ඔන්න එහෙනම් නොඉවසිල්ලෙන් මඟ බලාගෙන හිටපු Silo Season 3 කතා මාලාවේ අවසාන කථාංගය, එහෙමත් නැත්තම් 10 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය අරගෙනයි මම අද ආවේ. මේ සීසන් එක පුරාම අපි දැක්කා පොළොව යට අඩි ගාණක් ගැඹුරින් තියෙන සයිලෝ එක ඇතුළේ ජීවත් වෙන දහදාහක විතර වෙන මනුස්සයන්ගේ ජීවත් වෙන්න කරන සටන වගේම, මේ අමුත…

ඔන්න එහෙනම් නොඉවසිල්ලෙන් මඟ බලාගෙන හිටපු Silo Season 3 කතා මාලාවේ අවසාන කථාංගය, එහෙමත් නැත්තම් 10 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය අරගෙනයි මම අද ආවේ.

මේ සීසන් එක පුරාම අපි දැක්කා පොළොව යට අඩි ගාණක් ගැඹුරින් තියෙන සයිලෝ එක ඇතුළේ ජීවත් වෙන දහදාහක විතර වෙන මනුස්සයන්ගේ ජීවත් වෙන්න කරන සටන වගේම, මේ අමුතුම විදියේ ලෝකය ආරම්භ වුණේ කොහොමද කියන අතීත රහස වෙනුවෙන් සියවස් ගණනාවක් පස්සට දිවෙන සිදුවීම් පෙළක්. වර්තමාන කතාව පැත්තෙන් බැලුවොත්, පිරිසිදු කරන්න එළියට යවපු ජුලියට් නිකොල්ස් කොහොමහරි පණ බේරගෙන ආපහු ආවත් කෙල්ලට තමන්ගේ මතකය අහිමි වෙලා. කැරැල්ලෙන් පස්සේ සයිලෝ එක යථා තත්ත්වයට පත්වෙන්න හදනකොටම, එතන ඉන්න අයට ආයෙමත් ඊටත් වඩා භයානක තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අනෙක් පැත්තෙන්, “අතීත ලෝකයේ” (Before Times) සිදුවීම් ඔස්සේ මාධ්‍යවේදිනී හෙලන් ඩෲ සහ සෙනෙට් සභික ඩැනියෙල් කීන් එකතුවෙලා හෙළි කරගන්න හදන ඒ ලොකු කුමන්ත්‍රණය, අන්තිමේදී මුළු ලෝකයම විනාශ කරලා දාන දරුණු ප්‍රතිඵලයකට පාර කපන හැටි අපි දැක්කා.

ඉතින් මේ මුළු සීසන් එක පුරාම කුතුහලයේ උපරිමයටම අපිව අරන් ගිය ඒ දීර්ඝ ගමනේ අවසානය තමයි අද මේ අරගෙන ආවේ. සයිලෝ එකේ අනාගතය මොන වගේ වේවිද, ජුලියට්ගේ මේ ගමන කොතැනින් කෙළවර වේවිද කියන හැම ප්‍රශ්නයකටම උත්තර අද මේ 10 වෙනි එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.

එහෙනම් මේ සුපිරි අවසාන කොටස බලන්න කලින්, පසුගිය එපිසෝඩ් එකේ සිද්ධ වුණු වැදගත්ම සිදුවීම් ටික පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු… ;(

පෙර කොටසින්…

9 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ ආයෙමත් සයිලෝ එකේ යටම තැනකින්. හැමෝම පුදුම කරවමින් බර්නාඩ් ‘අධිකරණ අංශයට තනියම ඇවිදගෙන එනවා. මිනිහා කෙළින්ම යන්නේ කැමිල්ව හම්බවෙන්න, ඊටපස්සේ ‘ඇල්ගොරිතම්’ එක ළඟට. එතනදි මිනිහා කිසිම වෙලාවක් නාස්ති කරන්නේ නැතුව මේ AI එකේ මිනීමරු සැලැස්මට විරුද්ධව කතා කරනවා. බර්නාඩ්ට ඕනේ ජුලියට්ව නිදහස් කරන්න වගේම විටමින් D+ දෙන එක නවත්තන්නයි. ඒ වෙනුවට මිනිහා පොරොන්දු වෙනවා අර කතාව ආයෙත් එයාලගේ පාලනයට අරන් දෙන්න. කැමිල්ටත් මේ වෙලාවේ ඒක ගොඩක් ඕනේ වෙලා තියෙන්නේ.

කැමිල් ජුලියට්ගේ මොළේ හේදුවා කියන කතාව ‘යාන්ත්‍රික’ අංශය පුරාම දැන් පැතිරිලා ඉවරයි. මේකෙන් ලොකු කැරැල්ලක් වුණත් ඇතිවෙන්න පුළුවන්. බර්නාඩ්ට ඕනේ මේ ප්‍රශ්නෙදි තමන්වම බිල්ලට දෙන්න. එතකොට කැමිල්ට පුළුවන් මිනිහව “පුනරුත්ථාපනය” කරා කියලා පෙන්නලා, බර්නාඩ්ට පාඩුවේ මිනිහගේ ජීවිතේ ඉතුරු ටික ගතකරන්න ඉඩ දෙන්න.

හැබැයි ඒ වෙනුවට ඇල්ගොරිතම් එක යෝජනා කරන්නේ මිනිහව ‘පිරිසිදු’ කරන්න එළියට යවන්නයි. බර්නාඩ් මේකට විරුද්ධව කතා කරනවා. මිනිහා කියනවා මේකට හැමදේම පේන්නේ නෑ කියලා, ඒ වගේම මේක ඇත්තටම රොබෝ කෙනෙක්ද කියලත් මිනිහා ප්‍රශ්න කරනවා. එහෙම වුණොත්, යන්ත්‍රයකට වඩා මනුස්සයෙක්ව පරද්දන්න ලේසියි කියලා බර්නාඩ් දන්නවා.

කැමිල් මේ ගැන කල්පනා කරලා, බර්නාඩ්ව පිරිසිදු කරන්න එළියට යවනවා කියලා ප්‍රසිද්ධියේ නිවේදනය කරනවා. පෝල් නම් මේකට කැමති නෑ. මිනිහා මොකක්ද වෙන්නේ කියලා බලන්න දුවන් එනවා. එතනදි මාර්තා කියනවා මේක එයාලගේ සැලසුම ක්‍රියාත්මක කරන්න ලැබුණු හොඳ අවස්ථාවක් කියලා. මේ සැලසුමට වතුර පෙරන තැනට ඇතුල් වෙන එකත්, විටමින් D+ දෙන එක නවත්තන එකත් ඇතුළත්.

වාසනාවකට වගේ, ‘සැපයුම්’ අංශයේ ඉඳන් පතල් වලට තියෙන පාර ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ අතරේ නොක්සුයි ශර්ලියි සයිලෝ එකේ උඩටම යනකන් ලොකු කැරැල්ලක් මෙහෙයවනවා.

මේ අතරේ, ජුලියට්ව හිරෙන් එළියට අරන් කැමිල් ගාවට ගේනවා. කැමිල්ට ඕනේ ජුලියට් එක්ක එකතුවෙලා වැඩ කරන්න. බර්නාඩ් එළියට යනකොට ජුලියට්ව ආයෙමත් නගරාධිපති කරන්නයි කැමිල්ට ඕනේ. කැමිල් හිතන්නේ අර බෙහෙත් වල බලපෑම සයිලෝ එක පුරාම පැතිරුණාම, සමාජයක් විදියට ආයෙමත් කොහොමද වැඩ කරන්නේ කියලා ජුලියට් අනිත් අයට කියලා දෙන්න ඕනේ කියලයි. ඊටපස්සේ ජුලියට්ට හැමදේම අමතක කරන්න වෙනවා. ඒ කියන්නේ අන්තිමට මතකය ඉතුරු වෙන එකම කෙනා වෙන්නේ කැමිල් විතරයි 😀

මේ කැරැල්ල ගැන ජුලියට්ට ආරංචි වුණාම, කෙල්ල කොහොමහරි කට්ටියව සන්සුන් කරනවා. වතුර වල මුකුත් ප්‍රශ්නයක් නෑ කියලා කෙල්ල බොරුවකුත් කියනවා. ජුලියට්ව ආයෙත් සිරමැදිරියට අරන් යනකොට, ජුලියට් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා කැමිල් පොරොන්දු වෙනවා. ඒ වගේම කැමිල්ගේ ඔෆිස් එකෙන් ජුලියට් හොරකම් කරපු කොණ්ඩ කටුවත් කැමිල් උදුරගන්නවා. ජුලියට් මේකෙන් අතේ විලංගු ඇරගෙන පැනගන්න හදනවා කියලා කැමිල්ට තේරෙනවා. මේක හින්දා ජුලියට්ටත් පිරිසිදු කරන්න එළියට යන්න සිද්ධ වෙනවා. හැබැයි මේ පාර එළියට යන කාටවත් අඳින්න ඇඳුමක් හම්බවෙන්නේ නෑ.

බර්නාඩ් ජුලියට්ට රහසින් පැහැදිලි කරනවා යාන්ත්‍රික අංශයේ කට්ටියට මොකක්ද වෙන්නේ කියලා. කට්ටියගේ අවධානය වෙනතකට යොමු කරන සැලසුම ගැන ජුලියට් මුකුත් දැනගෙන හිටියේ නැති වුණාට දැන් කෙල්ල ඒක දන්නවා. බර්නාඩ් කෙල්ලට කියනවා, එයා එළියට යනකොට හැමෝගෙම අවධානය එයාගේ දිහාට හැරෙනවා කියලා. මේක තමයි සැලසුම ක්‍රියාත්මක කරන්න තියෙන හොඳම වෙලාව. ඊටපස්සේ බර්නාඩ් ජුලියට්ට කියනවා අර ඇල්ගොරිතම් එක කියන්නේ බොරු AI එකක් කියලා. නිකන් ‘Wizard of Oz’ කතාවේ වගේ බොරුවක්.

බර්නාඩ් විකිරණ ඇඳුමක් නැතුව එළියට ගිහින් අර මුඩු භූමිය හරහා යනවා. මේක බලන්න සයිලෝ එක ඇතුළේ ලොකු සෙනඟක් එකතු වෙනවා. අනිත් හැමෝම වගේ මිනිහත් කන්ද උඩට යනවා, ගිහින් බිමට ඇදගෙන වැටෙනවා. බර්නාඩ් එතන ගහ ළඟට වෙලා මැරිලා යනවා. මැරෙන්න කලින් ඉස්සර ලෝකේ තිබුණු විදිය මිනිහා පොඩ්ඩක් හිතින් මවාගන්නවා.

මේ දේවල් අස්සේ, සයිලෝ එක ඇතුළෙන් එකපාරටම ලොකු සද්දයක් ඇහෙනවා. ඒකෙන් කියවෙන්නේ මෙයාලගේ සැලසුම පටන් ගත්තා කියන එකයි. නොක්සුයි මිනිහගේ කට්ටියයි පතල් වලින් ගෙනාපු බෝම්බ හයිකරනවා. මෙයාලට ඕනේ කොහොමහරි වතුර පෙරන තැනට රිංගගන්නයි. හැබැයි මේකෙන් ‘ආරක්ෂණ ක්‍රියාවලියත්’ඉක්මන් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.

අතීතයේ කතාව දිහා බැලුවොත්, ඩැනියෙල්ටයි හෙලන්ටයි බබෙක් හම්බවෙන්න ඉන්නේ. මෙයාලා එනවා චාලට්ව බලන්න. චාලට්, පර් ස්ටෙන්සන් එක්ක සයිලෝ වල කරන වැඩ ඉවර කරන්නයි ඔන්න මෙන්න තියෙන්නේ. ඇත්තටම මෙයාලා පහුවෙනිදා මිනිස්සුන්ව සයිලෝ ඇතුළට ගන්නයි ලෑස්තිය. මේ වෙනකන් මෙයාලට මේවා ගැන කතා කරන්න බැරි වුණේ අත්සන් කරලා තිබුණු ලොකු N.D.A (රහස්‍යතා ගිවිසුම්) නිසයි.

පහුවෙනිදා උදේ අපිට සයිලෝ තියෙන තැන හරියටම බලාගන්න පුළුවන් වෙනවා. ඩැනියෙල් කියනවා එයා ඉන්නේ 1 වෙනි සයිලෝ එකේ කියලා, ඒ අතරේ හෙලන් 18 වෙනි සයිලෝ එක බලන්න යනවා. යන අතරමඟදි ඩැනියෙල්ට වික්ටර්ව හම්බවෙනවා. වික්ටර් කියනවා ඉදිකිරිමේ සැලසුම් වලට ඩැනියෙල්ගේ උදව්ව ගොඩක් වටිනවා කියලා. ඒ වගේම එයායි ඇනායි එකතුවෙලා ලියපු ‘සයිලෝ පැක්ට්’ (ගිවිසුම) ගැනත් මිනිහා මතක් කරනවා. ලිව්වා කිව්වට ඇත්තටම ඒකෙ වැඩිපුර වැඩ ටික කරලා තියෙන්නේ AI එකකින්. මෙයාලා කරලා තියෙන්නේ තැන් තැන් වල පොඩි පොඩි දේවල් වෙනස් කරපු එක විතරයි.

අනිත් හැමෝටම වඩා සයිලෝ ගැන හෙලන්ට ලොකු සැකයක් තියෙනවා. කෙල්ල 18 වෙනි සයිලෝ එක බලන්න ගිය වෙලාවේ, 1 වෙනි සයිලෝ එකේ ඩැනියෙල් ඉන්න තැන පීටර් ගේබ්‍රියෙල් මොකක්දෝ හේතුවකට සිංදු කියනවා. ඩැනියෙල්, සෙනෙට් සභිකයාවයි පර් ස්ටෙන්සන්වයි හම්බවෙන්න කලින් වික්ටර් විහිළුවට වගේ කියනවා හොඳම සයිලෝ එක 17 වෙනි එක කියලා.

මොකක්හරි හේතුවකට චාලට් එතන නෑ. මේකෙන් ඩැනියෙල්ට පොඩි සැකයක් ඇතිවෙනවා. සෙනෙට් සභිකයා කතාවක් පවත්වන්න ලෑස්ති වෙනකොටම, ඩැනියෙල්ට චාලට්ගෙන් මැසේජ් එකක් එනවා. මෙතනදි මිනිහට තේරෙනවා දේවල් එච්චර හොඳ නෑ, අවුලක් තියනවා කියලා. මිනිහට චාලට්ව සම්බන්ධ කරගන්න බැරිවෙනවා. මිනිහට නරකම දේ හිතෙනවා, ඒ වගේම ලොකු දෙයක් වෙන්න යනවා කියලත් මිනිහට තේරෙනවා.

හෙලන් ඉන්න 18 වෙනි සයිලෝ එකට යන්න ඩැනියෙල් උත්සාහ කරනවා. මෙයාලා දෙන්නා ඈත ඉඳන් අත වනනකොටම, එකපාරටම ඈතින් න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ එන ලොකු දූවිලි වලාවත් එක්ක මෙයාලා දෙන්නාම සයිලෝ එක කිට්ටුවට විසිවෙලා යනවා 🙁 ඒ වෙලාවෙම ඇල්ගොරිතම් එකේ කටහඬ ඇහෙනවා. ඒක හරියටම අපි දන්න ලෝකේ අවසානය වගේ.

මේ එපිසෝඩ් එක ගැන කතා කරොත්,

මම මේ මුළු සීසන් එක පුරාම මේක කිව්වා… මේ අතීත කතාව සීසන් එක පටන් ගන්නකොටම එපිසෝඩ් තුනකින් වගේ පෙන්නලා ඉවර කරා නම් ගොඩක් හොඳයි. ඊටපස්සේ සයිලෝ එක ඇතුළේ වෙන දේවල් වලට අවධානය දෙන්න තිබුණා. මේ අතීත කතාවෙන් අපි අලුතෙන් ඉගෙනගන්න කිසිම දෙයක් නෑ.

ගිවිසුම ලිව්වේ AI එකකින් කියන එක, ඒ වගේම මේ සංචාරයන් කරේ මිනිස්සුන්ව සයිලෝ ඇතුළට රවට්ටලා ගන්න කියන එක වගේ පොඩි පොඩි දේවල් ටිකක් අපිට දැනගන්න ලැබෙනවා. හැබැයි ඒ ඇරුණාම අන්තිමට වෙන න්‍යෂ්ටික පිපිරීම අනිවාර්යයෙන්ම වෙන දෙයක් කියලා අපි කලින් ඉඳන්ම දැනගෙන හිටියා.

මේ අතරේ, බර්නාඩ්ව පිරිසිදු කරන්න යවලා මිනිහා වීරයෙක් වගේ මැරෙනවත් එක්කම සයිලෝ එක ඇතුළේ කතාව නම් දැන් හොඳටම නැගලා යන පාටක් තියෙනවා. සීරිස් එක පටන්ගන්නකොට මේ මනුස්සයා හිටපු විදියත් එක්ක බැලුවාම, මේක හිතාගන්නවත් බැරි වෙනසක් 😀 කොහොමවුණත් මිනිහට හොඳ කතාවක් දීලා තියෙනවා.

බැලූ බැල්මට අර ඇල්ගොරිතම් එක ඇත්තටම AI එකක් නෙවෙයි වගේ. මම කලින් කිව්වා මේ ඉන්නේ ඩැනියෙල් වෙන්න පුළුවන් කියලා. හැබැයි අතීත කතාවේ ඩැනියෙල් දුවන වෙලාවෙත් ඒ කටහඬම අපිට ඇහුණා. ඒ හින්දා මම හිතපු දේ සමහරවිට හරි නොවෙන්නත් පුළුවන් 😉

කොහොමවුණත්, වර්තමාන කතාවේ තියෙන පොඩි පොඩි සිදුවීම් ටික කතාවේ කුතුහලය දිගටම තියාගන්න ඇති. අනික අතීත කතාව පෙන්නුවා දැන් හොඳටම ඇති කියලා අපි හිතමු, මොකද ඒකෙන් මේ මුළු සීසන් එකම ටිකක් කම්මැලි කරවලා දැම්මා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,313 downloadsDownload Silo-S03E10.zip26 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Previous BT1

Subtitles by

UD Shehan

Subtitles

1,313 downloadsDownload Subtitles26 KB

6 comments

  1. Kevin D...

    Thank You !!

  2. Nisanka Kularathne

    sub akata thanks kollo…season 4 demu..jayaaa

  3. Imesh Perera

    Thank You sagooo

  4. Dr.JR

    Being waited for nervously. Thanks

  5. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස් එක කම්ප්ලීට් මෙනකම්ම සබ් දුන්නට

  6. Sandaru Nimsara

    Thanks