Watch Trailer

The Count of Monte Cristo [S01 : E01] Sinhala Subtitles | ඉරණම වෙනස් කළ [සිංහල උපසිරැසි සමඟ]

The Count of Monte Cristo S01 Sinhala sub ක්‍රිස්ටෝ සිටුතුමා (The Count of Monte Cristo) යනු ප්‍රංශ ලේඛක Alexandre Dumas විසින් රචිත ලොව ප්‍රසිද්ධම පළිගැනීමේ නවකතාව මත පදනම් වූ 2024 වසරේ නිර්මාණය වූ කතා මාලාවකි. මෙය නවකතාවට වඩාත් විශ්වාසවන්ත ලෙස නිර්මාණය කිරීමට උත්සාහ කළ රූපවාහිනී අනුවර්තනයක් ලෙස ස…

The Count of Monte Cristo S01 Sinhala sub

ක්‍රිස්ටෝ සිටුතුමා  (The Count of Monte Cristo) යනු ප්‍රංශ ලේඛක Alexandre Dumas විසින් රචිත ලොව ප්‍රසිද්ධම පළිගැනීමේ නවකතාව මත පදනම් වූ 2024 වසරේ නිර්මාණය වූ කතා මාලාවකි. මෙය නවකතාවට වඩාත් විශ්වාසවන්ත ලෙස නිර්මාණය කිරීමට උත්සාහ කළ රූපවාහිනී අනුවර්තනයක් ලෙස සැලකෙන අතර, ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් අතරද ඉහළ ප්‍රසාදයක් දිනාගෙන ඇත.

මෙහි කතාවේ මූලික චරිතය වන එඩ්මන් ඩැන්ටස් අසාධාරණ ලෙස දේශද්‍රෝහියෙකු ලෙස චෝදනා ලබා වසර ගණනාවක් Château d’If බන්ධනාගාරයේ සිරගත වේ. එහිදී ඔහුට හමුවන Abbé Faria නම් විද්වත් පූජකයාගේ උපකාරයෙන් ඔහු නිදහස ලබන අතර, අතිවිශාල ධනයකටද හිමිකම් කියයි. ඉන් අනතුරුව  මොන්ටේ ක්‍රිස්ටෝ සිටුතුමා  ලෙස නව අනන්‍යතාවයකින් නැවත පැමිණ, තම ජීවිතය විනාශ කළ සියලු දෙනාගෙන් සූක්ෂම ලෙස පළිගැනීම ආරම්භ කරයි.

මෙම මාලාව අධ්‍යක්ෂණය කර ඇත්තේ දෙවරක් Palme d’Or සම්මානය දිනාගත් ඩෙන්මාර්ක අධ්‍යක්ෂ Bille August විසිනි. ඉතා විශාල නිෂ්පාදන වියදමකින්, විශිෂ්ට රංගන කණ්ඩායමක්, අලංකාර ඇඳුම් නිර්මාණ, ඉතිහාසයට ගැළපෙන පසුතල සහ විශිෂ්ට රූපරාමු සමඟින් නිර්මාණය වූ මෙම කතාමාලාව, Alexandre Dumasගේ අමරණීය කෘතියට සාධාරණයක් ඉටු කළ හොඳම රූපවාහිනී අනුවර්තනයක් ලෙස බොහෝ ප්‍රේක්ෂකයන් විසින් සලකනු ලැබේ.                                                                                                                                                                   

Genres – Action , Drama                                                                               

Stars – Sam Claflin,  Mikkel Boe Følsgaard,  Ana  Girardot                                                     

Director- Bille August                                                                                                                                                                                                                                               

අහිංසක තරුණ නාවිකයෙක් වෙන එඩ්මන්ඩ් ඩාන්ටෙස් තමන්ගේ ජීවිතේ ලොකුම දවස වෙනුවෙන් බලාගෙන ඉන්නවා. හොඳ රැකියාවක්, ආදරය කරන කෙනා එක්ක අනාගතයක්… හැම දෙයක්ම හරියටම යනවා වගේ පේන මොහොතක, හිතාගන්නවත් බැරි චෝදනාවක් නිසා ඔහුගේ මුළු ජීවිතේම එක රැයකින් උඩු යටිකුරු වෙනවා.

ඒත් මේක සාමාන්‍ය අසාධාරණයක් ගැන කතාවක් නෙවෙයි. මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ කවුද? ඔහුට මේ දේ වුණේ ඇයි? විශ්වාස කරපු මිනිස්සු ඇත්තටම ඔහුගේ පැත්තේද?

පළමු Episode එකෙන්ම මේ Series එක ඔබව ලොකු රහසක්, ද්‍රෝහිකම්, බලය සහ පළිගැනීමේ ගමනක ආරම්භයට අරගෙන යනවා. අන්තිම මිනිත්තු කිහිපය ඉවර වෙනකොට, ඊළඟ Episode එක නොබලා නවතින්න අමාරු වෙයි.

මේක නිකන් කතාවක් නෙවෙයි… ලෝකයේ හොඳම පළිගැනීමේ කතාවක් ආරම්භ වෙන මොහොතයි.

 

යසිරු හසරංග සහෝදරයාද මෙම කතාමාලාව සදහා උපසිරසි එවා ඇත. ඔහුගේ මහන්සියට ද වටිනාකමක් දෙනු පිණිස, ඔහුගේ උපසිරසි ද මේ සමග පල කරමි.

 

The Count of Monte Cristo Season 1 Sinhala sub

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

468 downloadsDownload The-Count-of-Monte-Cristo-S01E01-1.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුක දෙව්නිජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

The Count of Monte Cristo Sinhala subtitles

Subtitles

468 downloadsDownload Subtitles42 KB

5 comments

  1. නිශාන් සමීර

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් පවුලට
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
    දිගටම සබ් දෙමු….

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…!

  3. Buddhika laKMal

    පළවෙනි සබට සුබ පැතුම් සහෝ……
    පළවෙනි සබ්එක විදිහට කිසිම සයිට් එහෙකින් දීපු නැති මේ සීරිස්එක තෝරගත්ත එකට තෑන්ක්ස් මචෝ…….
    මේ සබ්එකට බෝම ස්තූතියි මචං…….

  4. Sanuka Dewnija

    thanks thanks ayya

  5. Sandaru Nimsara

    Thanks bro