The Wonderfools S01 Sinhala Subtitles ඔන්න අද මං ඔයාලට අරන් ආවේ The Wonderfools කියන කොමඩි, ඇක්ෂන් සහ සුපර්හීරෝ ෆැන්ටසි එකතු වුණු K-Drama එක. රඟපාන ප්‍රධාන නළු නිළියන්: – Park Eun-bin – Eun Chae-ni (ඉයුන් චේ-නි) ලෙස – Cha Eun-woo – Lee Un-jeong (ලී අන්-ජොං) ලෙස – Choi Dae-hoon – Son Gyeong-hun (සොන…
The Wonderfools S01 Sinhala Subtitles
ඔන්න අද මං ඔයාලට අරන් ආවේ The Wonderfools කියන කොමඩි, ඇක්ෂන් සහ
සුපර්හීරෝ ෆැන්ටසි එකතු වුණු K-Drama එක.
රඟපාන ප්‍රධාන නළු නිළියන්:
– Park Eun-bin – Eun Chae-ni (ඉයුන් චේ-නි) ලෙස
– Cha Eun-woo – Lee Un-jeong (ලී අන්-ජොං) ලෙස
– Choi Dae-hoon – Son Gyeong-hun (සොන් ග්යොං-හුන්) ලෙස
– Im Sung-jae – Kang Ro-bin (කං රෝ-බින්) ලෙස
– Kim Hae-sook – Kim Jeon-bok (කිම් ජොන්-බොක්) ලෙස
– Son Hyun-joo – Ha Won-do (හා වොන්-ඩෝ) ලෙස
මේ කතාව දිගහැරෙන්නේ 1999 අවුරුද්දේ, ඒ කියන්නේ ලෝක අවසානයක් එයි කියලා හැමෝම බයෙන්හි ටපු Y2K කාල වකවානුවේ, Haeseong කියන නගරයේ.
කතාවේ ඉන්නේ අපේ සමාජයේ දකින්න ලැබෙන, පොඩ්ඩක් අමුතු, තමන්ගේම කියලා අඩුපාඩුකම්ති යෙන සාමාන්‍ය තරුණ පිරිසක්. හැබැයි නොසිතූ මොහොතක සිදුවෙන අහම්බයකින් මේ අයට එකපාරටම Superpowers ලැබෙනවා. හැබැයි ලොකුම විකාරේ කියන්නේ මේ බලයන් ආවට මේගොල්ලන්ට ඒව හරියට පාලනය කරගන්න තේරෙන්නේ නැහැ! ඒ නිසා වෙන එක එක හිනායන සීන් හින්දා මුළු නගරයම අලකලංචියක් වෙනවා.
ඔහොම ඉද්දි, මේ නගරයට සහ මිනිස්සුන්ට ලොකු අඳුරු තර්ජනයක් සහ සතුරෙක් මතු වෙනවා. තමන්ට හරියට පාලනය කරගන්න බැරි බලයන් තිබුණත්, මේ අමුතු යාලුවෝ ටික එකතු වෙලා
තමන්ගේ නගරය සහ අහිංසක මිනිස්සුන්ව බේරගන්න සටන් කරන්නේ කොහොමද කියන එක තමයි මේ
කතාවෙන් ගෙන එන්නේ.
පිස්සු කොර වෙන කොමඩි පාරකුයි, සුපිරි ඇක්ෂන් ටිකකුයි එක්ක කිසිම කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන් මාරම ෆන් කතාවක්! ඔයාලත් K-Drama බලන්න ආසයි නම්, නැත්නම් නිකන් ඉන්න වෙලාවට හොඳට හිනාවෙලා ෆන් එකක් ගන්න කතාවක් හොයනවා නම්,
The Wonderfools අනිවාර්යයෙන්ම බලන්න කියලා හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා!
The Wonderfools Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
173 downloadsDownload The-WONDERfools-S01E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Wonderfools Sinhala Subtitles
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
2 comments
Sandaru Nimsara
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks