මේකේ සුපුරුදු පරිදි වීඩියෝ පිටපත් බ්‍රහස්පතින්දා නිකුත් වුනාට උපසිරැසිය නිකුත් වුනේ සුපුරුදු පරිදි රෑ නවයත් පහු වෙලා. ඉතින් එදා බාගයක් කරලා පහුවදා ඒ කිව්වේ සිකුරාදා සුපර්නැචුරල් ඉවර කරලා ඒක එදාම යවලා තමයි ස්ට්‍රයික් බැක් එකේ ඉතිරි ටිකත් එදාම කරලා දැම්මේ. මේ වගේ ලොකු කාලගොටිටියකට මුහුණ දෙන්න වුනා ස්…

මේකේ සුපුරුදු පරිදි වීඩියෝ පිටපත් බ්‍රහස්පතින්දා නිකුත් වුනාට උපසිරැසිය නිකුත් වුනේ සුපුරුදු පරිදි රෑ නවයත් පහු වෙලා. ඉතින් එදා බාගයක් කරලා පහුවදා ඒ කිව්වේ සිකුරාදා සුපර්නැචුරල් ඉවර කරලා ඒක එදාම යවලා තමයි ස්ට්‍රයික් බැක් එකේ ඉතිරි ටිකත් එදාම කරලා දැම්මේ. මේ වගේ ලොකු කාලගොටිටියකට මුහුණ දෙන්න වුනා ස්ට්‍රයික් බැක් විකාශය වන දිනය වෙනස් කලාට පස්සේ. ඒත් සති දෙකක් යනකන් සුපර්නැචුරල් විකාශය වෙන්නේ නැති නිසා කොටස් දෙකක් සිකුරාදා දෙන්න පුලුවන් වෙයි. ඒ නිසා පොඩ්ඩක් කලබල නොවී ඉවසන්න කියලා මතක් කරනවා.
අනේමන්දා මේ වතාවේ ස්ටෝරි ලයින් නම් එන්න එන්නම පිස්සු වට්ටනවා. කලින් කොටස නම් හිතුවෙම නැති විදිහක් වෙන්න ඇති කියලා හිතනවා. මොකද මට නම් පිස්සුම වගේ. කොහොමහරි, 20 එකේ කට්ටිය ජේන් ලව්රි ඉන්න තැනක් ගැන තමයි හොයහොයා හිටියේ. මේ එක්කම තමයි මේ අයට බොරිසොවීච්ගේ කුඩු බෙදහාරින එවුන් දෙන්නෙක්ව අල්ලගන්න ලැබුනේ. ඒත් ඒ දෙන්නා නම් කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. මේ අස්සේ ජෙන්සන් නෝවින් එක්ක හුටපටයක් පටන් අරන් තිබුනා. මුල් කොටස්වල දෙන්නට දෙන්නා හැසිරුණු විදිහට මට නම් හිතුනා ඕක කොයි වෙලාවක හරි යයි කියලා. මේ අතරේ ජේන් බෙලාරූස් වලට ගිහින් මුස්ලිම් කෙල්ලෙක්ව බේරගත්තා එයාට තවත් තරුණයින් වගයක් අඩම්තේට්ටම් කර කර ඉද්දි. ඒ වෙන මොහොකටවත් නෙවෙයි. නර්ව් ගෑස් එක ඒ කෙල්ල ලවා මිනිස්සු ගොඩක් ඉන්න තැනක පතුරවන්න. මේ පොඩි කෙල්ලව සුදු ගෑනු කෙනෙක් බේරගත්ත බව දැනගත්ත ජෙන්සන් සැක හිතිලා හොය හොයා යද්දී තමයි දැනගත්තේ ඒ අනිවාර්යෙන්ම ජේන් තමයි කියලා. ජේන් මායා කියන පුංචි කෙල්ල ලවා ගෑස් එක ගුවන් තොටුපලක මුදාහරින්න තමයි හැදුවේ. 20 එකේ කට්ටියට ගුවන් තොටුපල ඇතුලට යන්න පවා හුගක් අමාරු උනා. මොකද එයාලට ඉහලින් ඉන්න බලාධාරින් කියන දේවල් ඒ අයට උනත් අහන්න වෙන නිසා. ටීම් එකේ කැප්ටන් රෙනෝල්ඩ් මේ කොටසේ මුල ඉදලම හරිම අවුලෙන් හිටියේ. මායා කොහොම හරි ගෑස් එක ගුවන් තොටුපල ඇතුලේ මුදාහැරියා කැප්ටන් රෙනෝල්ඩ් එපා කියද්දීම. හැබැයි ඒ ගෑස් එක බොරු එකක් කියලා ඔප්පු උනා අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය වලින් බාගයක් විතරක් පුරවලා තිබුණු නිසා. මායා කියන දේ අහපු නැති නිසා රෙනෝල්ඩ් මායාට වෙඩි තිබ්බා. එතනදී ත්‍රස්තවාදීන්ගේ පැත්ත හිටිය අයට කාරණා දෙකක් ඔප්පු උනා. එකක් තමයි ඒ නර්ව් ගෑස් එකට ආරක්ෂක අංශය හරහා උනත් යන්න පුලුවන්. අනික් කාරණය තමයි රෙනෝල්ඩ් දන්න හොදම වධකයා යූරි ශෙව්චෙන්කො කියන මිනිහත් ඒ ගුවන් තොටුපලේ ඉදලා තහවුරු කරගත්තා සෙක්ෂන් 20 එකෙන් මේකටත් මැදිහත් වෙලා ඉන්නේ කියලා.
මායා මැරුණු එකට තවත් රෙනෝල්ඩ් අවුලෙන් ඉන්නේ. එයා මැකැලැස්ටර්ට කිව්වා මතක ඇතිනේ ඩොනවන් එයාගේ ටීම් එක මරාගෙන හරි ජේන් ලව්රිව අල්ල ගනියි කියලා. ඒ කතාව නම් ඇත්ත. කලින් ස්ට්‍රයික් බැක් සීරිස් එකේ ප්‍රධානියාට පිරිමි කෙනෙක් ඉදලත් එයා කණ්ඩායමේ අනික් අය ගැන හිතුවා. ඒ නිසාම එයා ඉක්මනින්ම මැරිලා ගියා. ඒත් මේ කතාසමයේ ඉන්න ඩොනවන් නම් එහෙම කාරුණික නැහැ. අනික් එක තමයි මෙයයි ජේන් එක්කයි මොකක් හරි ඇයි හොදැයියක් තියෙනවා වෙන්න ඕන. මොකද එයා ගැන හොදටම ඩොනවන් දන්නවා. කොහොම හරි යූරි ටීම් එකේ අයව දඩයම් කරන්න ගත්තා. මුලින්ම ඒකට අහු උනේ රෙනෝල්ඩ්. එයත් මැරෙන්න ගිහින් ඔන්න මෙන්න තියලා බේරුණේ. නෝවීචොක් කියන ගෑස් එක නම් කරීම් මා(ර්)කොව් හදලා ඉවර කලා. හැබැයි ජේන් ඒ ගැන බොරිසොවීච්ට බොරු කිව්වා. මොකද බොරිසොවීච්ට ඕන උනේ ජේන්ගේ වැඩේ කරීම් ඉවර කලාට පස්සේ එයාව විකුණලා දාන්න. බොරිසොවීච් කියන්නේ ඒ හැටි මෝඩයෙක් නෙවෙයි. එයා කලින් ඉදලම දැනන් හිටියා ජේන් කියන්නේ කපටියෙක් කියලා. ඒ නිසාම ජේන් නෝවීචොක් ගැස් එක හොරෙන් අරගෙන යන්න හදද්දී එයාව FCB එකෙන් වැටලීමකට ලක් කලා. මේ එක්කම 20 එකේ කට්ටියත් මේ ලැබ් එක හොයාගෙන. ඩොනවන් එතනදිත් රෙනෝල්ඩ්ට ලොකු අවධානම් වැඩක් පැවරුවා. ඒ තමයි නෝවීචොක් හදපු ලැබ් එක පුප්‍රවලා දාන්න කලින් නෝවීචොක් එකේ සාම්පලයක් අරගෙන එන්න කියලා. ලැබ් එක ඇතුලෙදි කොහොමහරි ටීම් එකේ අය යූරිවත් මරලා දාලා, කරීම් මා(ර්)කොව්වත් අල්ලගෙන නෝවීචොක් ගෑස් එක පිටට යන්න නොදී තියාගත්තා. ඒත් රෙනෝල්ඩ් තිබ්බ වෙඩි තැබීමකදී නෝවීචොක් ගෑස් එකක් පුපුරලා එයත් ඒකට ආවරණය වෙලා මැරෙන්න ගිහින් මා(ර්)කොව් අන්තිම මොහොතෙදි හදපු ප්‍රතිවිෂකින් එයාව බේරගත්තා. මේ අස්සේ ජේන් බොරිසොවීච් ඇතුළු අනික් අයවත් මරලා දැම්මා නෝවීචොක් එකක් මුදාහැරලා. කතාවේ අන්තිමට ජේන්ට කෝල් එකක් ආවා එයාගේ මහත්තයා ඔමාර් ඉඩ්‍රිසි දීපු ෆෝන් එකටම. ඒකත් මහා අමුතුම ආරංචියක් අරගෙන. ඒ තමයි එයාගේ මහත්තයා ජීවතුන් අතර ඉන්නවා කියලා. මේ ඇමතුම් වලට හොරෙන් ඇහුන්කන් දීගෙන හිටිය ජෙන්සන් මේ ගැන දැනගෙන එයා ඩොනවන්වත් දැනුවත් කලා. ඒවගේම ඉඩ්‍රිසි ජීවතුන් අතර ඉන්නවා කියන එකට හොදම සාක්ෂියක් හැටියට අපිට කලින් කොටසේ අවසානයේදී ඉඩ්‍රිසිව දකින්නත් ලැබුණා.
අද කොටසින් ඔයාලට දකින්න ලැබෙයි ඕමාර් ඉඩ්‍රිසි හිර කරලා ඉන්නේ කොහෙද කියන එක ගැන විස්තර ගොඩක්. මුලින්ම මේ හැමදේම පටන් ගන්නේ කර්නල් පාකර්ගේ බොරු එක්ක. මොකද වායට් ඉඩ්‍රිසිට දෙපාරක්ම වෙඩි තිබ්බට පස්සේ අර පත පර්වතය කඩාගෙනත් වැටුනට පස්සේ කර්නල් කාරයා එයාගේ කට්ටියව ඇතුලට යවනවා අපිට දෙවැනි එපියෙදී දකින්න ලැබුනානෙ. ඒත් දුහුවිල්ල නිසා කිසිම දෙයක් හරි ආකාරයෙක් පැහැදිලිව පෙන්නුවේ නැහැ. ඉඩ්‍රිසි ඉන්නේ බ්ලැක් සයිට් එකක. බ්ලැක් සයිට් එක කොහෙද තියෙන්නේ මේක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා හොයාගන්න අද ටීම් එකට ෂෙරීඩන් කියල කොන්ත්‍රාත්කාරයෙක් පස්සෙන් යන්න වෙනවා. මේ අය එක්ක සුපුරුදු පරිදි ජේන් ලව්රිත් මේ වැඩ වලට බැහැලා ක්‍රියාත්මක වෙනවා. බලලම ඉන්නකෝ එහෙනම් කවුද මුලින් ක්‍රියාත්මක වෙන්නේ කියලා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,534 downloadsDownload Strike-Back-S06E07.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
චාමර සම්පත්
Subtitles
35 comments
losaka
Sanjeewa Malith
Thanx brother
Ravindu Rukshan
Thz
virangasud
thank u aayya!
AmithbandaraAB
Thank you Bro..!!!
Shalika Ashan
Thanks bro
Lakshitha
20 එකේ head පිරිමි කෙනෙක් උනා නම් (කලින් season එකේ Lock වගේ) කතාව මීට වඩා සුපිරි වෙන්න තිබ්බා.......
Thanks bro.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dilruk lahiru
Thanx MCN..
බුදු සරණයි – දෙවි පිහිටයි..!shadow
Thank sau dunnata.. jaya
Thisal
ස්තූතියි
Ajith Priyantha
sub ekata thanks wewa
Suranjan
Thanks machan.......jayawewa......!
Lushan Tharinda
Subata thanks bro... Ela
suranuwan
thanks ban sub ekata.....
MAP
meka fatta tnx bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Udara Damith Dissanayaka
ස්තුතියි .
darshanadammika
apita ma film wala link aka danda barida
Harsha22
Thenks mcn
Hemal
Thanks for ur sacrifice for us.. <3
auto
Maru ..................
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා….
100
Sub eakata thanx
Ravindu Rukshan
Thx
Lahiru W
Thanks brother for Sinhala sub. Thanks all team Baiscopelk.
Kanchaka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilsupun
Ela bro
Kapila4499
thanks for sub ..............
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thanujaya Bandara
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…Dewadithya
Thanks for sub!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank u bro