Watch Trailer

The Count of Monte Cristo [S01 : E04] Sinhala Subtitles | රතු කාමරය [සිංහල උපසිරැසි සමඟ]

The Count of Monte Cristo S01 Sinhala sub එපිසෝඩ් එකෙන් අපි දැක්කා හිරගෙදරින් පැනගත්ත එඩ්මන්ඩ් ඩැන්ටෙස්, ෆාරියා පූජකතුමා කියපු විදියටම මොන්තේ ක්‍රිස්තෝ දූපතේ සඟවලා තිබුණු අතිවිශාල නිධානය සොයාගන්නා හැටි. තමන්ගේ පැරණි ජීවිතය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව වටහාගන්නා එඩ්මන්ඩ්, තමන්ට අසාධාරණය කරපු අයගෙන්…

The Count of Monte Cristo S01 Sinhala sub

එපිසෝඩ් එකෙන් අපි දැක්කා හිරගෙදරින් පැනගත්ත එඩ්මන්ඩ් ඩැන්ටෙස්, ෆාරියා පූජකතුමා කියපු විදියටම මොන්තේ ක්‍රිස්තෝ දූපතේ සඟවලා තිබුණු අතිවිශාල නිධානය සොයාගන්නා හැටි. තමන්ගේ පැරණි ජීවිතය සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව වටහාගන්නා එඩ්මන්ඩ්, තමන්ට අසාධාරණය කරපු අයගෙන් අනුකම්පා විරහිතව පලිගැනීම සඳහා අතිවිශාල ධනවතෙකු වන “ මොන්ටේ ක්‍රිස්ටෝ සිටුතුමා“ ලෙස තමන්ගේ නව ගමන ආරම්භ කළා.

අද ගෙනෙන ‘The Red Room’ (හතරවෙනි එපිසෝඩ් එක) පටන් ගන්නේ එතැන් සිටයි. තමන්ගේ පලිගැනීමේ සැලසුමේ ඊළඟ අදියර විදියට, සිටුතුමා (එඩ්මන්ඩ්) ප්‍රංශයේ ඉහළ පැලැන්තියේ සමාජය වෙත රහසිගතව ඇතුළු වෙනවා.

තමන්ව පාවා දුන් සතුරන්ගේ අඳුරු රහස්, කුමන්ත්‍රණ එකින් එක එළියට එන “රතු කාමරය“ (The Red Room) තුළ සිදුවන නාට්‍යමය සිදුවීම් සමුදායත්, සිටුතුමා විසින් ඉතා සියුම්ව අටවන පලිගැනීමේ උගුලට සතුරෝ එක්කෙනා ගානේ අහුවෙන හැටිත් අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්…

යසිරු හසරංග සහෝදරයාද මෙම කතාමාලාව සදහා උපසිරසි එවා ඇත. ඔහුගේ මහන්සියට ද වටිනාකමක් දෙනු පිණිස, ඔහුගේ උපසිරසි ද මේ සමග පල කරමි.

 

The Count of Monte Cristo Season 1 Sinhala sub

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

281 downloadsDownload The-count-of-monte-cristo-S01E04.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුක දෙව්නිජ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-05-08
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

The Count of Monte Cristo Sinhala subtitles

Subtitles

281 downloadsDownload Subtitles40 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks