Watch Trailer

The Boys (2019-2020) [S02: E01] Sinhala Subtitles | පීඩනයෙන් පීඩනයට… [සිංහල උපසිරසි] 18+

ඔන්න එහෙනම් කට්ටිය මග බලන් ඉන්න The Boys දෙවෙනි සීසන් එක අද ඉඳන් පටන් ගන්නවා. පළවෙනි සීසන් එකේ වගේම මේ සීසන් එකෙත් තියෙන්නේ එපිසෝඩ් 08 ක් විතරයි. ඒ ටිකත් දැනටම ඉවර නිසා ඔයාලට එක දිගටම මේ සීසන් එකත් ලැබේවි. තමන්ගේ පෙම්වතියව A- Train අතින් ඝාතනය වුණාට පස්සේ හියුවිගේ ජීවිතය වෙනස් වෙන විදිහ අපිට කලින්…

ඔන්න එහෙනම් කට්ටිය මග බලන් ඉන්න The Boys දෙවෙනි සීසන් එක අද ඉඳන් පටන් ගන්නවා. පළවෙනි සීසන් එකේ වගේම මේ සීසන් එකෙත් තියෙන්නේ එපිසෝඩ් 08 ක් විතරයි. ඒ ටිකත් දැනටම ඉවර නිසා ඔයාලට එක දිගටම මේ සීසන් එකත් ලැබේවි.

තමන්ගේ පෙම්වතියව A- Train අතින් ඝාතනය වුණාට පස්සේ හියුවිගේ ජීවිතය වෙනස් වෙන විදිහ අපිට කලින් සීසන් එක පුරාම දකින්න පුලුවන් වුණා. රේඩියෝ කඩයක රස්සාවක් කරන් හිටපු අහිංසක කොල්ලට, අන්තිමේදී ලෝකයේ බලවත්ම සුපිරි වීරයින්‍ට විරුද්ධ වෙලා නම ගිය අපරාධකාරයෝ හතර දෙනෙක් එක්ක එකතු වෙන්නත්, මරණය පෙනි පෙනී ජීවිත උදුරගන්නත් සිද්ද වුණා.

කලින් එපියත් තනිකරම කරදර ගොන්නක් අරන් ආපු එපියක්. හියුවීටයි බුචර්ටයි මැලොරිගේ උදවු ගන්න සිද්ද වෙන තරමටම දේවල් දරුණු අතට හැරෙද්දී අනිත් පැත්තෙන් M.M., ෆ්‍රෙන්චි, කිමිකෝ තුන්දෙනාවම මාට්ටු වෙනවා. බුචර් ටීම් එක අතෑරල දැම්මට හියුවී නම් ඒ තුන්දෙනා හොයන් යන්නයි සූදානම් වුණේ. මේ නිසා බුචර් සහ හියුවී අතර ලොකු බහින් බස් වීමකුත් සිද්ද වෙනවා. ඔය දේවල් වෙන අතර ස්ටාලයිට් සහ ඇයගේ අම්මා අතරත් කතා බහක් යනවනේ. ස්ටාලයිට්ගෙ අම්මා තමන්ට පොඩි කාලෙ ඉඳන්ම කොම්පවුන්ඩ් V ගැන බොරු කියපු එකට ඇය ගොඩක් තරහින් ඉන්නෙ. ටීම් එක බේරගන්න තමන්ට තියෙන එකම උදවුව ස්ටාලයිට් නිසා හියුවී ඇයව මුනගැහෙන්න යනවා.

හියුවී කට්‍ටියව බේරගන්න ප්ලෑන් එකක් ගහලා වැඩේ ගොඩදැම්මත් ආයුධ ගත්තු සෙට් එක්කට කට්‍ටියව ආයෙත් මැදි වෙනවා. මෙතනට ස්ටාලයිට් ආපු නිසයි හියුවී ඇතුලු පිරිස බේරුණේ. පහර දීම අතර තුර මෙතනට A-Train ත් එනවා. කොම්පවුන්ඩ් V ඕවර් ඩෝස් එකක් නිසා පොර ටිකකින් එතනම ඇදගෙන වැටෙනවා.

ඔය අතර බුචර් ඉස්සරහම හෝම්ලෑන්ඩර් මැඩ්ලින්ව අවසන් ගමන් යවනවනේ. බුචර් මේ හැමදෙයක්ම පටන් ගන්න හේතුවත් කණ පිට හැරෙන්නේ ඊට පස්සෙයි. බුචර් හෝම්ලෑන්ඩර් පස්සෙ මෙච්චර පන්වන්න හේතුව බෙකා. මොකද බෙකාගේ මරණයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ හෝම්ලෑන්ඩර්. ඒත් හැමෝම හිතුවෙ නැති දෙයක්නේ කලින් එපිය අන්තිමේ වුණේ. බෙකා ජීවත් වෙනවා සහ ඇය එක්ක හෝම්ලෑන්ඩර්ගේ පුතාත් ජීවත් වෙනවා බුචර් තමන්ගෙ ඇස් පනා පිටම දැක්කා.

ඉතිං කලින් එපියෙන් ටික කාලෙකට පස්සේ තමා මේ සීසන් එක පටන් ගන්නේ. බුචර් ඇරුනම ඉතුරු ටීම් එකම දැන් එකට ඉන්නේ. කොච්චර කෙල වුණත් හියුවී- ස්ටාලයිට් දෙන්න නම් වෝට් එක පස්සේ පන්වන එක නවත්තල නැහැ. ඔය දේවල් වෙන අතරේ ට්‍රාන්ස්ලූසන්ට් වෙනුවට සෙවන් එකට අලුත් සූප් කෙනෙක් ගන්න වැඩෙත් යන ගමන්. හෝම්ලෑන්ඩර්කාරයත් එන්න එන්නම දරුණු වෙන ගමන්. අද කොටස අන්තිමේට තමා සීරීස් එකේ හීට් එක හරියටම පටන් ගන්නේ 😌

එහෙනම් මේ කොටසෙ මගේ වැඩ හරියත් ඉවරයි. එහෙනම් ආයෙත් හමුවෙනකන් මම ගියා. සුබ දවසක්…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,168 downloadsDownload The-Boys-S02E01-1.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

9,168 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Imesh Perera

    Thanks..
    Godak Watinawa...
    Sub eka niisa Season 1 ekath baluwa.. Dan Season 2 balanawa..
    Thanks hamotama..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. Dewadithya

    Thanks for Sub!

  5. INDUSARA

    The Umbrella Academy Season 3 sub dipanko

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sahan Gayantha

    supiriii.. thanks a lot Sachintha saho sub ekata

  8. Sahan Gayantha

    supiriii.. thanks wewa Sachintha saho sub ekata

  9. Arawinda

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H