The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් 2025 වසරේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන උන්න සුපිරිම ටෙලි කතා මාලාවකට මම උපසිරැසි අරගෙන ආවා. ඉතිං මන් මේ පාර අරන් ආවේ පහුගිය වසරේදි බොහෝ සේ විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රසාධයට ලක්වූ වචනයේ පරිසමාප්තියෙන්ම විශිෂ්ඨ යැයි කිව හැකි නිර්මාණයක්. ඒ තමා කාගේත…

ඔන්න එහෙනම් 2025 වසරේ ගොඩ දෙනෙක් බලාපොරොත්තු තබාගෙන උන්න සුපිරිම ටෙලි කතා මාලාවකට මම උපසිරැසි අරගෙන ආවා. ඉතිං මන් මේ පාර අරන් ආවේ පහුගිය වසරේදි බොහෝ සේ විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රසාධයට ලක්වූ වචනයේ පරිසමාප්තියෙන්ම විශිෂ්ඨ යැයි කිව හැකි නිර්මාණයක්.
ඒ තමා කාගේත් අවධානයට ලක් ” The Day of the Jackal ” ටෙලි කතා මාලාව.මේ ගැන කතා කරන්නනම් බොහෝ දේවල් තියෙනවා.ඉතිං ඒ නිසා අපි මේ කතාවේ ඉතිහාසයෙන්ම වැඩේ පටන් ගමු.
Peacock හරහා නිල වශයෙන් විකාශය ආරම්භ කරපු මේ කතා මාලාවට පාදක වෙන්නෙ මේ නමින්ම 1971 දී බ්‍රිතාන්‍ය ලේඛකයකු වන ” Frederick Forsyth ” විසින් රචිත නවකතාවක්. එතුමාපසුගියදාකඅපඅතරින්සමුගන්නවා! :'( Political Thriller ඝනයට අයත් මේ නවකතාවට විචාරකයින්ගෙන් මෙන්ම පාඨකයින්ගෙන්ද ධනාත්මක ප්‍රතිචාර හිමිවෙනවා.ඒ කෙතරම්ද කියනවනම් 2003 වසරෙදි BBC යේ The Big Read සමීක්ෂණයේද ලැයිස්තු ගත කිරීමක් මෙයට හිමිවෙනවා.එතනින්ද නොනැවති එය 1972 වසරේදි ඇමරිකාවේ අභිරහස් ලේඛකයින්ගෙ හොදම නවකතාවට හිමි එඩ්ගර් සම්මානයද දිනා ගනු ලබනවා.
කොහොම නමුත් පසුකාලීනව මේ නවකතාව ආශ්‍රයෙන් සිනමාපටයක්ද නිර්මාණය වෙනවා. ඒ 1973 වර්ෂයේදි. මේ නමින්ම නිර්මාණය කරන ලද මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නෙ ” Fred Zinneman ” විසින්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Edward Fox විසින්.නවකතාවට සේම සිනමාපටවද විචාරකයික්ගෙන් මෙන්ම ප්‍රේක්ෂකයින්ගෙන්ද හිමි වෙන්නෙ ධනාත්මක ප්‍රතිචාර.එක් ඔස්කාර් සම්මානයකට මෙන්ම Golden Globe සම්මාන ද්විත්වයකට නිර්දේශ වන මේ සිනමාපටය BAFTA සම්මාන උළලේදි හොදම සංස්කරණයට හිමි සම්මානය දිනා ගන්නත් සමත් වෙනවා. ඒ වගේම කියන්න ඕනා මේ සිනමාපටයට අපේ බයිස්කෝප් වෙබ් අඩවියේ ” රොයිලි ප්‍රනාන්දු ” මහතා විසින් උපසිරැසි ලබා දීලා තියෙනවා කියලත්. ඉතිං ඒක බලන්න අදහසක් තියෙනවනම් ඔන්න ඔයාලට ඒකත් බලන්න පුළුවන් කම තියෙනවා උපසිරැසි එක්කම.
හොදයි ටෙලි කතා මාලාව පැත්තට දැන් හැරුනොත් මේකෙ ප්‍රධාන චරිතය වෙන ජැකල් වෙනුවෙන් රංගනයෙන් දායක වෙන්නෙ ඔස්කාර් සම්මාන ලාභී දක්ෂ රංගන ශිල්පියෙක් වන Eddie Redmayne විසින්.ඔහු මේ චරිතය වෙනුවෙන් උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා ටෙලි කතා මාලාව බලද්දි ඔයාලට හොදින්ම තේරුම් යයි. එය තව තවත් සනාත කරමින් Golden Globe සම්මාන උළෙලේදී හොදම නළුවාට හිමි නිර්දේශ නාම ලබා ගන්නත් මෙහි ජැකල් චරිතයට රංගනයෙන් දායක වූ එඩී රෙඩ්මන් සමත් වෙනවා. ඔහුට අමතරව මේ ටෙලි කතා මාලාව වෙනුවෙන් Lashana Lynch, Ursula Corbero, Kate Dickie, Lia Williams ඇතුළු තවත් දක්ෂ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙනවා.
සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 8.2/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ ලකුණු 85% කුත් ලබා ගන්නට සමත්ව ඇති මේ කතා මාලාව නිල වශයෙන් විකාශය අරඹන්නෙ 2024 නොවැම්බර් 7 වෙනිදායි.
හොදයි ටෙලි කතා මාලාවට මුල් නවකතාවේ කතාව දළ වශයෙන් යොදා ගත්තත් මේක නිර්මාණය කරලා තියෙන්නෙ වර්තමාන සමාජයට ගැලපෙන අකාරයට.නමුත් ඒ වෙනස්කම ඉතා විශිෂ්ඨ අයුරින් යොදා ගන්නට මෙහි නිර්මාණ කරුවන් සමත් වෙලා තියෙනවා කියලනම් කියන්නම ඕනෙ.
හොදයි කතාව පැත්තට ටිකක් හැරුනොත් මෙහි කතාව ගලන් යන්නෙ ජැකල් නම් අන්වර්ථ නාමයෙන් පෙනී සිටිනා කුලී ඝාතකයෙකු වටා.ඉතිං කතාව ආරම්භයේම සිදුවන සුපිරිම ගේමකින් පස්සෙ මේ ජැකල් කාගේත් අවධානයට ලක්වන චරිතයක් බවට පත්වෙනවා. ඒ කෙතරම්ද කියුවොත් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේත් ඇහැ ඔහු වෙතට යොමු වෙලයි නවතින්නෙ.ඉතිං මේ හැමදේමත් එක්කම ඔහුට තවත් මෙහෙයුමකට ඇරයුමක් ලැබෙනවා.ඒ මෙහෙයුම මොකක්ද? ඒකට හේතු කාරණා වන දෙය මොකක්ද? ඒ වගේම බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා ඔයාලට මේ කතා මාලාවේ පලවෙනි කොටසින් දැක ගන්න ලැබෙනවා.ඉතිං දෙවන කොටසින් ඉක්මනටම හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතනින් නවතිනවා.The Day of the Jackal Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,129 downloadsDownload The.day_.of_.the_.jackal.S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Day of the Jackal Sinhala Subtitles
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
- Action
- Drama
- Thriller
- Romance
- Adult
- Crime
- Sci-Fi
- Detective
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Coming-of-age
- Suspense
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Day of the Jackal [S01 : E01] Sinhala Subtitles
- #The Day of the Jackal Sinhala Subtitles
- #TV
- #ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Bhashitha
kavee
me series ekata sub denawata bohoma sthuthi
Tharindu Dilshan
Maga balan idapu sub ekak mcn... Thanks
Buddhika laKMal
අනේ අම්මේ බං....... තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට......
මේකට උඹලම සබ් දුන්න එක වටිනවෝ............
සෑහෙන කාලයක් බලං හිටියේ සබ් දෙනකං...........
තෑන්ක්ස් මචං ..........AKEESHA THATHSARA
invincible s03 sub denko
VImukthi Perera
Meka video aka download kra ganne kohenda.site ake dala nane.
Asanga Basooriya
bohoma sthuthiii..
Sahan Gayantha
thanks a lot Kasun saho sub ekata
Kasun
අනිත් එපියත් ඉක්මනින් ඕනා. thanx
Dasun
මේක දෙනකන්ම බලා උන්න කතාවක්..සුපිරි බ්‍රෝ
Kasun Fdo
ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තුතියි
Tiron
sub eka poddak danakota mcn balala dannako film eka issahin yanawa sub eka passen enawa epi 03 ma ehemai epa wenawa balanna mcn. awlak ganna epa mamanam kiyanna thiyena de hithe thiyan inne na
mehema hari sub eka deepu ekata Thanks
navi Madushan
ow ban sirawata. balanna gatte asawen subtitl eka sync wenne ne ban
Nirmal Vimukthi
baiscopedownloads සයිට් එකෙන් සබ් එකට ගැලපෙන කොපිය අරගන්න සහෝ.
Hasitha gayan
උපසිරස දුන්නාට බොහෝම ස්තුතියි.
navi Madushan
Brother සබ්ටයිට්ල් එක සින්ක් වෙන්නේ නෑ.. හරියට... ගැලපෙන ලිංක් එකකට අප්ඩේට් කරන්න පුලුවන්ද weradi torrent ekk dala tynne
Nirmal Vimukthi
baiscopedownloads සයිට් එකෙන් සබ් එකට ගැලපෙන කොපිය අරගන්න සහෝ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Day of the Jackal [S01 : E01] Sinhala Subtitles | නව ඇරයුම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/Day-of-jackal-b-scaled.jpg)



Enkn blagen hitiye.. thank you