7 වැනි කොටස පටන් ගන්නේ කැමිල් නිදාගෙන ඉන්න අතරේ සිම්ස් හොරෙන්ම එතනින් මාරු වෙන දර්ශනයකින්. ඒ අතරේ ජුලියට් ලූකස් කයිල්ටයි කෙනඩිටයි කියනවා පාන්දරින්ම එයාලට එළියට යන්න වෙනවා කියලා. මේ දෙන්නව එළියට යවන ඇත්තම හේතුව තමයි ‘ආරක්ෂණ ක්‍රියාවලියේ’ බට පද්ධතිය ගැන සයිලෝ 17 එකෙන් විස්තර ටිකක් හොයාගන්න එක. ඒකෙත්…

7 වැනි කොටස පටන් ගන්නේ කැමිල් නිදාගෙන ඉන්න අතරේ සිම්ස් හොරෙන්ම එතනින් මාරු වෙන දර්ශනයකින්. ඒ අතරේ ජුලියට් ලූකස් කයිල්ටයි කෙනඩිටයි කියනවා පාන්දරින්ම එයාලට එළියට යන්න වෙනවා කියලා. මේ දෙන්නව එළියට යවන ඇත්තම හේතුව තමයි ‘ආරක්ෂණ ක්‍රියාවලියේ’ බට පද්ධතිය ගැන සයිලෝ 17 එකෙන් විස්තර ටිකක් හොයාගන්න එක. ඒකෙත් සැකැස්ම මේක වගේම වෙන්න ඕන නිසා, වස ඇතුල් වෙන්නේ කොතනින්ද, ඒක නවත්වන්නේ කොහොමද කියලා හොයාගන්න ජුලියට්ට මේකෙන් ලොකු උදව්වක් වෙනවනේ.
හැබැයි කෙනඩිට මේ ගැන තියෙන්නේ වෙනමම අදහසක්. ලූකස් කයිල්ව සයිලෝ 17 එකට ගෙනිච්චට පස්සේ තමන්ට ඕන දේ කරන්නයි කෙනඩි හිතාගෙන ඉන්නේ. ඩොරිස් සයිලෝ එකෙන් එළියට ගියේ “සතුටිනුයි නිදහසිනුයි” නිසා, කෙනඩිටත් ඕන වෙන්නේ එයාගේ අඩිපාරේ යන්නයි. එළියේ තියෙන්නේ දිව්‍ය ලෝකයක් වගේ තැනක් කියලා පොඩි බලාපොරොත්තුවකුත් මිනිහගේ හිතේ කොනක තියෙනවා.
ඊටපස්සේ ජුලියට් තිර (ස්ක්‍රීන්) ටික ක්‍රියාවිරහිත කරනවා, හැබැයි කෙල්ල මේ දේවල් ඉක්මනින්ම කරන්න ඕනේ. ජල පෙරීමේ අංශය ගාව මුරකරුවන් ඉන්නවා කියන එක ගැන සිම්ස් මතක් කරනවා. ඒ කියන්නේ බෙහෙත් මේ වෙද්දිත් පද්ධතියට එකතු කරලා ඉවරයි. ජුලියට් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා, අර දෙන්නට ආරක්ෂිත ඇඳුම් අන්දලා ඉක්මනින් දොරෙන් එළියට යවනවා.
එළියට ගියාම ඒක මුඩුබිමක් කියලා තේරුණාම කෙනඩි පුදුම වෙනවා. ඒත් ලූකස් කයිල් නම් අහසේ තියෙන තරු දිහා බලලා වශී වෙලයි ඉන්නේ. කොහොම වුණත්, මෙයාලා දිගටම ඉස්සරහට ගිහින් එළියේ තියෙන මළසිරුරු ඔක්කොම දකිනවා. මේ දෙන්නා තවත් ඉස්සරහට යද්දී, වෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැති වෙන තරමේ ලොකු ඝෝෂාකාරී සද්දයක් එනවා, හරියට නිකන් ඩ්‍රෝන යානා පියාසර කරනවා වගේ. ඊට පස්සෙම එකපාරටම වෙඩි සද්දයක් ඇහෙනවා.
කැමිල්, ඇල්ගොරිතමය බලන්න එද්දී, අපිට තිබුණු ලොකුම බය ඇත්තක් වෙනවා. ඒකෙන් පේන්නේ ලූකස් කයිල්වයි කෙනඩිවයි “විනාශ කරලා” කියලයි. ඒ වගේම, නිකම්ම සයිලෝ එකට වස දානවට අමතරව, එළියට යන්න හදන ඕනම කෙනෙක්ව නවත්වන්න ආරක්ෂණ ක්‍රියාවලි පද්ධතියට තවත් ක්‍රමයක් තියෙනවා කියන එකත් මේකෙන් පැහැදිලි වෙනවා.
ජුලියට්ට ඕනේ ආරක්ෂණ ක්‍රියාවලිය නවත්වන්න කියලා ඇල්ගොරිතමය දන්නවා. ඒ නිසා කැමිල් එයාගේ අරමුණ මොකක්ද කියලා අහන්න ජුලියට්ව හොයාගෙන එනවා. කෙනඩිගෙයි කයිල්ගෙයි මරණ වලට හේතුව ආරක්ෂිත ඇඳුම් වල දෝෂයක් කියලා කැමිල් කිව්වත්, ජුලියට් ඒක ගණන් ගන්නේ නැතුව පෙරළා ගෑනිට බනිනවා. ඒ ඇඳුම් වෙඩි නොවදින විදිහට හදන්න තිබුණා නේද කියලා කෙල්ල කැමිල්ගෙන් අහනවා.
මේ ඔක්කොම අස්සේ පෝල්, ඕර්ලා කෙන්ට්ගේ මරණය ගැන දිගටම පරීක්ෂණ කරනවා. මිනිහා මේ ගැන එඩ් හාර්වුඩ් එක්ක කතා කරනවා. එඩ් කියන්නේ සයිලෝ එක පාලනය වෙන විදිහට කිසිම කැමැත්තක් නැති කෙනෙක්. පතල් වල වැඩ කරන එක කොයි වගේද කියලා කිසිම අවබෝධයක් නැති නිසා මිනිහා ගොඩක් ෂෙරිෆ්ලට ගරු කරන්නේ නෑ. ඒ වගේම ‘සහයක’ රැකියාවට ග්ලෙන්ඩාව තෝරගත්තේ නැති එක ගැන මිනිහට තරහක් තියෙනවා කියලා මිනිහා පිළිගන්නවා. හැබැයි මිනිහා මිනීමරුවෙක් නෙවෙයි.
මේ අතරේ, අපේ කැරලිකාර කණ්ඩායම එයාලගේ ඊළඟ සැලසුම මොකක්ද, මොනවද කරන්න ඕනේ කියලා කල්පනා කරනවා. නොක්ස් ලොකු කල්පනාවක ඉන්න අතරේම, තමන්ගේ තාත්තා තවමත් ජීවතුන් අතර ඉන්නවා කියලා මිනිහට දැනගන්න ලැබෙනවා.
ජුලියට් ගැන බැලුවොත්, කෙල්ලව ග්ලෝරියා හිල්ඩර්බ්‍රෑන්ඩ් ගාවට ගේනවා. ජුලියට් මේ මුහුණ දෙන දේවල් තේරුම් ගන්න පුළුවන් අනිත් එකම කෙනා මේ ගෑනු කෙනයි. ග්ලෝරියාට අතීතයේදී විශාල වශයෙන් බෙහෙත් දීලා තිබුණත්, දැන් ඒ බෙහෙත් දෙන එක නවත්වලා තියෙන නිසා ගෑනිට ටිකෙන් ටික අතීතය මතක් වෙන්න පටන් අරන් තියෙනවා.
බර්නාඩ් IT අංශයේ ප්‍රධානියා වෙලා ඉද්දි, මිනිහයි සිම්සුයි එකතුවෙලා ‘ෆ්ලේම්කීපර්ස්’ කියන රහසිගත පුරවැසි කණ්ඩායමකට පූජනීයයි කියලා කියන පෞරාණික දේවල් හොයන්න පටන් ගත්තා. මෙයාලා වැඩියෙන්ම හෙව්වේ විශේෂ කාලවකවානුවක ජීවිතය ගැන ලියවිලා තියෙන ලියවිලි දෙකක්. ඒකෙන් එකක් කවදාවත්ම හොයාගන්න බැරි වුණු සටහන් පොතක්. අනිත් එක තමයි මිෂන්ගේ දිනපොත.
මිෂන් කියන්නේ මීට අවුරුදු 140කට කලින් ජීවත් වුණු දොරටුපාලකයෙකුගේ නමක්. මහා කැරැල්ල කාලේ පඩිපෙළ පුපුරවලා හරින්න පාවිච්චි කරපු පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ මෙයා. මේ දිනපොත ඇතුළේ එයාගේ බඩේ සහ බෙල්ලේ තිබුණු සලකුණක් ගැනත් සඳහන් වෙනවා. මෙයාට මොනවද වුණේ කියලා මතක නැති තරමටම මෙයාගේ මතකය නැතිවීගෙන යනවා. තමන්ගේ වටිනා මතකයන් නැතිවෙනවට අකමැති වුණු ගොඩක් අය මේ කාලේදී සියදිවි නසාගෙන තියෙනවා.
බර්නාඩ් පැහැදිලි කරන විදිහට, ඒ කාලේ IT අංශයේ ප්‍රධානියාව හිටපු සැල්වදෝර් ක්වින් ආරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන එක නවත්වන්න තමයි සයිලෝ එකට බෙහෙත් එකතු කරන්න තීරණය කරලා තියෙන්නේ. ඒකෙන් 2,000කට ආසන්න පිරිසක් මැරෙයි කියලා මෙයා ගණනය කරලා තිබුණත්, එහෙම නොකළා නම් සයිලෝ එකේ ඉන්න හැමෝම මැරෙනවා. අවාසනාවකට, මේ දේම දැන් කාලෙත් වෙන්න පුළුවන්.
සිම්ස් මේ කරන්නේ ගින්දරත් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. කොහොමහරි මිනිහා අන්තිමේදී ජුලියට්ට ‘අධිකරණ’ අංශයට ඇතුල් වෙන්න පාස් වගයක් අරන් දෙන්න තීරණය කරනවා. එළියේ මුරකරුවනුත් ඉන්න නිසා මේ කට්ටිය පඩිපෙළ දිගේ ඉහළට යන එක හරිම භයානකයි. හැබැයි පාස් තියෙන නිසා මෙයාලා කොහොමහරි ඇතුළට රිංග ගන්නවා.
හැබැයි මෙතන තවත් ලොකු වෙනසක් සිද්ධ වෙනවා. කෙනඩි රේඩියෝවෙන් කතා කරලා ජුලියට්ට කියනවා “ළමයි සනීපෙන් ඉන්නවා” කියලා. ඒ වගේම ලූකස්ගේ හෙල්මට් එක තියෙන්නේ තමන් ගාව කියලා මිනිහා හෙළි කරනවා. ලූකස්ට මොකද වුණේ කියලා තවමත් පැහැදිලි නැති නිසා, ජුලියට් අන්තිම මොහොතේ මෙහෙයුම අතහරින්න තීරණය කරනවා.
කැමිල්, සිම්ස්ව ‘අධිකරණ අංශයේ හුදකලා කුටියට’ එක්කරන් එනවා. මිනිහා ජුලියට් එක්ක එකතුවෙලා වැඩ කළා කියලා කැමිල් දන්නවා. ඒ වගේම යකඩ දම්වැල් වලින් බැඳලා ඉන්න ඒමීගේ ඔළුවට තුවක්කුවක් තියලා තර්ජනය කරද්දී, සිම්ස් ගෑනි ළඟ වැඳ වැටෙනවා මේක නවත්වන්න කියලා 🙁
අතීත කාලරාමුවේදී, ඩැනියෙලුයි හෙලනුයි ගුවන් කඳවුරේදී ෂාලට්ව නිරුපද්‍රිතව හොයාගන්නවා. කෙල්ලට කෙල්ලගේ මතකයන් ගොඩක් නැවත ලැබිලා තියෙනවා වගේම, ඇනා කියන විදිහට වැඩ කරන්න කියලා කෙල්ල ඩැනියෙල්ව දිරිමත් කරනවා.
තව මුකුත් කරන්න කලින්, ඩැනියෙල්ටයි හෙලන්ටයි රහස්‍යතා ගිවිසුම් ගොඩකට අත්සන් කරන්න වෙනවා. පර් ස්ටෙන්සනුත් එතන ඉන්නවා. ටිකක් කේවල් කළාට පස්සේ ඩොලර් මිලියනයක් දෙනවා කියලත්, ලෝකේ තියෙන ලොකුම රහස් ටිකක් හෙළි කරනවා කියලත් පොරොන්දු වෙලා මිනිහා මේ දෙන්නව තවත් අමාරුවේ දානවා. මේ දේවල් වල තියෙන භයානකකම නිසා හෙලන් ටිකක් පරිස්සම් වුණත්, අන්තිමේදී කෙල්ලත් මේකට එකඟ වෙලා ඒ විදිහටම වැඩ කරන්න කැමති වෙනවා.
