‍ර විචාරක පැසසුම් ලැබිලා තියෙන මේ නිර්මාණයට IMDb 7.4ක අගයකුත්, 68%ක රොටන් ටොමෑටො අගයක් සහ 79%ක ගූගල් මනාපත් ලැබිලා තියෙනවා. Anthology, Science fiction, Fantasy, Action, Horror, Black comedy සහ Psychological drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තියෙන මේ නිර්මාණයේ එක කොටසක් මිනිත්තු 8-20 අතර වෙනවා. ඒ වගේම මේ වෙනකොටත් සීක්‍රට් ලෙවල් දෙවන කතාමාලාවක වැඩ කටයුතු ආරම්භ වන බව නිෂ්පාදකවරු සහතික කරලා තියෙන බවත් මතක් කරන්න ඕන. මේ කතාමාලාවේ එක් එක් කොටස් සඳහා ලොව පුරා ජනප්‍රිය වූ විවිධ වීඩීයෝ ගේම්ස් 15ක කතා පාදක කරගෙන තියෙනවා. අද ඉඳන් මේ කතාමාලාවේ කොටස් 3 ගානේ මම ඔයාලට අරගෙන එනවා. එහෙනම් අද කතාංග තුනේ විස්තර බලලා ඉමු.

13. Concord: Tale of the Implacable – නිදහස් මන්දාකිණියක් වෙනුවෙන්

අභ්‍යවකාශයේ සැරිසරන නිදහස් සටන්කාමී කැසඩි සහ ඇයගේ කණ්ඩායමට අපූරු චිප් එකක් හම්බෙනවා. ඒකේ තියෙන්නේ මෙතුවක් කල් හැමෝම මුදල් ගෙවා ගමන් කල අභ්‍යාවකාශ මාර්ග වෙනුවට මන්දාකිණිය පුරා නිදහසේ ගමන් කල හැකි මාර්ග ජාලයක් බව ඔවුන් දැනගන්නවා. ඒ වගේම මේ ගැන දැනගන්න වර්තමානයේ මාර්ග අයිති ආරක්ෂකයන් මේක ලේසියෙන් අරින්නේ නෑ. කැසඩි ඇතුළු කණ්ඩායමට ඔවුන් සමඟ සටන් කරලා දිනන්න හැකි වෙයිද?

හඬ කැවීමේ ශිල්පීන්: Leah Harvey, Laura Bailey, Arthur Lee, Max Rinehart, Dimitri Abold.

14. Honor of Kings: The Way of All Things – සුපිරි නගර පාලක යන්ත්‍රය

Honor of Kings කියන්නේ TiMi ආයතනය විසින් ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වෙනුවෙන් නිපදවපු ගේම් එකක්. යි ෂැන්ග් කියන්නේ චන්හාන්නගරයේ වෙසෙන අනාථ තරුණයෙක්. මේ මුළු නගරයම පාලනය කරන්නේ ටියෑන්ගොන්ග් කියන සුපිරි පරිගණකය විසිනුයි. නමුත් නගරයේ ඕන කෙනෙකුට ඕනම වෙලාවක මේ පරිගනකය එක්ක ඕනෑම සෙල්ලමක් කරලා පරද්දලා නගරයේ පාලනය ලබාගන්න පුළුවන්. නමුත් මේ පරිගණකය එක්ක සෙල්ලම් කරන්න ගිය හැමෝටම අන්තිමේදී පිස්සු හැදිලා තමයි නැවතුනේ. ඉතිං නේ යි ෂැන්ග් තරුණයත් මේ පරිගණකයට අභියෝග කරනවා. ඔහුට මේ සුපිරි පරිගණකය පරාජය කරන්න හැකි වෙයිද?

හඬ කැවීමේ ශිල්පීන්: Nelson Lee, Aleks Le as Yi Xing

15. Playtime: Fulfillment – ගේම් එකට සාදරයෙන් පිළිගන්නවා

විඩීයෝ ගේඩ් චරිත රැසක් එකට දාලා හදපු කතාංගයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ප්‍රසිද්ධ කොමඩි නළු කෙවින් හාට් මේ කොටසට හඬ දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ වගේම God of War ගේම් එකේ ඉන්න ක්‍රාටෝස්වත් ඔයාලට මේකෙදි බලාගන්න පුළුවන්. “ඕ” කියන්නෙ බයිසිකලෙන් ගිහින් ඩිලිවරි කරන කෙල්ලෙක්. දවසක් එයාට අමුත්තෙකුගෙන් අපූරූ පාර්සලයක් ලැබෙනවා. ඉතිං මේ පාර්සලයේ තියෙන දේ පස්සෙන් තවත් කට්ටිය එන නිසා ඕ ලොකු අමාරුවක වැටෙනවා. ඉතිං ඕට ඩිලිවරි එක වෙලාවට කරගන්න පුළුවන් වෙයිද?

හඬ කැවීමේ ශිල්පීන්: Heaven Hart, Kevin Hart, Jonny Cruz, Christopher Judge

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේ මගේ කොටස අහවරයි. කතාමාලාව පුරාම රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මට මේ කතාමාලව මට කරන්න බාර දුන්න අපේ සනූප රන්මෙත් මල්ලිටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් සුපුරුදු විදියටම කියන්න තියෙන්නේ ඔයාලා උපසිරසිය අරගෙන ප්‍රතිචාරයකුත් එකතු කරගෙනම යන්න කියලා තමයි. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජයවේවා!!!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,511 downloadsDownload Secret-Level-S01-E13-E14-E15-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Secret Level Season 01 Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,511 downloadsDownload Subtitles25 KB

5 comments

  1. Kasun

    Dune Prophecy 2024 series ekata sub dennako bro ❤️

  2. Dasun Lakruwan

    Bohoma sthuthiy..kathawa ikmanin iwara kara...e wagema sub walath quality eka hodatama thibba..asawen baluwa..oya wage ikmanin dena aya inna nisa tv series ikmanin balanna puluwan කුතුහලය ekkama..ayeth thanks a lot..

  3. Buddhika laKMal

    තෑන්ක්ස් මචෝ උපසිරැසියට

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  5. Sandaru Nimsara

    Thanks bro❤️