Watch Trailer

Your Friendly Neighborhood Spider-Man [S01 : E01] Sinhala Subtitles | ඔබේ හිතමිතුරු අසල්වැසි ස්පයිඩර්-මෑන්! [සිංහල උපසිරසි]

Your Friendly Neighborhood Spider-Man [S01 : E01] Sinhala Subtitles මාසයකට විතර පස්සේ Marvel රසිකයන්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා! මේ උපසිරසි අරගෙන ආවේ Marvel Animation සබ්ඩිවිෂන් එකෙන් අද (29) නිකුත් කරපු අලුත්ම සීරිස් එක වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකටයි. ඉති…

Your Friendly Neighborhood Spider-Man Sinhala Subtitles

මාසයකට විතර පස්සේ Marvel රසිකයන්ව නැවතත් සාදරයෙන් පිළිගන්නවා! මේ උපසිරසි අරගෙන ආවේ Marvel Animation සබ්ඩිවිෂන් එකෙන් අද (29) නිකුත් කරපු අලුත්ම සීරිස් එක වන Your Friendly Neighborhood Spider-Man කතා මාලාවේ පළවෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේක තමයි Marvel Animation යටතේ නිකුත් වෙන දෙවෙනි කතා මාලාව. පළවෙනි එක What If…? නේ. කොමික් පැත්තට බර, 2D/3D සම්මිශ්‍රණය කරපු, What If…? එකට වඩා වෙනස්ම ඇනිමේෂන් ස්ටයිල් එකක් අපට මේකෙන් බලාගන්න පුළුවන්.

මේ සීරිස් එක නම් 2021 අවුරුද්දේ announce කරපු දවසේ ඉඳන්ම මම එනකන් බලාගෙන හිටපු සීරිස් එකක්. මුලින්ම මේක announce කළේ “Spider-Man: Freshman Year” කියන නමිනුයි. වැඩි කාලයක් යන්න කලින් මේකේ දෙවෙනි සීසන් එක වන “Spider-Man: Sophomore Year” කතා මාලාවත් announce කළා. මුලින්ම මේ කතා මාලාවේ අරමුණ වෙලා තිබුණේ Captain America: Civil War චිත්‍රපටියෙන් අපට පළමු වරට දකින්න ලැබුණු MCU Spider-Man ගේ origin එක, එහෙමත් නැත්නම් අතීත කතාව පෙන්නන එක. ඒත් පස්සේ මේක alternate universe එකක කතාවක් බවට වෙනස් කළා. ඒත් එක්කම නමත් “Your Friendly Neighborhood Spider-Man” විදියට වෙනස් කළා.

ඒවගේම කියන්න ඕනේ රිලීස් වෙන්නත් කලින්ම මේක තුන්වෙනි කතා සමයකටත් දීර්ඝ කරල තියෙන බව. Marvel එකට මේක ගැන confidence එකක් තියෙනවා වගේ. අද එපිසෝඩ් දෙකක් නිකුත් වුණා. මාත් තාම බැලුවේ පළවෙනි එපිසෝඩ් එක විතරයි. දැනට දකින්න ලැබුණු දේවල් අනුව නම් යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් සීරිස් එකක් වගේ. Intro එක නම් සුපිරීයක් .

එහෙනම්, දෙවෙනි එපිසෝඩ් එකත් ඉක්මනින්ම අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. පීස් ✌️.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,941 downloadsDownload Your-Friendly-Neighborhood-Spider-Man-S01-E01-Sinhala-Subtitles.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,941 downloadsDownload Subtitles18 KB

3 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. යුරාන් ධනුක (දනුවා)

    සුපුරුදු විදියටම වෙඩි වගේ සබ දීලා
    බොහෝම ස්තූතියි මල්ලි.

  3. Nimesh Darshana

    Thanks bro!