Watch Trailer

The Boys (2019-2020) [S02: E02] Sinhala Subtitles | නිසි සැලසුම් [සිංහල උපසිරසි] 18+

ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 7.7/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිනීයේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 4 වෙනිදායි. විනාඩි 59ක් පුරාවට දිවෙන මේ කොටස පටන් ගන්නේ විලියම් බුචර් සිහි නැති වෙලා ඉඳලා ටෝනි ස…

ඔන්න යාළුවනේ බෝයිස් කතා මාලාවේ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb වෙබ් අඩවියේ 7.7/10ක ඇගයීම් ප්‍රමාණයක් ලබාගෙන තියෙන මේ කොටස රූපවාහිනීයේ ප්‍රචාරය උනේ 2020 වර්ෂයේ සැප්තැම්බර් 4 වෙනිදායි. විනාඩි 59ක් පුරාවට දිවෙන මේ කොටස පටන් ගන්නේ විලියම් බුචර් සිහි නැති වෙලා ඉඳලා ටෝනි සිසේරෝ කියන අවන්හලක් ලඟදී සිහිය එන සිද්ධියකින්. පසුගිය කොටස් බැලුවනම් ඔයාලට මතක ඇතිනේ බුචර් ට සිහි නැති වෙන්නෙ කොහොමද කියලා. ඒ අතරේ වෝට් එකේ උප සභාපති වෙලා හිටිය මැඩ්ලින් ස්ටිල්වෙල් ඝාතනය සම්බන්ධයෙන් විලියම් බුචර් ව හොයන්න පොලිසියෙන් මෙහෙයුමක් දියත් කරලා තියෙනවා.

ඒ අතරේ කොහොමහරි විලියම් බුචර් ග්‍රේස් ව මුණගැහෙනවා. එහෙම මුණගැහෙන්නේ තමන් අර මිනීමැරුමට සම්බන්ධයක් නෑ කියලා ඇයට ඒත්තු ගන්වන්නයි සූසන් රේනෝර්ව මැරුවෙ කවුද කියලා තමන් දන්න බව කියන්නයි.  ඒ වගේම ජර්සි වලට හොර රහසේම ආව ත්‍රස්තවාදියෙක් ගැනත් බුචර් ග්‍රේස්ට කියනවා. එතන සිදුවීම එහෙම වෙන අතරේ අතුරුදහන් වෙලා හිටිය ඒ-ට්‍රේන් හිටි හැටියෙම ආයෙ මතුවෙනවා.

ඉතිං යාළුවනේ… ග්‍රේස් බුචර් එක්ක එකඟතාවයකට ඒවිද? ඒ-ට්‍රේන් හිටි හැටියෙම මතු වෙන්නෙ කොහොමද? ඇත්තටම සූසන් රේනෝර්ව මැරුවේ කවුද කියලා බුචර් දන්නවද? ඒ වගේම මැඩ්ලින් ස්ටිල්වෙල් ඝාතනයට සම්බන්ධ කවුද? කවුද මේ හොර රහසේම ජර්සි වලට රිංගපු සූප් ත්‍රස්තවාදියා? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,829 downloadsDownload The.Boys_.S02E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

8,829 downloadsDownload Subtitles31 KB

7 comments

  1. Imesh Perera

    Hamotama Thanks Sub Ekata..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  4. Dewadithya

    Thanks for Sub!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sahan Gayantha

    thanks a lot Dinidhu saho sub ekata

  7. Arawinda

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H