Watch Trailer

The Dragon Prince [S06 : E05 & E06] Sinhala Subtitles | හදවත් පසාරු කරනා ඇගේ මෘදු වදන්… [සිංහල උපසිරසි]

The Dragon Prince [S06 : E01 & E02] Sinhala Subtitles කොහොමද ඉතින්… The Dragon Prince Season 6 හි 5 සහ 6 කොටස්වල සිංහල උපසිරසි සමඟයි ඔයා දැන් එකතුවෙලා ඉන්නෙ. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල මොකද උනේ කියල මතක් කිරීමක් කරගෙන මේ කොටස් දෙකත් නරඹන්න එකතුවෙමු. පසුගිය මතකයන් : – කැලම් සහ රෙයිලා දැන් උතුරෙ ත…

The Dragon Prince Season 06 Sinhala Subtitles

The Dragon Prince Sinhala Subtitles

කොහොමද ඉතින්… The Dragon Prince Season 6 හි 5 සහ 6 කොටස්වල සිංහල උපසිරසි සමඟයි ඔයා දැන් එකතුවෙලා ඉන්නෙ. සුපුරුදු පරිදි පසුගිය කොටස්වල මොකද උනේ කියල මතක් කිරීමක් කරගෙන මේ කොටස් දෙකත් නරඹන්න එකතුවෙමු.

පසුගිය මතකයන් : –

කැලම් සහ රෙයිලා දැන් උතුරෙ තියෙන ස්ටාර්ස්ක්‍රේපර් වෙතට යන ගමන්නුයි ඉන්නෙ. ඒ ඇරවෝස්ගෙ සිරකුටිය විනාශ කිරීමෙ ක්‍රමයක් සොයාගැනීමේ අරමුණින්. යන අතරමඟ මිදුණු මුහුදෙ රැඳිලා තිබ්බ අබලන් නැවකයි මෙයාලා රැයක් ගතකළේ. නමුත් මෙහිදි කැලම් නැවතත් අඳුරු මායාවන් කළ බවට රෙයිලට හෙළි කරනවා. මතක ඇතිනෙ පසුගිය කතා සමයෙ, ෆිනග්‍රින් රෙයිලව මරන්න ගිය මොහොතෙ කැලම් ඇයව බේරගන්න ඕනෙ නිසානෙ අඳුරු මායාවන් කළේ… ඇත්තටම රෙයිලා ඒ ගැන ගොඩක් අසතුටින් තමයි ඉන්නෙ. දෙන්නගෙ වාදවිවාදය ඉවර උනේ අන්තිමට නැවතිලා හිටපු අබලන් නැවත් ගිලීයාමෙන්… ආ… ඒ වගේම කැලම්ගෙ හැබෑම පියා කවුද කියලත් අපිට ටිකක් තොරතුරු ලැබුනනෙ…

ඒ වගේම මතක ඇති විරෙන් අවසානයෙ කටෝලිස් වෙතට ආවා. ඔහු ඒස්‍රන් ඉදිරියෙ දණින් වැටුණා. ඇ‍ඬුවා… ඔහු ඇත්තටම වෙනස් වෙලාද? කෙසේ කෝ වේවා දැන් විරෙන්, කටෝලිස් අත්අඩංගුවෙයි සිටින්නෙ. ඇත්තටම විරෙන් වෙනස් වෙලාද නැතිනම් ඔහු තවත් මොකේකටහරි අර අඳිනවද කියල දැනගන්න අපි ඉදිරියට බලාගෙන යමු.

ඉතින් කොහොමහරි කැලම් සහ රෙයිලා, ස්ටාර්ස්ක්‍රේපර් වෙතට ඇවිල්ලා සෙලෙස්චෙයල් එල්ෆ්වරු මුණ ගැහුනනෙ. ඒ වගේම ඔවුන් ටිකක් බලාපොරොත්තු සුන්වෙන විදිහෙ තොරතුරකුත් දැනගත්තා. ඒ තමයි ඇරවෝස්ව මරාදමන්න බැරි බව. කැලම් හිතාගෙන හිටියෙ නෝවාබ්ලේඩ් එක අධාරයෙන් ස්ටාර්ටච් එල්ෆ්වරයෙක් වෙන ඇරවෝස්ව මරාදමන්න පුලුවන් කියල. ඔව් ඇත්ත. එයට පුලුවන් ස්ටාර්ටච් එල්ෆ්වරයෙකුගෙ අමරණීය ශරීරය විනාශ කරන්න. නමුත් ඉන්පසු ඔහුගෙ තාරකාවන් යළි එක්වෙන මොහොතෙ ඇරවෝස්ට පුලුවන් ආපහු ක්ෂේඩියාවට විද්‍යාමාන වෙන්න. ඒ නිසයි ඇරවෝස්ව මරාදමන්නෙ නැතුව සදාකාලෙටම හිරකළේ. මොකද ඔහුව සදාකාලෙටම මරාදමන්න බැරි නිසා. මේ අතර සෙලෙස්චෙයල් එල්ෆ්වරු මොකක්දෝ මන්දා අනාවැකියක් ගැන කතාවකුත් ඇඳලා ගත්තනෙ…

ඔයාලා දකින්න ඇති හැම සෙලෙස්චෙයල් එල්ෆ්වරයෙක්ම ඇස් වහගෙනයි ඉන්නෙ. ඔවුන් ඒ ඇස් ආවරණ අයින් කරන්නෙ පැහැදිලි අමාවක රාත්‍රියක විතරයි. එතකොට එයාලගෙ ඇස්වලට වැටෙන එකම ආලෝකය වෙන්නෙ පිවිතුරු තාරකා ආලෝකය පමණයි. නමුත් කිසියම් රාක්ෂයෙකුගෙ බලපෑමක් නිසා සෑම අමාවක රාත්‍රියක්ම කුණාටුවකින් වැහිලා යනවා. ශතවර්ෂ ගණනාවක් තිස්සෙ මේක මෙහෙමයි. ඉතින් කොහොමහරි දැන් කැලම්ටයි රෙයිලටයි අපේක්ෂා නොකරපු විදිහෙ වැඩකට අත තියන්න වෙයිද? මේ කොටස් දෙකේ තමා පිළිතුරු තියෙන්නෙ.

ඒ වගේම කරීම් සන්සීඩ් එක රැගෙන සෝල් රේගම් ළඟට ගියා මතක ඇති. ඔවුන්ගෙ සූදානම උනේ ඔහුගෙ ඇස් සුවපත් කරන්නයි. නමුත් සෝල් රේගම් එය ප්‍රතික්ෂේප කරමින් කිව්වෙ ඔහුගෙ ඉරීගිය පියාපත් සුව කරන්න එහි බලය පාවිච්චි කරන්න කියලනෙ. ඉතින් අපි බලමු ඉදිරිය කොහොමද කියල.

උපසිරසි සම්බන්ධයෙන් මොනාහරි විමසීමක් ගැටලුවක් තියෙනවා නම් ලංකන් Weebs සහ Pwsubs කියන ෆේස්බුක් පිටු තුළින් මාව සම්බන්ධ කරගන්න පුලුවන් ඔන්න. එහෙනම් හමුවෙමු ඊළඟ කොටස් දෙකෙන්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

467 downloadsDownload The-Dragon-Prince-S06-E05-E06-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

467 downloadsDownload Subtitles27 KB

1 comment

  1. Anonymous

    Thanks