Squid Game දෙවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකට අද සබ් අරගෙන ආවේ. Squid Game.. ටීවී සීරීස් බලන කෙනෙක් නම් මේ නම නොදැන ඉන්න විදියක් නෑනේ. අවුරුදු 3කට කලින් ලොකුම ලොකු රැල්ලක් හදපු Squid Game නමම ෆුල් බ්‍රෑන්ඩ් එකක් වුනා. Hwang Dong Hyuk… Squid Game කතාමාලාවේ Scriptwriter වගේම Director වෙන්නේ මෙයා. සර…

ඒවිදියට Netflix Records කුඩුපට්ටම් කරලා දාපු Squid Game එක Award පිට Award ගැහුවා. 2021 Golden Globe Awards එකේදි හොදම සහය නළුවා විදියට Oh Yeong Su පිදුම් ලැබුවා. දකුණු කොරියානු නළුවෙක් Golden Globe එකක් දින්න පළවෙනි අවස්ථාව ඒ. ඊළගට 2021 SAG Awards එකේදි Outstanding Performance කාණ්ඩය යටතේ Lee Jung Jae සහ Jung Ho Yeon සම්මාන දිනාගන්නා සමත් වෙනවා. SAG Awards දිනපු පළවෙනි Non-English සීරීස් එක තමා Squid Game. තව 2022 අවුරුද්දේ Primetime Emmy Awards එකේදි Nomination 14ක් ලබලා ඒකෙන් 6ක්ම දිනන්න Squid Game එක සමත් වෙනවා. Emmy එකක Nominate වුන වගේම Win කරපු පළවෙනි Non-English සීරීස් එක තමා මේ. 2025 Golden Globe Awarda එකේ Best TV Series එකටත් Squid Game Nominate වෙලා තියේ. මන් මේ කිව්වේ පොඩ්ඩයි. Nominations වගේම Awards හෙන බර ගානක් මේ වෙද්දි Squid Game දිනලා තියෙනවා. Squid Game මෙච්චර සාර්ථක වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ කියලා තමා Hwang Dong Hyuk බොසා කියලා තියෙන්නේ. දෙවෙනි සීසන් එකක් කරන්න අදහසක් කලින් තිබිලා නැතිවුනත් පළවෙනි සීසන් එකේ සාර්ථකත්වේ හින්දම කතාව Continue කරගෙන යන්න එයා තීරණය කරනවා. ඔන්න ඒවිදියට තමා දෙවෙනි සීසන් එක නිර්මාණය වෙන්න පාර හැදෙන්නේ. ඉතින් පළවෙනි සීසන් එක රිලීස් වෙලා අවුරුදු තුනකට වැඩි කාලෙකට පස්සේ තමා මෙහෙම Squid Game සීරීස් එකේ දෙවෙනි සීසන් එක රිලීස් වෙන්නේ.
දෙවෙනි සීසන් එකේ මුළු එපිසෝඩ් ගාන 7යි. 26 රිලීස් වුනාට මේකේ World Premier එක නම් තිබුනේ දෙසැම්බර් 09 වෙනිදා සෝල් වලදී. වොන් බිලියන 100ක බජට් එකක් දාලා තමා දෙවෙනි සීසන් එක හදලා තියෙන්නේ. කොරියානු කතාමාලා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම වියදමක් දරලා නිර්මාණය කරපු සීරීස් එක තමා මේක. ඉන්න නළු නිළියෝ සෙට් එක දැක්කම ඉතින් පුදුමයක් නෑ. දෙවෙනි සීසන් එකේ විශේෂත්වේ වගේම මාත් මග බලන් ඉදපු ලොකුම හේතුව තමා කාස්ට් එක. Main Roles විතරක් කරන ගොඩක් ප්‍රසිද්ධ නළු නිළියෝ තමා මේකේ Supporting Roles කරන්නෙත්. මෙහෙම කාස්ට් එකක් එක සීරීස් එකකින් බලාගන්න පුළුවන් නම් ඒ Squid Game වලින්ම තමා ඉතින්.
මේ දෙවෙනි සීසන් එකේ එපි හතෙන් පහකට සබ් දුන්නේ මන්. ඉතුරු එපි දෙක කරපු යුරාන් සහෝදරයවයි, දෙනුර සහෝදරයවයි විශේෂයෙන් මතක් කරනවා. තව ඒ දෙන්නව සෙට් කරලා ලොකු සප් එකක් දුන්න ඔලිව සහෝදරයවයි, ඒවගේම මොනාහරි අහලා මැසේජ් එකක් දාපු ගමන් රිප්ලයි කරන රවිදු අයියවයි විශේෂයෙන් මතක් කරනවා. අන්තිම එපිය ගැන මන් මුකුත් කියන්න යන්නෑ. කුතුහලයත් එක්ක ඔයාලා බලන්නකෝ. දෙවෙනි සීසන් එක ඉවර වෙන්නේ කතාව මග නවත්තලා. ඉතින් බොහෝ දුරට තුන්වෙනි සීසන් එක ඒ නවත්තපු තැනින්ම පටන් ගනියි. Season 3 ලබන අවුරුද්දේ අග තමා එන්න නියමිතව තියෙන්නේ. ඒකටත් බයිස්කෝප් එකෙන් ඔයාලට අනිවාරෙන් උපසිරැසි අරන් එයි. මේ සීසන් එකේ සබ්වලට කමෙන්ට් එකක් දාන්න නතර වුනු හැමෝටම ස්තූති කරන ගමන් Squid Game දෙවෙනි සීසන් එකත් එක්ක අදට මන් සමුගන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්!
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
12,463 downloadsDownload Squid-Game-S02E07-END.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
19 comments
Risika Methsan
Buddhika laKMal
ස්තූතියි නයන බුද්ධික සහෝ මේ සීරිස් එකට සබ් දුන්නට....
අනික් දෙන්නටත් ස්තූතියි.....Dineth_Kanishka
Thank you...
Bimsara Yashan (ඔලිව)
ආයෙ කියන්න දෙයක් නෑ නයන මල්ලි ඔයා සුපිරියටම වැඩේ කරලා තිබුණා. ඉතාම ඉක්මනින් මේ කතා මාලාවට උපසිරැසි කරලා දුන්නට බොහොම ස්තූතියි. ආයෙත් මේ වගේ සුපිරිම වැඩකට අත ගහමු කාලය ලැබෙන විදිහට. ජයවේවා!
Anonymous
Thanks for all subs
Sahan Gayantha
thanks a lot Nayana brother sub ekata
Sandaru Nimsara
Thanks
යුරාන් ධනුක (දනුවා)
මේ වැඩේ භාර අරන් සුපිරියට කරලා මාවත් එපියකට සම්බන්ධ කරගත්තට බොහෝම ස්තූතියි මල්ලි
ඊලඟ සීසන් එකත් අනිවා ගේමු
ජය වේවා!!!gihan
උපසිරැසියට බොහෝම ස්තූති
Udara Damith
එල ටැන්ක්වි
Udara Damith
ඊලග සීසන් එක්ව්න් සෙට් වෙමු
THISANGA
Niymy
Great
ThanksMadhumadhawa
Sub ekata thanks a lot. Godak watina wadak. Digatama karagena yanna puluwanwenna kiyaka parthana karanawa.
Haritha Krishmindha
Thank you guys for the subtitles
Hashan
Thanx for subtitles ❤️❤️
M.C
Thank you for the subtitle
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤chinthaka chathuranga
thanks machan
Anonymous
S3 සබ් කවද්ද දෙන්නෙ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Creature commandos ekatath sub dennko plz