Terminator Zero S01 Sinhala Subtitles Terminator විශ්වයෙන් එන, Netflix වෙතින් නිකුත් කළ නවතම Terminator Zero ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අපිට හුරු පුරුදු Terminator විශ්වයේ දකින්න ලැබෙන බොහෝ දේ මේ ඇනිමෙ කතා මාලාවේත් දකින්න ලැබෙන බවට අපිට දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඒ රස…

Terminator විශ්වයෙන් එන, Netflix වෙතින් නිකුත් කළ නවතම Terminator Zero ඇනිමෙ කතා මාලාවේ 03 සහ 04 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අපිට හුරු පුරුදු Terminator විශ්වයේ දකින්න ලැබෙන බොහෝ දේ මේ ඇනිමෙ කතා මාලාවේත් දකින්න ලැබෙන බවට අපිට දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඒ රසයන් සමඟින් මේ විද්‍යා ප්‍රබන්ධය රස විඳින්න ආයෙ දෙපාරක් හිතන්න ඕනි නෑ.
ලෝකය සැනෙකින් විනාශ වී මිනිස් සංහතිය වඳ වී යන අයුරු සිහිනෙන් දකිමින් ජපානයේ ටෝකියෝවේ ජීවත් වෙන මැල්කොම් ලී, තමන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණය වෙන “කොකොරෝ” මඟින් එම විනාශ වැලැක්විය හැකි යැයි පුරෝකතනය කරනවා. ඒත් කෘතිම බුද්ධියක් වෙන මෙය මඟින් එම විනාශයම සිද්ධ වේවි කියන සැකයත් සමඟම මැල්කොම් මෙහි නිර්මාණ කටයුතු ඉක්මන් කර මේ කෘතිම බුද්ධිය, එනම් කොකොරෝව ඔන්ලයින් ගෙන එන්නට තීරණය කරනවා.
ඒ අතරේ මෙයින් වසර 25 ක් අනාගතයේ, එනම් 2022 වසරේ එක්තරා තැනක යම් දෙයක් සිද්ධ වෙනවා. ටර්මිනේටර් නම් රොබෝවරුන් පිරිසක් පෘථිවියේ මිනිසුන් දඩයම් කර ඝාතනය කිරීම අරඹලා තියෙනවා. ඒ අතරේ ස්කයිනෙට් නම් ජාලයක් මේ හැම සිදුවීමකටම සම්බන්ධ බව එම කාලයේ ඉන්න ප්‍රතිරෝධ සටන් කරුවන් සොයා ගන්නවා. ඒ අනුව ඒ හැම දෙයක්ම ඇරඹෙන තැන 1997 වසර බව ඔවුන් සොයා ගන්නවා. ඒ අනුව ඔවුන්ට තිබෙන තාක්ෂණය අනුව සහ සොයා ගත්තු තොරතුරු අනුව, 1997 වසරේ ටෝකියෝවට කාල තරණය කරන්න ඔවුන් තීරණය කරනවා. ප්‍රතිරෝධ කණ්ඩායමේ දක්ෂ සටන් කාරියක් වෙන “අයිකෝ” කාල තරණය හරහා මේ මෙහෙයුමට පිටත් වෙනවා.
මේ අතරේ තවත් කෙනෙක් ටෝකියෝවට කාල තරණය හරහා ඇවිල්ලයි ඉන්නේ. ඒ තමයි අනාගතයෙන් ආපු “ටර්මිනේටර්” වරයා. දඩයම් කරමින් මිනී මැරීමේ දක්ෂ හැකියාවක් තියෙන මේ දියුණු රොබෝ යන්ත්‍රයේ අරමුණ වෙන්නේ මැල්කොම් ලීට ළඟා වෙන එක. අනිත් පැත්තෙන් කාලය හරහා ආපු අයිකෝගේ අරමුණ වෙන්නෙත් මැල්කොම් ලීට ළඟා වෙන එක. හැබැයි මේ දෙන්නගේම අරමුණු එකිනෙකට වෙනස්. ඉතින් සාර්ථක වෙන්නේ ටර්මිනේටර්ද?අයිකෝද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. රුධිරය මුසු ත්‍රාසය සමඟින් එන මේ විද්‍යා ප්‍රබන්ධයේ මීළඟ කොටස් වලින් හමු වෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,292 downloadsDownload Terminator-Zero-S01-E03-E04-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Terminator Zero S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2024
- #André Holland
- #Anime
- #Armani Jackson
- #Atsumi Tanezaki
- #Editor's Pick
- #Hiro Shimono
- #MaxxA
- #Netflix
- #Offbeat
- #Saori Hayami
- #Shizuka Ishigami
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Terminator
- #Terminator Zero
- #Toa Yukinari
- #TV
- #Yûya Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Ishan Madusha
Dilshan buddika
සුපිරි ❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි.