Watch Trailer

The Dragon Prince [S06 : E07 & E08] Sinhala Subtitles | කටෝලිස් හි ඛේදවාචකය! [සිංහල උපසිරසි]

The Dragon Prince [S06 : E07 & E08] Sinhala Subtitles The Dragon Prince කතා මාලාවෙ 6වෙනි කතා සමයෙ 7 සහ 8 කොටස්වලටයි මේ උපසිරසි ලබාදෙන්නෙ. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල මොකද උනේ කියල නැවත මතක් කිරීමක් කෙටියෙන් කරගෙන, මේ කොටස් දෙක බලන්න සූදානම් වෙමු. පසුගිය මතකයන් : – ස්ටාර්ස්ක්‍රේපර් වෙතට ගිය කැලම්…

The Dragon Prince Season 06 Sinhala Subtitles

The Dragon Prince Sinhala Subtitles

The Dragon Prince කතා මාලාවෙ 6වෙනි කතා සමයෙ 7 සහ 8 කොටස්වලටයි මේ උපසිරසි ලබාදෙන්නෙ. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල මොකද උනේ කියල නැවත මතක් කිරීමක් කෙටියෙන් කරගෙන, මේ කොටස් දෙක බලන්න සූදානම් වෙමු.

පසුගිය මතකයන් : –

ස්ටාර්ස්ක්‍රේපර් වෙතට ගිය කැලම් සහ රෙයිලා, සියවස් ගණනාවක් සෙලෙස්චෙයල් එල්ෆ්වරුන්ට තාරකා ආලෝකය වළකපු අර රාක්ෂයව පරාද කරනවා. ඇත්තටම ඒ රාක්ෂයෙක් නෙමෙයි; පෙර සිටි මකර රැජිණක් වූ ලූනා ටෙනෙබ්‍රිස්ගෙ පක්ෂපාතී සඟයා වෙන “ඒස්මරී.” ලූනාගෙ අතුරුදන් වීමත් එක්ක ඔහු ශෝකයෙන් වැලපෙන නිසා තමයි සෑම අමාවක රාත්‍රියකම කුණාටුවක් ඇතිවෙන්නෙ. නමුත් රෙයිලා ඇයගෙ මෘදු වදන්වලින් ඒස්මරිගෙ ශෝකය සනසන්න සමත් උනා. ඉතින් ඒ අනුව සෙලෙස්චෙයල් එල්ෆ්වරු අවසානයෙ තමන්ගෙ දෑස් තාරකා ආලෝකයට විවර කළා.

මේ අතරෙ කටෝලිස් සිරභාරයෙ ඉන්න විරෙන්ව හමුවෙන්න සොරෙන් ආවා. දෙන්නා අතරෙ යම් යම් සංවාද ඇතිවෙනවා ඔයා දකින්න ඇතිනෙ. ඇත්තටම විරෙන් දැන් වෙනස් වෙලා. ඔහු ඇත්තටම ඔහු කළ කී දෑ ගැන දැන් පසුතැවෙනවා. නමුත් සොරෙන්ට බැහැ ඔහුට එකපාරම සමාව දෙන්න. ඒ නිසා තමයි විරෙන් පාපොච්චාරණයක් කරමින් ලියුම් කිහිපයක් ලියන්නෙ. ඇත්තටම ඒක නම් ගොඩක් සංවේදී කතාවක්. පියෙක් විදිහට ඔහු හැමවෙලේම තම දරුවන්ගෙ යහපත වෙනුවෙනුයි කැපවුනේ. මිනිසෙක් විදිහට තමන්ගෙම වර්ගයා වෙනුවෙනුයි ඔහු කැපවුණේ. නමුත් ඔහු තෝරාගත් මාවත අතිශය විනාශකාරියි. වැරදියි. ඒ කතාව සොරෙන්ට කියන්නෙ නැතුව, විරෙන් ඒ ලියුම් සේරම පුච්චලා දාපු එක ගැනත් මට පොඩි වේදනාවක් තමයි තියෙන්නෙ.

ඒ වගේම කැලම් තමන්ගෙ ආත්මයෙ ඇතිවෙලා තියෙන අඳුරු මායාවෙන් නිර්මාණය වුණු දූෂිත හිඩැස සත්‍ය-තාරකා ආලෝක චාරිත්‍රය හරහා ආලෝකයෙන් පුරවාගන්නවා. ඉතින් ඒ අනුව ඇරවෝස්ට ඔහුව තවත් පාලනය කරන්න තියෙන හැකියාව වැහිලා යනවා. ඒ වගේම ටිකක් පසුගාමී විදිහට තිබුණු කැලම් රෙයිලගෙ ආදර කතාවක් උච්චතම අවස්ථාවකට එනවා ඔයාලා දකින්න ඇතිනෙ…

වැදගත්ම කාරණය උනේ ඇරවෝස්ගෙ සිරකුටිය. දැක්කනෙ. ඇත්තම එක කියල හිතාගෙන කැලම් අරගෙන ඇවිල්ලා තිබුණෙ සීනි අනුරුව. ඇරවෝස් ආයෙ වතාවක් තමන්ට සිතැඟි පරිදි කැලම්ව පාලනය කරලා. ඉතින් මොනවා වෙයිද? මේ කොටස් දෙකත් බලලා ඒ ගැන දැනගන්න…

උපසිරසි සම්බන්ධයෙන් විමසීමක් ගැටලුවක් තියෙනවා නම් ලංකන් Weebs හෝ PWsubs ෆේස්බුක් පිටුහරහා සම්බන්ධ වෙන්න පුලුවන්.

හමුවෙමු එහෙනම් අවසන් කොටසින්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

547 downloadsDownload The-Dragon-Prince-S06-E07-E08-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

547 downloadsDownload Subtitles23 KB

1 comment

  1. Nimesh Chathuranga

    සබ් වලට ගොඩක් ස්තූතීයි ..! සීසන් 07 ඉක්මනින් දෙන්න.