Squid Game.. ටීවී සීරීස් බලන කෙනෙක් නම් මේ නම නොදැන ඉන්න විදියක් නෑනේ. අවුරුදු 3කට කලින් ලොකු රැල්ලක් හදපු Squid Game නමම ෆුල් බ්‍රෑන්ඩ් එකක් වුනා. ඉතින් අන්න ඒ Squid Game සීරීස් එකේ ඇගිලි ගැන ගැන බලන් ඉදපු දෙවෙනි සීසන් එක තමා අද මන් අරන් එන්නේ. දෙවෙනි සීසන් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් පළවෙනි සීසන්…

Squid Game.. ටීවී සීරීස් බලන කෙනෙක් නම් මේ නම නොදැන ඉන්න විදියක් නෑනේ. අවුරුදු 3කට කලින් ලොකු රැල්ලක් හදපු Squid Game නමම ෆුල් බ්‍රෑන්ඩ් එකක් වුනා. ඉතින් අන්න ඒ Squid Game සීරීස් එකේ ඇගිලි ගැන ගැන බලන් ඉදපු දෙවෙනි සීසන් එක තමා අද මන් අරන් එන්නේ. දෙවෙනි සීසන් එක ගැන කියන්න කලින් පොඩ්ඩක් පළවෙනි සීසන් එක පැත්තට ගිහින් එමු.

Hwang Dong Hyuk… Squid Game කතාමාලාවේ Scriptwriter වගේම Director වෙන්නේ මෙයා. සරලවම කිව්වොත් මෙන්න මෙයා තමා Squid Game එකේ නිර්මාතෘ. බොසා Script එක ලියලා ඉවර කරලා තියෙන්නේ 2009 දී. ඉතින් අවුරුදු දහයක් තිස්සේ Reject වෙවී තිබ්බ Squid Game වැඩේට 2019දී විතර අත ගැහුවේ Netflix. එපිසෝඩ් 9 කින් සමන්විත Squid Game පළවෙනි සීසන් එක 2021 අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා Netflix හරහා රිලීස් වෙනවා. රිලීස් වෙලා කෙටි කාලෙකින්ම Global Hit එකක් වෙන්න Squid Game සමත් වෙනවා. මිලියන 142 කට අධික Netflix ප්‍රේක්ෂකයින්ව ආකර්ෂණය කරගෙන පළවෙනි සති හතරේ විතරක් බිලියන 1.65 කට අධික නැරඹුම් පැය ගණනක් Squid Game වාර්තා කරනවා. ඒ විදියට එදා මෙදා තුර Netflix හි සති හතරක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවකට හිමිකම් කියන සීරීස් එක වෙන්න වගේම රටවල් 94කම වැඩි දෙනෙක් නැරඹු වැඩසටහන වෙන්නත් Squid Game සමත් වෙනවා. ඉතාලියේ ලූකා නගරයේ පැවැත්වුනු දෙවෙනි සීසන් එකේ පළවෙනි ප්‍රචාරක වැඩසටහනට සහභාගි වුන Hwang Dong Hyuk, Lee Jung Jae සහ Wi Ha Joon තමා මේ ෆොටෝ එකේ ඉන්නේ.

ඒවිදියට Netflix Records කුඩුපට්ටම් කරලා දාපු Squid Game Award පිට Award ගැහුවා. 2021 Golden Globe Awards එකේදි හොදම සහය නළුවා විදියට Oh Yeong Su පිදුම් ලැබුවා. දකුණු කොරියානු නළුවෙක් Golden Globe එකක් දින්න පළවෙනි අවස්ථාව ඒ. ඊළගට 2021 SAG Awards එකේදි Outstanding Performance කාණ්ඩය යටතේ Lee Jung Jae සහ Jung Ho Yeon සම්මාන දිනාගන්නා සමත් වෙනවා. SAG Awards දිනපු පළවෙනි Non-English සීරීස් එක තමා Squid Game. තව 2022 අවුරුද්දේ Primetime Emmy Awards එකේදි Nomination 14ක් ලබලා ඒකෙන් 6ක්ම දිනන්න Squid Game සමත් වෙනවා. Emmy එකක Nominate වුන වගේම Win කරපු පළවෙනි Non-English සීරීස් එක තමා මේ. 2025 Golden Globe Awarda එකේ Best TV Series එකටත් Squid Game Nominate වෙලා තියේ. මන් මේ කිව්වේ පොඩ්ඩයි. Nominations වගේම Awards හෙන බර ගානක් මේ වෙද්දි Squid Game දිනලා තියෙනවා.

