Serial Experiments Lain [S01 : E01 & E02] Sinhala Subtitles ස්වර්ණමය ඇනිමෙ යුගයේ දෙවන දිගහැරුම එක්ක ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල වෙනද වගේම පිළිගන්නවා. පළවෙනි දිගහැරුම විදිහට Neon Genesis Evangelion (1997) සීරීස් එක සම්පූර්ණයෙන්ම මම අරන් ආවා ඔයාට මතක ඇති. ඉතින් මේ ස්වර්ණමය ඇනිමෙ යුගයේ එහෙම නැ…
Serial Experiments Lain Sinhala Subtitles
ස්වර්ණමය ඇනිමෙ යුගයේ දෙවන දිගහැරුම එක්ක ඇනිමෙ රසිකයො හැමෝවම කොන්නිචිවා කියල වෙනද වගේම පිළිගන්නවා. පළවෙනි දිගහැරුම විදිහට Neon Genesis Evangelion (1997) සීරීස් එක සම්පූර්ණයෙන්ම මම අරන් ආවා ඔයාට මතක ඇති. ඉතින් මේ ස්වර්ණමය ඇනිමෙ යුගයේ එහෙම නැත්නම් Anime Golden Era එකේ ඇනිමෙ රාශිය අතරින් දිග ඇනිමෙ එකක් ගේන එක ටිකක් ප්‍රමාද කරලා කොටස් ගණනින් අඩු ඇනිමෙ ටික සිංහල උපසිරැසි ගන්වලා මුලින්ම ඉවරයක් කිරීමේ අදහසින්, මේ විදිහට මේ ඇනිමෙ එක ඔයාලගෙ ඇනිමෙ ෆැන්ටසියට අරන් එනවා.
මේ කතාව සමහරවිට ඔබ නරඹලත් ඇති. මේක ඇවිල්ලා නිකන් අද කාලෙ ගැන ඒ කාලෙ ඉඳන් පේන බලල හදපු කතාවක් කියල හඳුන්වන්නයි මම කැමති. ඒ මොකද කියල කතාවේ අවසාන හරියෙදි ඔයාට පැහැදිලි වේවි. මේක 90 දශකයේ නිර්මාණයක් වුනත් ඒක වඩාත් ගැලපෙන්නේ අද කාලයට බව ඔයාට තේරුම් යාවි. හැබැයි බොහෝ දෙනා කතාව නරඹලා නැතුව ඇති කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද මේ කතාව ගැන කතා වෙනවා දකින්න ලැබෙන්නෙ නැති තරම්. කොටින්ම 90 දශකයේ ඇනිමෙ ගැන කතා කරන එක මේ වෙද්දි හරිම දුර්ලභ දෙයක් වෙලා ඉවරයිනෙ. ඉතින් ඒ පරණ ඇනිමෙ අර විදිහටම වැළලිලා යන්න නොදී ආපහු උඩට මතු කරගන්න එක තමයි අපේ භාෂාවෙන් කිව්වොත් මේ විදිහට හද්දා පරණ ඇනිමෙ එකකට සිංහල උපසිරැසි ගෙන ඒමේ මගේ අරමුණ වෙන්නෙ. මේ ඇනිමෙ animation අතින් music අතින් පරණ වෙන්න පුලුවන්, ඒත් story අතින් නම් අදටත් කිසිම live action එකකටවත් මේවත් එක්ක හැරෙන්නවත් බැරි මට්ටමේ ඒවා. ඉතින් ඒ විදිහට මේ අරන් ආවේ Psychological පැත්තට බර කතාවක්. ඔයාල දන්නවා Psychological Theme එකේ ඇනිමෙ කියන්නෙ කොතනදි වුනත් කුතුහලය අරන් එන ගමන් අන්තිමට හිතන්න ප්‍රශ්න ඉතුරු කරන ජාතියෙ කතා විශේෂයක් බව. එහෙනම් අපි ටිකෙන් ටික හැරෙමු මේ ඇනිමෙ එක මොකක්ද කියල බලන්න.

1998 වසරේ නිකුත් වුනු මේ Serial Experiments Lain ඇනිමෙ සීරීස් එක Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනා වගේම Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense කියන Genre වලට අයත් වෙනවා. IMDB දර්ශකයේ 8.1 ක අගයක් සමඟින් MyAnimeList දර්ශකයේ 8.09 ක අගයක් ලබා ගනිමින් මේ වන විට Top Anime අතර 492 වන ස්ථානයේ රැඳෙන්නට සමත් වෙනවා. Original story එකකට අනුව මිනිත්තු 23 බැගින් වූ කොටස් 13 ක් පුරාවට දිවෙන මේ කතාවේ animation production එක Triangle Staff ස්ටූඩියෝ එක සිද්ධ කරල තියෙනවා. ඒ වගේම මේ කතාව R – 17+ (violence & profanity) යටතේ Rate වෙලා තියෙනවා. Opening Theme එක වෙන “Duvet” ගීතය BOA කණ්ඩායම විසින් ගායනා කරද්දි Ending Theme එක වෙන “Tooi Sakebi” ගීතය Reichi Nakaido විසින් ගායනා කරනවා. ඒ වගේම 1998 වසරෙදි Japan Media Arts Festival හිදී විශිෂ්ටතා ත්‍යාගය ලබාගන්න මේ Serial Experiments Lain සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇනිමෙ එක ඇසුරෙන් 1998 අවුරුද්දෙදි වීඩියෝ ක්‍රීඩාවකුත් නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ඇනිමෙ සීරීස් එක නිකුත් වුනායින් පස්සෙ Yoshitoshi Abe විසින් පිටු 18 කින් සමන්විත Serial Experiments Lain: The Nightmare of Fabrication නමින් One Shot Manga එකක් නිකුත් කරනවා. මේ Manga එක ඇනිමෙ සීරීස් එක හෝ වීඩියෝ ක්‍රීඩාව එක්ක සම්බන්ධ නොවෙන Bonus Story එකක් තමයි අරන් එන්නේ.

