ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් තවත් අතිශය ජනප්‍රිය කතා මාලාවකට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුනා. මේ කතා මාලාව ගේන මූලික උනේ අපේ නයන මල්ලි තමයි. ඉතිං එයාගේ ඉල්ලීම නිසා වැඩ අස්සේ උනත් මාත් කොටසක් කරන්න බාර ගත්තා. එහෙනම් කතා මාලාවේ අවසානයට කිට්ටු වෙන නිසා මම මුකුත් කියන්නේ නෑ, නයන මල්ලිටත්, බිම්සර සහෝටත්…

ආයූබෝවන් හැමෝටම, ඔන්න එහෙනම් තවත් අතිශය ජනප්‍රිය කතා මාලාවකට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුනා. මේ කතා මාලාව ගේන මූලික උනේ අපේ නයන මල්ලි තමයි. ඉතිං එයාගේ ඉල්ලීම නිසා වැඩ අස්සේ උනත් මාත් කොටසක් කරන්න බාර ගත්තා. එහෙනම් කතා මාලාවේ අවසානයට කිට්ටු වෙන නිසා මම මුකුත් කියන්නේ නෑ, නයන මල්ලිටත්, බිම්සර සහෝටත් ඒ වගේම රවිදු හේෂාන් සහෝටත් මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.

Hwang Dong Hyuk… Squid Game කතාමාලාවේ Scriptwriter වගේම Director වෙන්නේ මෙයා. සරලවම කිව්වොත් මෙන්න මෙයා තමා Squid Game එකේ නිර්මාතෘ. බොසා Script එක ලියලා ඉවර කරලා තියෙන්නේ 2009 දී. ඉතින් අවුරුදු දහයක් තිස්සේ Reject වෙවී තිබ්බ Squid Game වැඩේට 2019දී විතර අත ගැහුවේ Netflix. ඒවිදියට හැදුනු Squid Game පළවෙනි සීසන් එක 2021 අවුරුද්දේ සැප්තැම්බර් 21 වෙනිදා Netflix හරහා රිලීස් වෙනවා. රිලීස් වෙලා කෙටි කාලෙකින්ම Global Hit එකක් වෙන්න Squid Game සමත් වෙනවා. දෙවෙනි සීසන් එකක් කරන්න අදහසක් කලින් තිබිලා නැතිවුනත් පළවෙනි සීසන් එකේ සාර්ථකත්වේ හින්දම කතාව Continue කරගෙන යන්න එයා තීරණය කරනවා. ඔන්න ඒවිදියට තමා දෙවෙනි සීසන් එක නිර්මාණය වෙන්න පාර හැදෙන්නේ. ඉතින් පළවෙනි සීසන් එක රිලීස් වෙලා අවුරුදු තුනකට වැඩි කාලෙකට පස්සේ තමා මෙහෙම Squid Game සීරීස් එකේ දෙවෙනි සීසන් එක රිලීස් වෙන්නේ. පරණ කතා ඇතිනේ මේ. එහෙනම් දෙවෙනි සීසන් එක පැත්තට ගිහින් බලමු දැන්.

වොන් බිලියන 100ක බජට් එකක් දාලා තමා දෙවෙනි සීසන් එක හදලා තියෙන්නේ. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු සීරීස් එක තමා මේක. ඉන්න නළු නිළියෝ සෙට් එක දැක්කම ඉතින් පුදුමයක් නෑ. දෙවෙනි සීසන් එකේ විශේෂත්වේ වගේම මාත් මග බලන් ඉදපු ලොකුම හේතුව තමා කාස්ට් එක. පෞද්ගලිකවම මන් කැමතිම නළු නිළියෝ සෙට් එකක් තමා මේකේ ඉන්නේ. මෙහෙම කාස්ට් එකක් එක සීරීස් එකකින් බලාගන්න පුළුවන් නම් ඒ Squid Game වලින්ම තමා ඉතින්. එහෙනම් දැන් කාස්ට් එක පැත්තට ගිහින් බලමුකෝ.
★THE CAST★
★ Lee Jung Jae – සොන්ග් ගී හුන් (456)
★ Lee Byung Hun – හ්වන්ග් ඉන් හෝ (ෆ්‍රන්ට්මෑන්)
★ Im Si Wan – ලී ම්යොන්ග් ගි (333)
★ Kang Ha Neul – දේ හෝ (388)
★ Wi Ha Joon – හ්වන්ග් ජුන් හෝ (පොලිස් ඔෆිසර්)
★ Jo Yu Ri – කිම් ජුන් හී (222)
★ Yang Dong Geun – පාක් යොන්ග් ශික් (007)
★ Kang Ae Shim – ජන්ග් ගුම් ජා (149)
★ Park Sung Hoon – හ්යුන් ජු (120)
★ Lee Jin Wook – ග්යොන්ග් සොක් (246)
★ Lee Seo Hwan – ජොන්ග් බේ (390)
★ Park Gyu Young – චා නෝ යුල්
★ T.O.P – තානෝස් (230)

★Summary – සාරාංශය★
ඉස්සෙල්ලම පළවෙනි සීසන් එකේ කතාව මතක් කරගෙන ඉමු එහෙනම්. සොන්ග් ගී හුන්… ඔව් ඔව් 456 තමා. ගී හුන් කියන්නේ සූදුව හින්දා අතේ තියෙන සල්ලි ටිකත් නැති කරගෙන ණය කන්දක් එක්ක ජීවත් වෙන එක දුවක් ඉන්න තාත්තා කෙනෙක්. දික්කසාද වුනාට පස්සේ දුව ජීවත් වුනේ අම්මත් එක්ක. හැමදාම දුවව හම්බෙන්න ගියාට දුවගේ උපන්දිනේට හරි හමන් තෑග්ගක්වත් අරන් දෙන්න ගී හුන් ළග සල්ලි නෑ. ඔහොම අතේ සතේ නැතුව ඉද්දි ගී හුන්ට අමුතුම හාදයෙක්ව හම්බෙනවා. එයත් එක්ක දක්ජි සෙල්ලම කරලා දින්නොත් සල්ලි දෙනවයි කියලා දින්නම කිව්වා වගේම ගී හුන්ට සල්ලි දෙනවා.

අන්න එවෙලේ එයා කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එකේ තියෙන නම්බරේට කෝල් කරලා ගේම් එකට සහභාගි වුනොත් ලොකු සල්ලියක් හොයන්න පුළුවන් කියලා තමා ඒ හාදයා කියන්නේ. ඉතින් සල්ලි හොයන්න තියෙන වුවමනාව හින්දම ගී හුන් ගේම් එකට සහභාගි වෙනවා. 456 දෙනෙක් සහභාගිත්වයෙන් ගේම් හයක් දවස් හයක් තිස්සේ කරලා ඒ ගේම් හය අන්තිමේ ඉතුරු වෙන එකම එක කෙනාට වොන් බිලියන 45.6ක ලොකුම ලොකු තෑගි මුදලක් හම්බෙනවා. ගේම් හය අන්තිමේ ඉතුරු වෙන එකම කෙනා වෙන්නේ ගී හුන්. ඉතින් ගී හුන්ට තමා තෑගි මුදල හම්බෙන්නේ. ඒත් වරදකාරි හැගීම හින්දම වොන් බිලියන 45.6ට අත තියන්නැතුව ඔහේ ඉබාගාතේ යන ජීවිතයක් තමා ගී හුන් ගෙවන්නේ. එහෙම ඉදලා අන්තිමේ තමන්ගේ දුව ඉන්න ඇමෙරිකාවට යන්න තීරණය කරලා එයාර් පෝර්ට් එකට යන අතරේ අර දක්ජි හාදයව දකිනවා. එතන ඉදපු කෙනෙක්ට දුන්න කාඩ් එකේ තියෙන නම්බර් එකට කෝල් කරලා ගී හුන් ආයේ ගේම් එකට සහභාගි වෙනවා. මෙන්න මෙතනින් තමා පළවෙනි සීසන් එක ඉවර වුනේ.

එහෙනම් දැන් දෙවෙනි සීසන් එක පැත්තට යං. ගී හුන් ආයේ ගේම් එකට සහභාගි වෙන්නේ එකම එක අරමුණක් ඇතුව.. ඒ මේ ගේම් එක නවත්තලා ෆ්‍රන්ට්මෑන්ගෙන් පළිගන්න. ෆ්‍රන්ට්මෑන්ගෙන් වෙඩි කාලා මුහුදට වැටුන පොලිස්කාරයා.. හ්වන්ග් ජුන් හෝව මතක ඇතිනේ කට්ටියට. එයා එවෙලේ මැරෙන්නේ නෑ. මුහුදට වැටෙන්න කලින් ජුන් හෝ දැනගන්නවනේ ෆ්‍රන්ට්මෑන් කියන්නේ එයාගේ අයියා කියලා. අයියා කරන දේ නවත්තලා ගේම් එක නවත්තන්න ජුන් හෝ, ගී හුන් එක්ක එකතු වෙනවා. ගේම් එකේ මහ මොළකාරයා වුන ඉල් නම් සීයා මැරුන හින්දා දැන් ගේම් එකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ ෆ්‍රන්ට්මෑන්ගේ අතේ. ඉතින් ෆ්‍රන්ට්මෑන්ට විරුද්ධ වෙලා මේ ගේම් එක නවත්තන්න ගී හුන්ට පුළුවන් වෙයිද? එහෙනම් අලුත් තරගකරුවෝ එක්ක අලුත් ගේම්වල මොනවයින් මොනවා වෙයිද කියලා බලලම ඉමුකෝ. කුතුහලය නැති වෙන හින්දා මන් තව නම් මුකුත් කියන්න යන්නේ නෑ. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම ජය!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
12,029 downloadsDownload Squid.Game-S02E06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
8 comments
Buddhika laKMal
Bimsara Yashan (ඔලිව)
වැඩේට සහභාගී වෙලා ඉක්මනින්ම උපසිරැසිය කරලා දුන්නට බොහොම ස්තූතියි සහෝ. ඒ වගේම උපසිරැසියත් සුපිරියටම කරලා තිබුණා. ජයවේවා!
Sahan Gayantha
thanks a lot Yuran brother sub ekata
Sandaru Nimsara
Thanks saho
Udara Damith
කොර
Udara Damith
ටැන්කිව් එල
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි යුරාන් සහෝ සබට