Watch Trailer

Serial Experiments Lain (1998) [S01 : E03 & E04] Sinhala Subtitles | වයර්ඩ් හි ක්‍රීඩාව [සිංහල උපසිරසි]

Serial Experiments Lain [S01 : E03 & E04] Sinhala Subtitles 1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 3 සහ 4 කොටස් සමඟිනු…

Serial Experiments LainSerial Experiments Lain Sinhala Subtitles

1998 වසරේ නිකුත් වුනු Drama, Mystery, Sci-Fi, Supernatural, Suspense යන genre වලට අයත් වෙමින් Avant Garde, Award Winning ඇනිමෙ එකක් බවට පත් වුනු, Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain ඇනිමෙ කතා මාලාවේ 3 සහ 4 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. කතාවෙ මේ වෙනකල් කිසි දෙයක් හරි හැටි පැහැදිලි නම් නෑ. ඒත් කතාවෙ සිද්ධ වුනු දේවල් බොහොම කෙටියෙන් මතක් කර ගනිමු.

යොමොදා චිසා කියන ගැහැණු ළමයාගේ දිවිනසා ගැනීමත් එක්ක මේ චිසාගෙන් ඇයගෙම වයසේ අනිත් ළමයින්ට ඇයගෙන් ඊ මේල් එන්න පටන් ගන්නවා. ඒත් මැරුනු කෙනෙක්ගෙන් ඊ මේල් එන්න විදිහක් නැති නිසා කවුරුවත් ගනන් ගන්නෙ නෑ. කතාවේ කතා නායිකාව වෙන ඉවකුරා ලෙයින්ටත් මේ ඊ මේල් එනවා. තාක්ෂණය අතින් දක්ෂ නැති ලෙයින්, චිසා එක්ක චැට් කරන්න පටන් ගන්නවා. මේ නිසා ලෙයින්ගේ තාත්තගෙන් ලෙයින්ට අලුත් පරිගණයක් පවා ලැබෙනවා. “නවි” කියල හඳුන්වන ඒ පරිගණකය “වයර්ඩ්” නම් ජාලයකින් සමන්විත වෙනවා. ඉතින් මේ ජාලයට ලෙයින් සම්බන්ධ වෙනවා. ලෙයින්ට සමාන තවත් කෙනෙක් හොයාගෙන සමාජ ශාලාවකට යාලුවොත් එක්ක යන ලෙයින්ගේ වචන කිහිපයක් නිසා සමාජ ශාලාවෙදි එක්තරා පිරිමියෙක් දිවිනසා ගන්නවා. ඔන්න දෙවෙනි දිවිනසා ගැනීමත් සිද්ධ වුනා.

ලෙයින්ගෙ වචන වලට තවත් කෙනෙක් දිවිනසා ගන්නෙ කොහොමද? ඒ වගේ දෙයක් වෙන්නෙ කොහොමද? නවි පරිගණකයේ සහ වයර්ඩ් ජාලයේ ඇත්ත මොකක්ද? ලෙයින් කියන්නෙ දැන් කවුද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. උපසිරැසි ගැන වගේම කතාව ගැන ඔයාගෙ අදහස පහළින් කියාගෙන යන්න අමතක කරන්න එපා. Dark psychological තේමාවක් රැගත් Serial Experiments Lain හි 5 සහ 6 කොටස් තුළින් මීළඟට මුණ ගැහෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

731 downloadsDownload Serial-Experiments-Lain-S01-E03-E04-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

731 downloadsDownload Subtitles19 KB

3 comments

  1. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Anonymous

    thnx <3