පෞද්ගලික ගුවන් යානයකදී, ෂාලට් පැහැදිලි කරන්නේ තමන්ගේ සමහර මතකයන් ආයෙත් ලැබෙමින් පවතිනවා කියලයි. (කෙල්ලට අතීතය අමතක කරන්න සලස්වපු වෛද්‍යවරයා වෙන) වික්ටර් තමයි කෙල්ලට මේ දේවල් මතක් කරගන්න උදව් කරන්නේ. සාමාන්‍ය විදිහට බැලුවොත් කෙල්ල සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් වෙලා, හැබැයි ඩැනියෙල් තවමත් ඉන්නේ ටිකක් පැකිලීමකින්.
අන්තිමේදී මෙයාලා ජෝර්ජියාවට ගොඩ බහිනවා. එතනදී පර් හෙළි කරනවා තමන් ගොවිපළවල් 42ක් සල්ලි වලට අරන්, ඒ ගොවියන්ට පරම්පරා ගාණකට ඇතිවෙන්න සල්ලියක් දීලා තියෙනවා කියලා. එතනදී සයිලෝ එකේ ගැඹුරුම පතුළේදී අපි දැක්ක දැවැන්ත හාරන යන්ත්‍ර වලින් එකක් බිම හාරමින් තියෙනවා එයාලා දකිනවා.
ඉතින් මේ එපිසෝඩ් එක ගැන කතා කරොත්,ගිය සතියේ සයිලෝ කතාමාලාව ආවේ තවත් පිළිතුරු ටිකකුත්, ඒ වගේම ඊටත් වඩා ප්‍රශ්න ගොඩකුත් අරගෙනයි. ගොඩක් කම්මැලි විදිහට ගලාගෙන ගිය කොටස් කීපයකට පස්සේ, සයිලෝ කතාව දැන් තමයි ටිකක් නැගලා යන්න පටන් අරන් තියෙන්නේ 😉 සිම්සුයි කැමිලුයි දිගටම රණ්ඩු වෙද්දි, පෝල්ගේ පරීක්ෂණයත් දැන් ටිකක් වේගවත් වෙලා වගේ පේනවා.
ජුලියට්ට මෙතනදී අමාරු තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කෙනඩි තාමත් එළියේ ජීවතුන් අතර ඉන්නවා කියන එකත් ලොකු පුදුමයක්. ලූකස්ට හරියටම මොකද වුණේ කියලා අපි තාමත් දන්නේ නැති නිසා, ඒක ලොකු ප්‍රශ්නයක් විදිහට ඉතුරු වෙලා තියෙනවා.
අනික අර ජුලියට්ට පැනලා යන්න උදව් කරපු ඒමී නර්ස්… මට නම් මාර දුක හිතුනා කෙල්ලව දම්වැල් වලින් බැඳලා අධිකරණ අංශයේ හුදකලා කුටියක දාලා ඉන්නවා පෙන්වපු එක 🙁 ඉතින් කෙල්ලගේ ඉරණම ඉස්සරහට කොහොම තීරණය වෙයිද?
කොහොම වුණත්, අතීත කාලරාමුව නම් තාමත් හරිම කම්මැලි විදිහටයි ඇදෙන්නේ. ඩැනියෙලුයි හෙලනුයි, පර් ස්ටෙන්සනුයි ඇනාව මුණගැහිලා, අන්තිමේදී සයිලෝ තියෙන තැන හොයාගන්නවා ඇරෙන්න වෙන කිසිම ලොකු දෙයක් එතන නෑ. ප්‍රශ්නේ තියෙන්නේ, අපි කලින් ඉඳලම සයිලෝ ගැන හැමදේම දන්න නිසා, කතාමාලාවෙන් අපිට පෙන්නන්න හදනවා වගේ මේක ඒ හැටි ලොකු හෙළිදරව්වක් නෙවෙයි.
අපි දැන් මේ කතා සමයේ අවසානයට ළං වෙමින් ඉන්න නිසා, ඉස්සරහට කතාව තවත් නැගලා යයි වෙයි කියලා බලාපොරොත්තු වෙමු. මොකද මේ වෙනකම් නම් මේක ගොඩක් හෙමිනුයි එකම රටාවකටයි ගලාගෙන ගියපු කතා සමයක්

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,423 downloadsDownload Silo-S03E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
3 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Anonymous
thank you machn for subtitles.❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට තෑන්ක්ස් මචං