Serial Experiments Lain වීඩියෝ ක්‍රීඩාව

Serial Experiments Lain: The Nightmare of Fabrication මන්ගාව
මේ කතාව ඇරඹෙන්නේ “යොමොදා චිසා” කියන එක්තරා කනිෂ්ඨ පාසල් ගැහැනු ළමයෙක්ගෙ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් එක්කයි. ඔන්න ඉතින් පටන් ගත්තු ගමන් තියෙන්නෙ suicide එකක්. මැරුනට පස්සෙ මෙයාගෙම වයසේ යාළුවො කිහිපදෙනෙක්ට මෙයාගෙන් ඊ මේල් එකක් එනවා. හැබැයි හැමෝම හිතන්නෙ ඒක කාගෙ හරි විහිළුවක් කියලයි. ඒ ඊ මේල් එකක් මේ කතාවේ කතා නායිකාව වෙන “ඉවකුරා ලෙයින්” ටත් එනවා. වැඩිය තාක්ෂණික පැත්තට දක්ෂ නැති ලෙයින්ට ඒක එන්නෙත් හරිම අමුතු ක්‍රමයක් හරහායි. ඒ ක්‍රමේ මොකක්ද කියල මම මෙතනදි කියන්නෙ නෑ. ඒ ඊ මේල් එකෙන් මැරුණු ගැහැණු ළමයා කියන්නෙ “මං මගේ ශරීරය විතරක් අත් ඇරියා. මට ඒක හැමෝටම කියන්න ඕනි. හැමෝම ඒක ඉක්මනින් දැනගනීවි. දෙවියන් ඉන්නෙ මෙහෙ. ඉක්මනින් වයර්ඩ් එකට එන්න.” කියන දේ. මැරුණු කෙනෙක් කොහොමද ඊ මේල් එකක් එවන්නෙ? යොමොදා චිසා දිවිනසා ගත්තෙ ඇයි? ඉවකුරා ලෙයින්ට ඊ මේල් ආවෙ ඇයි? ශරීරය විතරක් අත් ඇරියා කියන කතාවෙ තේරුම මොකක්ද? කවුද මේ දෙවියො? මොකක්ද වයර්ඩ් එක කියන්නෙ? මේ ප්‍රශ්න ගොඩේ ආරම්භය තමයි මේ කතාවෙ ආරම්භයෙන් දකින්න ලැබෙන්නෙ.
දැන් ඔයාට හිතේවි මේක හොල්මන් කතාවක්නෙ කියල. ඒත් මේකෙ කිසිම Horror තේමාවක් නෑ. මේක බර Psychological පැත්තට. ඉතින් Psychological පැත්තට ආස අයට මේක හොඳම තේරීමක් වේවි. ඒ වගේම මඟ නොහැරිය යුතුම එකක් කියලයි මගේ හැඟීම. ඒ වගේම මේක හොඳ අවධානයෙන් නරඹන්න ඕනි කතාවක්. කතාව බලාගෙන යනකොට, අපෝ මේ කතාවෙ කිසිම තේරුමක් නෑනෙ වගේ දෙයක් ඔයාට හිතේවි. මටත් මුලදි ඒ වගේ හැඟීමක් තිබුනා. ඒත් ඔයා ඉවසීමෙන් මුල් කොටස් 10 වෙනකල් කතාව නරඹන්න කියල මම යෝජනා කරනවා. මොකද මගේ පෞද්ගලික අදහස අනුව එතතින් තමයි කතාව අපිට තේරුම් ගන්න පුලුවන් තැනකට එන්නෙ. අඳුරු කතාවකින් හෙඹි මේ කතාව 21 වන සියවසට මත්තෙන් ජනතාවගේ තාක්ෂණික ව්‍යාකූලත්වය, ළමා මානසික පීඩනය වගේ කාරණා ඉස්මතු කරන කතාවක් තමයි මේ Serial Experiments Lain කියල කියන්නෙ. ඒ වගේම 1998 ආපු මේ කතාව අද කාලයට මොන තරම් නම් සමීපයිද ගැලපෙනවාද කියන එක ඔයාටම තේරුම් යාවි. ඉතින් මේ උපසිරැසි මාලාව නිර්මාණය වෙන්නේ Japanese dub එකට ගැලපෙන්නයි. Dual Audio වීඩියෝ පිටපතකින් නරඹනවා නම් ඒක Japanese audio එකට මාරු කරගන්න අමතක කරන්න එපා. Psychological කතාවක ආරම්භයත් එක්ක එහෙනම් නරඹන්න මේ ආරම්භක කොටස් දෙක. මේ විදිහට ඇරඹෙන ස්වර්ණමය ඇනිමෙ යුගයේ අලුත් දිහහැරුම ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. මීලඟට 3 සහ 4 කොටස් වලින් මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
702 downloadsDownload Serial-Experiments-Lain-S01-E01-E02-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Ishan Madusha
Dilshan buddika
සුපිරි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි...