“ද ඩ්‍රැගන් ප්‍රින්ස්” 4වෙනි කතා සමයේ දෙවෙනි කොටසටත් ඔයාලව පිළිගන්නවා. එහෙනම් අපි කලින් එපියේ මොකද උනේ කියලා කෙටියෙන් මතක් කරගමු. ඉතින් තුන්වෙනි කතා සමයේ අවසානයේ සිදුවූ මහා යුද්ධය අවසන් වෙලා අවුරුදු දෙකක් ගතවුණු තැන තමයි හතරවෙනි කතා සමය ආරම්භ වෙන්නේ. අපිට හුරුපුරුදු චරිත බොහොමයක් වයසින් මුහුකුරා ගි…

“ද ඩ්‍රැගන් ප්‍රින්ස්” 4වෙනි කතා සමයේ දෙවෙනි කොටසටත් ඔයාලව පිළිගන්නවා. එහෙනම් අපි කලින් එපියේ මොකද උනේ කියලා කෙටියෙන් මතක් කරගමු.
ඉතින් තුන්වෙනි කතා සමයේ අවසානයේ සිදුවූ මහා යුද්ධය අවසන් වෙලා අවුරුදු දෙකක් ගතවුණු තැන තමයි හතරවෙනි කතා සමය ආරම්භ වෙන්නේ. අපිට හුරුපුරුදු චරිත බොහොමයක් වයසින් මුහුකුරා ගිහිල්ලා. ඉතින් දැන් කටෝලිස්වල රජු විදිහට “ඒස්‍රන්” තම පාලන කටයුතු ඉතා බුද්ධිමත්ව මැනවින් කරගෙන යනවා කියලා පේනවා. ඒ “ඔපෙලිගේ” සහයෝගයත් ඇතිවයි. ඉතින් ගේම් ඔෆ් ත්‍රෝන්ස්, හවුස් ඔෆ් ඩ්‍රැගන් බලපු අය දන්නවා “හෑන්ඩ් ඔෆ් ද කිංග්”(රජුගේ දෙවෙනියා) ගැන. ඉතින් අන්න ඒ චරිතය හා සමාන කාර්‍යයක් තමා මේ “ඔපෙලි” කරන්නෙත්. රජුගේ පසෙකින් සිට ඔහුගේ පාලන කටයුතුවලට සහයෝගය ලබාදීම. ඒ වගේම “කැලම්” දැන් කටෝලිස්වල “හයිමේජ්වරයා”(මායාකරු) ලෙස තමන්ගේ කටයුතු කරගෙන යනවා. ඒ වගේම කැලම් ළඟ තමා දැන් “ඇරවෝස්ගේ” අර මායාකාරී කැඩපත තියෙන්නෙත්. කැලම් ඒ කැඩපත ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්නේ. ඒ වගේම සොරෙන් සහ කොර්වස් දැන් ඒස්‍රන්ගේ “ක්‍රවුන් ගාඩ්” එකේ ඉන්නේ. ඉතින් මේ ක්‍රවුන් ගාඩ් GOT වල අපිට දකින්න ලැබෙන “කිංග්ස් ගාඩ්” හා සමාන කණ්ඩායමක්. ඉතින් කටෝලිස්වල තත්ත්වය දැන් මෙහෙමයි. ඒ වගේම ක්ෂේඩියාව හා මිනිස් රාජධානී අතර සාමය ක්‍රමයෙන් වර්ධනය වෙනවා කියලා පේනවා. ඒක තහවුරු කරන කාරණාවක් තමයි මකර රැජිණ දැන් කටෝලිස්වලට පැමිණෙන්න සූදානමක් තියෙනවා කියන එක.
ඒ වගේම ජෙනරල් අමායා දැන් සන්ෆයර් එල්ෆ්වරුන් එක්ක ඉන්නේ. ඒ ජනායී සමඟ. ඉතින් දැන් ඔවුන් දෙදෙනා විවාහ වෙන්න සූදානමින් ඉන්නවා කියලත් අපිට දැනගන්න ලැබුණා. මේ වගේ සමලිංගික යුවල් අපිට කලිනුත් කතාවෙන් දකින්න ලැබුණා. ඒ ඩුරේන් රාජධානියේ අන්‍යා රැජිණගේ දෙමව්පියන් හා රෙයිලව බලාගත් “රූනාන් සහ එතාරී” දෙදෙනා.
නමුත් වැදගත්ම කාරණය වෙන්නේ “විරෙන්” තාම පණපිටින් ඉන්න එක. ස්ටෝර්ම් ස්පය’ මුදුනෙන් පහළට වැටුණු විරෙන්ව, ක්ලෝඩියා ආයෙත් ජීවිතයට ගේනවා. ඒ වගේම අර කෝෂයේ ඉන්නවා කියන ජීවියත් ඇත්තටම ප්‍රෙහෙලිකාවක්. ඒ කවුද? ඇරවෝස්ද නැත්නම් වෙන මොකෙක් හරිද? කොහොමහරි මේ කෝෂයෙන් එළියට එන ජීවියා “පිළිතුරු ඇති තැනැත්තා ළඟට මඟ පෙන්වයි” කියල කියනවා. ඒ “පිළිතුරු ඇති තැනැත්තා” ඇත්තටම කවුද? දැන් ක්ලෝඩියාගේ සැලසුම තමා ඇරවෝස්ව නිදහස් කරන එක. මොකද විරෙන් ජීවත් වුනත් ඒක තාවකාලික නිසා. ඇරවෝස්ට කියලා මේක ස්ථිර කරගන්නයි ක්ලෝඩියා උත්සහ කරන්නේ.
ඒ වගේම ඔයාලා බලන්න ඇති කෝ “රෙයිලා” කියල. ඇත්තටම ඇයට මොකද උනේ? ඉතින් මේ දේවල්නුත් ඔලුවේ තියාගෙන දෙවෙනි එපියත් බලන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,691 downloadsDownload The-Dragon-Prince-S4E02-Updated-Subtitle.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
3 comments
Dineth Sachiranga
හිෂාන්
Thank you for the Subtitle file...!!!
Requests;
Color Out of Space (2019 ‧ Horror/Sci-fi ‧ 1h 51m)
Fractured (2019 ‧ Thriller/Psychological thriller ‧ 1h 40m)රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks you so much sub ekata ...puluwan nm Dota: Dragon's Blood animated tv serise ekatath sub karanna