Squid Game මෙච්චර සාර්ථක වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ කියලා තමා Hwang Dong Hyuk බොසා කියලා තියෙන්නේ. දෙවෙනි සීසන් එකක් කරන්න අදහසක් කලින් තිබිලා නැතිවුනත් පළවෙනි සීසන් එකේ සාර්ථකත්වේ හින්දම කතාව Continue කරගෙන යන්න එයා තීරණය කරනවා. ඔන්න ඒවිදියට තමා දෙවෙනි සීසන් එක නිර්මාණය වෙන්න පාර හැදෙන්නේ. ඉතින් පළවෙනි සීසන් එක රිලීස් වෙලා අවුරුදු තුනකට වැඩි කාලෙකට පස්සේ තමා මෙහෙම Squid Game සීරීස් එකේ දෙවෙනි සීසන් එක රිලීස් වෙන්නේ. පරණ කතා ඇතිනේ මේ. එහෙනම් දෙවෙනි සීසන් එක පැත්තට ගිහින් බලමු දැන්. දෙවෙනි සීසන් එක පිළිගන්න සැරසුනු සෝල්වල 3D Billboards තමා මේ පහලින් තියෙන්නේ.

ආ.. අමතක වුනානේ Merry Christmas හොදේ. 26 වෙනිදා, ඒ කියන්නේ නත්තලට පහුවදා Netflix එකෙන් තෑගි විදියට දෙන Squid Game දෙවෙනි සීසන් එක බලන්න කට්ටිය මග බලාගෙනනේ ඇත්තේ. එහෙනම් දැන් කතාව පැත්තට යං. අද උණු උණුවෙන් රිලීස් වුනු දෙවෙනි සීසන් එකේ මුළු එපිසෝඩ් ගාන 7යි. සුපුරුදු පරිදි Thriller, Action, Mystery ගනයට තමා මේකත් අයිති වෙන්නේ. Netflix හරහා රිලීස් වුනේ අද වුනාට මේකේ World Premier එක නම් තිබුනේ දෙසැම්බර් 09 වෙනිදා සෝල් වලදී. YouTube Live ත් දුන්නා. කට්ටිය බැලුවද දන්නෑ. එදා Pink Carpet එකෙන් ආපු Squid Game 2 තරු තමා මේ.

වොන් බිලියන 100ක බජට් එකක් දාලා තමා දෙවෙනි සීසන් එක හදලා තියෙන්නේ. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු සීරීස් එක තමා මේක. ඉන්න නළු නිළියෝ සෙට් එක දැක්කම ඉතින් පුදුමයක් නෑ. දෙවෙනි සීසන් එකේ විශේෂත්වේ වගේම මාත් මග බලන් ඉදපු ලොකුම හේතුව තමා කාස්ට් එක. පෞද්ගලිකවම මන් කැමතිම නළු නිළියෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ. මෙහෙම කාස්ට් එකක් එක සීරීස් එකකින් බලාගන්න පුළුවන් නම් ඒ Squid Game වලින්ම තමා ඉතින්. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට ගිහින් බලමුකෝ.

★THE CAST★

★ Lee Jung Jae – සොන්ග් ගී හුන් (456)
★ Lee Byung Hun – හ්වන්ග් ඉන් හෝ (ෆ්‍රන්ට්මෑන්)
★ Im Si Wan – ලී ම්යොන්ග් ගි (333)
★ Kang Ha Neul – කන්ග් දේ හෝ (388)
★ Wi Ha Joon – හ්වන්ග් ජුන් හෝ (පොලිස් ඔෆිසර්)
★ Jo Yu Ri – කිම් ජුන් හී (222)
★ Yang Dong Geun – පාක් යොන්ග් ශික් (007)
★ Kang Ae Shim – ජන්ග් ගුම් ජා (149)
★ Park Sung Hoon – හ්යුන් ජු (120)
★ Lee Jin Wook – ග්යොන්ග් සොක් (246)
★ Lee Seo Hwan – ජොන්ග් බේ (390)
★ Park Gyu Young – චා නෝ යුල්
★ T.O.P – තානෝස් (230)

★Summary – සාරාංශය★

ඉස්සෙල්ලම පළවෙනි සීසන් එකේ කතාව මතක් කරගෙන ඉමු එහෙනම්. සොන්ග් ගී හුන්… ඔව් ඔව් 456 තමා. ගී හුන් කියන්නේ සූදුව හින්දා අතේ තියෙන සල්ලි ටිකත් නැති කරගෙන ණය කන්දක් එක්ක ජීවත් වෙන එක දුවක් ඉන්න තාත්තා කෙනෙක්. දික්කසාද වුනාට පස්සේ දුව ජීවත් වෙන්නේ අම්මත් එක්ක. හැමදාම දුවව හම්බෙන්න ගියාට දුවගේ උපන්දිනේට හරි හමන් තෑග්ගක්වත් අරන් දෙන්න ගී හුන් ළග සල්ලි නෑ. ඔහොම අතේ සතේ නැතුව ඉද්දි ගී හුන්ට සේවා නියෝජිතයෙක් වගේ අමුතුම හාදයෙක්ව හම්බෙනවා. දක්ජි කියන සෙල්ලම කරලා දින්නොත් එයාට සල්ලි දෙනවයි කියලා තමා පොර කියන්නේ. ඒවෙනුවට ගී හුන්ට පරදින හැම පාරම කම්මුල් පාරවල් කන්න වෙනවා. හෙන පාරක් ට්‍රයි කරලා කොහොමහරි අන්තිමේදි ගී හුන් දිනනවා. එයා කිව්වා වගේම සල්ලිත් දෙනවා.

අන්න එවෙලේ එයා කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එකේ තියෙන නම්බරේට කෝල් කරලා කියන ගේම් එකට සහභාගි වුනොත් ලොකු සල්ලියක් හොයන්න පුළුවන් කියලා ඒ හාදයා කියනවා. ඉතින් සල්ලි හොයන්න තියෙන වුවමනාව හින්දම ගී හුන් ගේම් එකට සහභාගි වෙනවා. මේ ගේම් එක කරන්නේ දූපතක රහසිගතව. 456 දෙනෙක්ගේ සහභාගිත්වයෙන් කරන මේකේ තෑගි මුදල වොන් බිලියන 45.6 වගේ ලොකු ගානක්. ගේම් හයක් කරලා ඒ ගේම් හය අන්තිමේ දිනන කෙනාට තමා තෑගි මුදල හම්බෙන්නේ. ඉතුරු හැමෝමව මරලා දානවා. ඒ ගේම් හය වෙන්නේ කොරියාවේ ඉස්සර කාලේ පොඩි ළමයි කරපු සෙල්ලම් වගයක්.

මේ ගේම් හය අන්තිමේ ඉතුරු වෙන එකම කෙනා වෙන්නේ ගී හුන්. ඉතින් ගී හුන්ට තමා තෑගි මුදල හම්බෙන්නේ. ඒත් වරදකාරි හැගීම හින්දම වොන් බිලියන 45.6ට අතවත් තියන්නැතුව ඔහේ ඉබාගාතේ යන ජීවිතයක් තමා ගී හුන් ගෙවන්නේ. එහෙම ඉදලා අන්තිමේ තමන්ගේ දුව ඉන්න ඇමෙරිකාවට යන්න තීරණය කරලා එයාර් පෝර්ට් එකට යන අතරේ අර දක්ජි හාදයව දකිනවා. එතන ඉදපු කෙනෙක්ට දුන්න කාඩ් එකේ තියෙන නම්බර් එකට කෝල් කරලා ගී හුන් ආයේ ගේම් එකට සහභාගි වෙනවා. මෙන්න මෙතනින් තමා පළවෙනි සීසන් එක ඉවර වුනේ.

එහෙනම් දැන් දෙවෙනි සීසන් එක පැත්තට යං. ගී හුන් ආයේ ගේම් එකට සහභාගි වෙන්නේ එකම එක අරමුණක් ඇතුව.. ඒ මේ ගේම් එක නවත්තලා ෆ්‍රන්ට්මෑන්ගෙන් පළිගන්න. ෆ්‍රන්ට්මෑන්ගෙන් වෙඩි කාලා මුහුදට වැටුන පොලිස්කාරයා.. හ්වන්ග් ජුන් හෝව මතක ඇතිනේ කට්ටියට. එයා එවෙලේ මැරෙන්නේ නෑ. මුහුදට වැටෙන්න කලින් ජුන් හෝ දැනගන්නවනේ ෆ්‍රන්ට්මෑන් කියන්නේ එයාගේ අයියා කියලා. අයියා කරන දේ නවත්තලා ගේම් එක නවත්තන්න ජුන් හෝ, ගී හුන් එක්ක එකතු වෙනවා. ගේම් එකේ මහ මොළකාරයා වුන ඉල් නම් සීයා මැරුන හින්දා දැන් ගේම් එකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ ෆ්‍රන්ට්මෑන්ගේ අතේ. ඉතින් ෆ්‍රන්ට්මෑන්ට විරුද්ධ වෙලා මේ ගේම් එක නවත්තන්න ගී හුන්ට පුළුවන් වෙයිද? එහෙනම් අලුත් තරගකරුවෝ එක්ක අලුත් ගේම්වල මොනවයින් මොනවා වෙයිද කියලා බලලම ඉමුකෝ. කුතුහලය නැති වෙන හින්දා මන් තව නම් මුකුත් කියන්න යන්නේ නෑ. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

17,969 downloadsDownload Squdi-Game-S02-E01-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Previous BT1

Subtitles by

නයන බුද්ධික

Subtitles

17,969 downloadsDownload Subtitles24 KB

24 comments

  1. baiscopelkISHU

    sub ekta thx machn

    1. Anonymous

      Episode download kara ganna widihak kiynnko

  2. Sandaru Nimsara

    තෑන්ක්ස් සහෝ❤️

    1. Anonymous

      Brother film eke link eka tiyanawada?

  3. yureka

    thanks brooo.ithuru tikath ikmanin upload krndoo

    1. Nilukshan

      Brother film eke link eka tiyanawada?

  4. Lithula Laknada

    Where is the episode download link?

  5. Anonymous

    Thank you !!!!

  6. Isuru Dissanayake

    Thank you Brother

  7. Nimashi

    Thanks hode ithuru tikath ikmanatama oni

  8. Nimsa

    Thanks kollo. Ithuru tikath ikmnta oniii

  9. CHOPPAYA

    IKMANATA ANITH SUB TIKAKTH DANNA BRO..JAYA WEWA

  10. Dasun Lakruwan

    ලිපිය නම් පට්ට

  11. Udara Damith

    සුප්පා එල කොර

  12. Buddhika laKMal

    අඩෝ............
    තෑන්ක්ස් බොසා මේකට සබ් දුන්නට....
    ........................

  13. thushan sandaru

    aththatama thanks machan

  14. Anonymous

    Thank bro..

  15. Sandaru Nimsara

    Tnx ❤

  16. Sahan Gayantha

    thanks a lot Buddika brother sub ekata

  17. THISANGA

    kathawth sub ekth 2km supiriyt thibb

  18. janodaka

    good

  19. Uniya

    Thanks bro

  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  21. chinthaka chathuranga

    thanks machan