Terminator Zero S01 Sinhala Subtitles Terminator විශ්වයෙන් එන, Netflix වෙතින් නිකුත් කළ නවතම Terminator Zero ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අපිට හුරු පුරුදු Terminator විශ්වයේ දකින්න ලැබෙන බොහෝ දේ මේ ඇනිමෙ කතා මාලාවේත් දකින්න ලැබෙන බවට අපිට දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඒ රසය…

Terminator විශ්වයෙන් එන, Netflix වෙතින් නිකුත් කළ නවතම Terminator Zero ඇනිමෙ කතා මාලාවේ 05 සහ 06 කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අපිට හුරු පුරුදු Terminator විශ්වයේ දකින්න ලැබෙන බොහෝ දේ මේ ඇනිමෙ කතා මාලාවේත් දකින්න ලැබෙන බවට අපිට දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඒ රසයන් සමඟින් මේ විද්‍යා ප්‍රබන්ධයේ රසයත් කුතුහලයත් වර්ධනය වෙන ගමන් තමයි තියෙන්නෙ.
අනාගතයෙන් ආපු ටර්මිනේටර්ගේ ඉලක්කය වෙන මැල්කොම් ලී හමුවට යාම වෙනුවෙන් තියෙන ලේසිම පාර ටර්මිනේටර් හොයාගන්නවා. ඒ තමයි ලීගේ ළමයින්ගේ පස්සෙන් යන එක. ඒ වෙනුවෙන් ටර්මිනේටර් විවිධ උපක්‍රම ඔස්සේ සාර්ථක වෙන්න ආසන්න වෙන විදිහ අපිට දකින්න ලැබුනා. ඒ වගේම අනාගතයෙන් ආපු අයිකෝගේ මෙහෙයුම වෙන්නෙත් මැල්කොම් ලීව හම්බ වෙන එක. එයාටත් ලීගේ ළමයෙක් මුණ ගැහෙන නිසා ළමයාවත් ආරක්ෂා කරගෙන ළමයාගේ මාර්ගයෙන් මැල්කොම් වෙත ළඟා වෙන්න අයිකෝ කටයුතු කරනවා. හරියටම කිව්වොත් මැල්කොම් ලී නිර්මාණය කරන කෘතිම බුද්ධිය වෙන කොකොරෝට සමීව වෙන එක තමයි මේ දෙන්නගේම සැබෑ ඉලක්කය වෙන්නේ.
මේ අරමුණ නිසාම මිනිස් ඝාතනයන් බොහොමයක් සිද්ධ වෙනවා. එළියේ ලේ වැගිරෙන කෝලාහල වෙද්දි මැල්කොම් ලී කොකොරෝ සමඟින් මිනිස් වර්ගයාගේ ගැලවීමට හේතු පහදමින් ඉන්නවා. ලී සහ කොකොරෝ අතර සිද්ධ වෙන මේ කතා බහ ලොකු විශේෂත්වයක් ගන්නවා. ඒක ඇත්තෙන්ම මිනිස් වර්ගයා මොන වගේදැයි කියා පාන මිනිසෙක් සහ කෘතිම බුද්ධියක් අතරේ සිද්ධ වෙන කතා බහක්. ඒ අතරේ ලී සිහිනෙන් දැකපු විනිශ්චය දිනය වෙන අගෝස්තු 29. එදාට තමයි ස්කයිනෙට් ජාලය විසින් මුළු ලෝකයටම න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්නේ. ඉතින් මේ විනිශ්චය දිනයත් උදා වෙනවා. හැබැයි ලී සහ කොකොරෝ තාමත් වැට උඩ. කොකොරෝ විනිශ්චය දිනයෙන් ලෝකය බේරා ගනීවිද? ලීගේ අරමුණ ඉටු වෙයිද? එක් අතකින් ලෝක විනාශයට තත්පර ගනන් වෙද්දී, අයිකෝ සහ ටර්මිනේටර් අතර සටන මොන විදිහකට අවසන් වේවිද? නරඹන්න එහෙනම් මේ කොටස් දෙක. රුධිරය මුසු ත්‍රාසය සමඟින් එන මේ විද්‍යා ප්‍රබන්ධයේ මීළඟ කොටස් වලින්, එනම් අවසාන කොටස් වලින් හමු වෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
978 downloadsDownload Terminator-Zero-S01-E05-E06-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Terminator Zero S01 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2024
- #André Holland
- #Anime
- #Armani Jackson
- #Atsumi Tanezaki
- #Editor's Pick
- #Hiro Shimono
- #MaxxA
- #Netflix
- #Offbeat
- #Saori Hayami
- #Shizuka Ishigami
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Terminator
- #Terminator Zero
- #Toa Yukinari
- #TV
- #Yûya Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Ishan Madusha
Dilshan buddika
සුපිරි ❤️❤️❤️ thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි.