මෑත කාලීනව නිර්මාණය වුණු විශිෂ්ඨ ගණයේ ඇනිමේෂන් කතා මාලාවක 4වෙනි කතා සමය සඳහා සිංහල උපසිරසි ලබා දීම ආරම්භ කරනවා එහෙනම්. ඇත්තටම “ද ඩ්‍රැගන් ප්‍රින්ස්” දැන් නම් ලෝක උන්මාදයක් වෙලා තියෙන කතා මාලාවක්. 3වෙනි කතා සමය නිකුත් වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගතවුනාට පස්සෙයි අපිට ආයෙත් වතාවක් මකර කුමරුගේ කතා…

මෑත කාලීනව නිර්මාණය වුණු විශිෂ්ඨ ගණයේ ඇනිමේෂන් කතා මාලාවක 4වෙනි කතා සමය සඳහා සිංහල උපසිරසි ලබා දීම ආරම්භ කරනවා එහෙනම්. ඇත්තටම “ද ඩ්‍රැගන් ප්‍රින්ස්” දැන් නම් ලෝක උන්මාදයක් වෙලා තියෙන කතා මාලාවක්. 3වෙනි කතා සමය නිකුත් වෙලා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගතවුනාට පස්සෙයි අපිට ආයෙත් වතාවක් මකර කුමරුගේ කතාව නරඹන්න ලැබුණේ. ඉතින් මේ සීසන් එකේ ප්‍රමාදයට ගොඩක්ම බලපෑවේ ඇමෙරිකාවේ දරුණුවට ව්‍යාප්ත වුණු කොවිඩ් වසංගතයම තමා. ඒ වගේම මේකේ ප්‍රඩක්ෂන් පැනල් එකෙත් යම් යම් ගැටලු කිහිපයක් නිසා මේ සීසන් එක ප්‍රමාද උනා කියලා තමා කරුණු කාරනා දැනගන්න ලැබුණේ. ඒත් කොහොමින් කොහොමහරි ඔන්න 4වෙනි සීසන් එකත් දැන් ඇවිල්ලා තියෙන්නේ.
ඉතින් ඔයා “Avatar The Last Airbender”, “The Legend of Korra” වගේ ඇනිමේෂන් කතා මාලාවල ඩයිහාඩ් ෆෑන් කෙනෙක් නම්, ද ඩ්‍රැගන් ප්‍රින්ස් ඔයා අනිවාර්යයෙන්ම බැලිය යුතුම කතාවක් විදිහට මම නිර්දේශ කරනවා. ඒ වගේම “ගේම් ඔෆ් ත්‍රෝන්ස්”, “හවුස් ඔෆ් ඩ්‍රැගන්” කතා මාලාවන් සඳහාත් ඔයා මැරීගෙන ඉන්න කෙනෙක් නම්, ඔව්; මම ඔයාටත් ද ඩ්‍රැගන් ප්‍රින්ස් නිර්දේශ කරනවා.
අපි මුලින්ම මේ සීරීස් එකේ පසුබිම පිළිවඳව පොඩ්ඩක් දැනුවත් වෙමු. ඉතින් “Avatar The Last Airbender” හැමෝම වගේ බලලා ඇතිනේ. ලංකාවේ නම් මේ සුපිරි මාස්ටර්පීස් එක නොබලපු කෙනෙක් හොයාගන්න නැතිතරම්. ඉතින් මේ ඇවටාර් කතා මාලාවේ රයිටර් කෙනෙක් වුණු “ඇරන් එහාස්”, “ජස්ටින් රිච්මොන්ඩ්” එක්ක එකතුවෙලා තමා ද ඩ්‍රැගන් ප්‍රින්ස් කතා මාලාව නිර්මාණය කරන්නේ. ඉතින් ඇවටාර් කතා මාලාවේ දකින්න ලැබෙන දේවල් වලට බොහෝ සෙයින් සමාන කරුණු කාරනා අපිට මේ සිරීස් එකේදිත් දැකගන්න ලැබෙනවා. විශේෂයෙන්ම මේකේ සීසන් එහෙම නම් වෙලා තියෙන විදිහ. ඇවටාර් කතා මාලාවේ සීසන් එකක් “Book” එකක් විදිහටයි හැදින්වුවේ. ඉතින් මේ හා සමානව ද ඩ්‍රැගන් ප්‍රින්ස් කතා මාලාවෙත් සීසන් එකක් “Book” එකක් විදිහට හඳුන්වනවා. මෙතෙක් ආපූ සීසන් නම් වෙලා තියෙන්නේ පහත ආකාරයට.
• සීසන් 1 – Book 01 Moon
• සීසන් 2 – Book 02 Sky
• සීසන් 3 – Book 03 Sun
• සීසන් 4 – Book 04 Earth
ඒ වගේම Netflix ආයතනය ද ඩ්‍රැගන් ප්‍රින්ස් කතා මාලාව සීසන් 7කින් සමන්විත බවටත්, 7වෙනි සීසන් එකෙන් මේ කතා මාලාව අවසන් වන බවටත් තහවුරු කරලා තියෙනවා. ඒ වගේම සමස්ථ කතා මාලාව Phase තුනකට බෙදලා තියෙනවා. සීසන් 1,2,3 පළවෙනි Phase එක විදිහටත්, සීසන් 4,5,6 දෙවෙනි Phase එක විදිහටත්, 7වෙනි සීසන් එක තුන්වෙනි Phase එක විදිහටත් නම් කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට පළවෙනි Phase එක සම්පූර්න වෙලයි තියෙන්නේ. අද උපසිරසි ලබා දීම ආරම්භ කරන 4වෙනි සීසන් එකෙන් දෙවෙනි Phase එක ආරම්භ වෙනවා. ඒ වගේම මේකේ Title එක වෙන්නෙත් “Mystery of Aaravos” කියන එක.

ඉතින් මේ කතා මාලාවටම ආවේණික වුණු ටිකක් පුළුල් විදිහට විහිදෙන සිනමා විශ්වයක් තියෙනවා. ඉතින් අපි ඒ ගැනත් දළ අදහසක් ලබා ගමු.
ක්ෂේඩියාව කියන්නේ ඇස් අදහා ගත නොහැකි පුදුමයන්ගෙන් හා මායාවන්ගෙන් පිරීගිය භූමියක්. පුරාණ කාලයේ ක්ෂේඩියාවේ මායාවන් ක්‍රියාත්මක උනේ ආදී මූලාශ්‍රයන් (Primal Sources) 6ක් මූලික කරගෙන. ඒවා නම්
• හිරු (The Sun)
• සඳු (The Moon)
• තාරකා (The Stars)
• භූමිය (The Earth)
• ආකාශය (The Sky)
• සාගරය (The Ocean)
ක්ෂේඩියාවේ උපත ලබන සෑම ජීවියෙක්ම මේ ආදී මූලාශ්‍රයක් හා සම්බන්ධ වෙලයි උපදින්නේ. ඒ නිසා ඔවුන්ට උපතින්ම මායාව පිහිටලා තියෙනවා. නමුත් මිනිසුන් එහෙම නෑ. මිනිසුන් ඉපදෙන්නේ එවැනි කිසිම හැකියාවක් නැතුවයි. මේ නිසා මිනිසුන් ධනයට, බලයට කෑදර පහත් ජීවීන් ටිකක් විදිහටයි හැඳින්වුනේ. නමුත් වසර ගණනාවකට පසු මිනිස් මේජ්වරයෙක් (මායාකරුවෙක්) හත්වෙනි මූලාශ්‍රය සොයාගන්නවා. ඒ තමා අඳුරු මායාව (The Dark Magic). ඉතින් මේ අඳුරු මායාවන් කරන්න, අර ආදී මූලාශ්‍ර හා සම්බන්ධව ඉපදෙන ජීවීන්ගේ සාරය අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔවුන් ක්ෂය වීම හෝ මිය යාමට ලක්වුණා. අඳුරු මායාවෙන් මුදාහැරපු මේ භයංකාරත්වයෙන් තැතිගැන්වුණු ක්ෂේඩියාවේ මකරුන් සහ එල්ෆ්වරුන්, මිනිසුන්ව බටහිරට පළවා හරිනවා. ඒ අනුව මෙතෙක් තනි භූමියක් ලෙස පැවතුනු ක්ෂේඩියාව නැගෙනහිර සහ බටහිර ලෙස කොටස් දෙකකට බෙදී යනවා.

නැගෙනහිර කොටස ක්ෂේඩියාවේ මායාමය භූමිය වන අතර මකරුන් එල්ෆ්වරුන් ඇතුළු සියලුම මායාමය ජීවීන් ජීවත් වෙන්නේ මේ කොටසේ. ක්ෂේඩියාවේ ජීවත් වෙන එල්ෆ්වරුන් වර්ග කිහිපයක් ඉන්නවා. ඔවුන් නම්,
• මූන්ෂැඩෝ එල්ෆ්
• සන්ෆයර් එල්ෆ්
• ස්ටාර්ටච් එල්ෆ්
• ටයිඩ්බවුන්ට් එල්ෆ්
• ස්කයිවින්ග් එල්ෆ්
• අර්ත්බ්ලඩ් එල්ෆ්
ලෙස නම් වෙනවා.
මේ වෙනකොට කතා මාලාව තුලින් මූන්ෂැඩෝ, සන්ෆයර්, ස්කයිවින්ග්, ස්ටාර්ටච් යන එල්ෆ්වරුන්ව දකින්න ලැබුණා.
ඉතින් මහද්වීපයේ බටහිර කොටස මිනිස් රාජධානි 5කින් සමන්විත වෙනවා. ඒවා නම්,
• කටෝලිස්
• ඩුරේන්
• නියෝලැන්ඩියා
• ඩෙල් බාර්
• එවෙනියර්
ලෙස නම් වෙනවා. ඉතින් අපිට ගොඩක් වැදගත් වෙන්නේ “කටෝලිස්” රාජධානිය.
ඉතින් මේ විදිහට මේ ප්‍රදේශ දෙක වෙන්වෙන්නේ දැවැන්ත ලාවා ගංගාවකින්. ක්ෂේඩියාව අන්තිමට පාලනය කළ මකරුන්ගේ රජු “ඇවිසැන්ඩම්” කිසිම මනුෂ්‍යයෙකුට ක්ෂේඩියාවට ඇතුළු වීමට ඉඩ නොදෙමින් දේශ සීමාව ආරක්ෂා කළා. නමුත් මිනිසුන් පෙර නොවූවිරූ මායාවක් භාවිත කරලා මකර රජුව මරා දැම්මා. ක්ෂේඩියාවේ මීළඟ මකර රජු, ඇවිසැන්ඩම් රජුගේ එකම උරුමකරු, මකර කුමරුගේ (The Dragon Prince) බිත්තරය මිනිසුන් විසින් විනාශ කරනවා. මෙතනින් පස්සේ තමා ක්ෂේඩියාව හා මිනිස් රාජධානි අතර නොනවතින යුද්ධයක් ආරම්භ වෙන්නේ.
ඉතින් පෙර කතා සමයන් වලදී මේ බිත්තරය විනාශ කරලා නෑ කියලා අපි දැක්කා. බිත්තරය ආපහු මකර රැජිණට ලබා දුනහොත් මේ යුද්ධය අවසන් වේවී යන බලාපොරොත්තුවෙන් තමා කැලම්, ඒස්‍රන්, රෙයිලා තම වික්‍රමාන්විත චාරිකාව ආරම්භ කරන්නේ. ඉතින් පෙර කතා සමයන් වල වැඩියෙන්ම බර තබලා තිබුණේ මේ චාරිකාවට. ඒ වගේම කතාවේ මෙතෙක් දකින්න ලැබුණු දැවැන්තම යුද්ධය අපිට දකින්න ලැබුණා. විරෙන්ගේ නපුරට එරෙහිව මිනිසුන්, එල්ෆ්වරුන් හා මකරුන් එකාමෙන් ක්ෂේඩියාව වෙනුවෙන් සටන් වැදුනා. ඉතින් දැන් සියලුම විරසක අවසන්ද? සාමකාමී කාලයක් උදා වෙලාද? විරෙන්ට මොකද උනේ? කවුද ඇරවෝස් කියන්නේ? ඉතින් මේ ප්‍රශ්න ටිකත් ඔලුවේ තියාගෙන හතරවෙනී සීසන් එක බලන්න පටන් ගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,847 downloadsDownload The-Dragon-Prince-S4E01-Updated-Subtitle.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
4 comments
සංජන චමෝද්
Anonymous
godak asawem balapu katawak bro. thank you sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ලිපිය කියෙව්වම බලන්න ආස හිතුනා. 🤗
සීසන් එකේ ඉදලම බලාගෙන එන්නම්කෝ. 🤪
උපසිරැසිවලට ස්තූතියි. ❤️