Watch Trailer

Terminator Zero (2024) [S01 : E07 & E08] Sinhala Subtitles | අතීතයෙත් අනාගතයෙත් නිර්මාපකයා [සිංහල උපසිරසි]

Terminator Zero S01 Sinhala Subtitles Terminator විශ්වයෙන් එන, Netflix වෙතින් නිකුත් කළ නවතම Terminator Zero ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 හෙවත් අවසාන කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අපිට හුරු පුරුදු Terminator විශ්වයේ දකින්න ලැබෙන බොහෝ දේ මේ ඇනිමෙ කතා මාලාවේත් දකින්න ලැබෙන බවට අපිට දැනගන්න ලැබුනා.…

 

Terminator Zero Cover

Terminator Zero S01 Sinhala Subtitles

Terminator විශ්වයෙන් එන, Netflix වෙතින් නිකුත් කළ නවතම Terminator Zero ඇනිමෙ කතා මාලාවේ 07 සහ 08 හෙවත් අවසාන කොටස් සමඟිනුයි ඔබ මේ එකතු වෙන්නේ. අපිට හුරු පුරුදු Terminator විශ්වයේ දකින්න ලැබෙන බොහෝ දේ මේ ඇනිමෙ කතා මාලාවේත් දකින්න ලැබෙන බවට අපිට දැනගන්න ලැබුනා. ඉතින් ඒ ඒ රසයන් සමඟින් මේ විද්‍යා ප්‍රබන්ධය තවත් උද්වේගකර වුනා. සිදුවීම් ගලපමින් අපූරු විදිහට අරන් ආපු මේ කතාව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට කතාවක් බව මෙතෙක් කතාව නරඹපු ඔබට පැහැදිලි වෙන්න ඇති. දැනට මේ අවුරුද්දෙ ආපු හොඳම story එක අරන් ආපු Netflix Anime එක මේක වෙන්න ඕනියි කියනවත් එක්කම, සරලවම Masterpiece එකක් කියන පෞද්ගලිකව වචනය එකතු කරන්නත් මම කැමතියි. එහෙනම් යමු ඒ අවසානය මොන වගේද බලන්න.

මැල්කොම් ලී පුරෝකථනය කරපු විදිහටම ඇමෙරිකානුවො ස්කයිනෙට් දියත් කරනවා. මේ නිසා ලෝකයටම තත්පර කිහිපයකින් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒත් එක්කම කොකොරෝව ඔන්ලයින් ගේන්න මැල්කොම් ලී ක්‍රියා කරන නිසා ඒ ප්‍රහාරයෙන් කොකොරෝ පෘථිවිය බේරගන්නවා. ඊට පස්සෙ තමයි කොකොරෝ වැඩ පෙන්නන්න පටන් ගන්නෙ. මිනිසා දන්නා සියළුම දත්ත වලට ප්‍රවේශ වෙන්න වගේම ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර පාලනය කරන්නත් කොකොරෝට දැන් පුලුවන්. අපි කතාවේ මුල ඉඳන්ම දැකපු ඉන්නෝ රොබෝවරුන්ව කොකොරෝගේ පාලනයට ගන්න ගමන් කොකොරෝ මිනිසා සහ යන්ත්‍ර අතර පාලනය ගෙනියන්න උත්සහ කරනවා.

ඒ අතරේ කලින් සිද්ධ වුනු සටනකින් වෙන් වුනු රයිකා සහ අයිකෝ, රයිකාගේ අම්මාගේ සිහිවටන ප්‍රදේශයක් වුනු පූස් උද්‍යානයට එන්නේ රයිකාගේ සහෝදරයින් දෙන්නාත් ඒ උද්‍යානයටම එයි කියන උපකල්පනය අනුවයි. ටර්මිනේටර්ගෙන් බේරුනු මිසාකි, හිරෝ සහ කෙන්ටාත් මේ පූස් උද්‍යානයට එන්නේත් මේ බලාපොරොත්තුව අනුවයි. ඒ අතරේ ටර්මිනේටරුත් මිසාකි හිරෝ දෙන්නාව මඟ ඇරලා කෙන්ටාගේ පස්සෙන් පන්නා ගෙන ඇවිත් කොහොමහරි කෙන්ටාව අල්ලගන්නවා. මේ ටර්මිනේටර් හිතුවට වඩා බුද්ධිමත් බවින් ඉහළ බව අපිට මුල ඉඳන්ම දකින්න ලැබුනු දෙයක්. දැන් කෙන්ටාත් ඉන්න නිසා මැල්කොම් ලී ගාවට යන එක විතරයි ටර්මිනේටර්ට ඉතුරු. කාලය හරහා ආපු අයිකෝගේ අරමුණත් මැල්කොම් ලීව මුණ ගැහෙන එක. ඉතින් මේ දෙන්නාගෙම අරමුණු සඵල කරගන්න පුලුවන් වේවිද? මුල සිටම ඉලක්ක ගත වුනු අරමුණු සාර්ථක වේවිද?

මැල්කොම් ලී සිහිනෙන් දුටු ලෝක විනාශය සිද්ධ වෙන එක වළක්වන එක ඔහුගේම විශිෂ්ට නිර්මාණය වෙන කොකොරෝට පුලුවන් වේවිද? නැත්නම් කාලය හරහා ආපු ටර්මිනේටර් කොකොරෝ සමඟ සන්ධාන ගත වේවිද? ඒ අනාගතයත් ඒ අතීතයත් සමඟ ගැටුනු සත්‍යය මොකක්ද? මේ හැමදේටම හේතුවක් වුනු කෙනෙක් කොහේ හෝ ඉන්න ඕනි. ඒ කවුද? අතීතයෙත් අනාගතයෙත් නිර්මාපකයා කවුද? මේ අවසාන කොටස් දෙකෙන් අපි මෙතෙක් නොදැන හිටපු සියළුම සත්‍යන් හෙළිදරව් වීමට නියමිතයි. සියළුම ප්‍රශ්න නිරාකරණය වීමට නියමිතයි. අපි මෙතෙක් දන්නවා යැයි නරඹපු විද්‍යා ප්‍රබන්ධයක විශිෂ්ට අවසානය මේ කොටස් දෙකෙන් ලැබෙනවා. පෞද්ගලික මම නොහිතපු විදිහේ අති විශිෂ්ටම අවසානයක් ගෙනාපු සුපිරිම කතාවක් විදිහටයි මේ කතාව නිමා වෙන්නේ. හැබැයි ඒ ප්‍රේක්ෂකයාට හිතන්නට දේවලුත් ඉතුරු කරමිනුයි. එහෙනම් නරඹන්න ඒ අවසානය. මේ අවසානය එක්ක Terminator විශ්වයේ තවත් මුහුණුවරක් අවසාන වෙනවා. තවත් ඇනිමෙ එකකින්ම හමුවෙමු.

 

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,174 downloadsDownload Terminator-Zero-S01-E07-E08-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

Terminator Zero S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,174 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි.
    nier automata ver1.1a (2023) anime series එකටත් උපසිරැසි දෙන්න පුළුවන්නම්.

  2. Dilshan buddika

    Supiri ❤️❤️❤️ දිගට මේ වගේ එවා දෙන්න ❤️❤️❤️

  3. Sameera

    Penguin ekata sub karannako