Watch Trailer

The Dragon Prince [S06 : E09] Sinhala Subtitles | දුවණියකගෙ ආදරය සහ පියෙකුගෙ පළිගැනීම! [සිංහල උපසිරසි]

The Dragon Prince [S06 : E09 & E10] Sinhala Subtitles එහෙනම් The Dragon Prince 6වෙනි කතා සමයෙ අවසන් කොටස සමඟයි ඔයා දැන් මේ එකතුවෙලා ඉන්නෙ. කතාව දැන් හිතුවෙවත් නැති පැත්තකට කැරකිලා නේද… හරි එහෙනම්… අපි කලින් මොකද උනේ කියල මතක් කිරීමක් කරගමුකො… පසුගිය මතකයන් : – කරීම් එහෙනම් සන්සීඩ් එකේ බලය පාවිච්චි…

The Dragon Prince Season 06 Sinhala Subtitles

The Dragon Prince Sinhala Subtitles

එහෙනම් The Dragon Prince 6වෙනි කතා සමයෙ අවසන් කොටස සමඟයි ඔයා දැන් මේ එකතුවෙලා ඉන්නෙ. කතාව දැන් හිතුවෙවත් නැති පැත්තකට කැරකිලා නේද… හරි එහෙනම්… අපි කලින් මොකද උනේ කියල මතක් කිරීමක් කරගමුකො…

පසුගිය මතකයන් : –

කරීම් එහෙනම් සන්සීඩ් එකේ බලය පාවිච්චි කරලා සෝල් රේගම්ගෙ පියාපත් සුවකළා. ඒත් සමඟම ඔහු බලාපොරොත්තු උනේ ජනායිට විරුද්ධව යුද්ධ කරලා සෝල් රේගම්ගෙ බලය යොදවන්න. නමුත් සෝල් රේගම් ගියෙ වෙන දිහාවක. කටෝලිස්වලට! දැක්කනෙ සෝල් රේගම් කරපු විනාශයෙ තරම. කටෝලිස් දැන් එක ගිනි ජාලාවක්. මේ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ ඇරවෝස්. දැක්කනෙ ෆාරෝස්ව පාලනය කරමින් ඔහු කරපු දේ. අන්තිමේදී සෝල් රේගම් කරපු මහා වරදක් ඇරවෝස් හෙළිකළා. එහි පසුතැවීමත් එක්කම තමයි සෝල් රේගම් මියගියේ.

කටෝලිස් විනාසයේදී විරෙන්ගෙ ක්‍රියාව නම් අනිවාරෙන්ම සඳහන් කරන්නම ඕනෙ. මොන වරද කළත් විරෙන් අවසන් මොහොතෙදි ක්‍රියාකළේ හැබෑම වීරයෙක් විදිහට. හැබෑම පියෙක් විදිහට. ඒ මොහොතෙදි ඔහුට මැවිලා පෙනුන ඒ දසුන්… ඇත්තටම ගොඩක් සංවේදී උනු අවස්ථාවක්.

මේ අතරෙ තමන්ගෙ පියාව හමුවීමෙ බලාපොරොත්තුවෙන් කටෝලිස් වෙතට ආපු ක්ලෝඩියා දකින්න එකම ඛේදවාචකයක්! ඇය දකිනවා තමන්ගෙ පියාට අත්වෙලා තියෙන විපත. මේ අතරෙදි තමයි ඇරවෝස් ගෙ සිරකුටිය ඇයට හමුවෙන්නෙ. ඇරවෝස් කැලම්ව පාලනය කළේ මේකට තමයි. ඔහු හැමදේම මුල ඉඳලම පාලනය කරලා.

මේ අතරෙ මූන් නෙක්සස් එකට ආපු කැලම් සහ රෙයිලා දැනගන්නවා දෙව්ලොවේ කිරුළෙහි තියෙන එක් ක්වේසාර් ඩයමන්ඩ් එකක් බොරු එකක් කියල. ඒකෙ ඇත්තම එක සියාඩ්ගෙ යෂ්ඨියෙයි තියෙන්නෙ කියල ඔයාලා දැක්කනෙ. ඇරවෝස් මුල ඉ‍ඳලම සියල්ල සැලසුම් කරලා. ක්වේසාර් ඩයමන්ඩ් දෙකක් විතරක් තියෙන නිසා දැන් රෙයිලට තමන්ගෙ දෙමව්පියො සහ රූනාන් අතරෙ තේරීමක් කරන්න වෙලා.

එක් පසෙකින් කැලම් සූදානම් රෙයිලගෙ දෙමව්පියො ආපහු රැගෙන එන්න. අනෙක් පසෙන් ක්ලෝඩියා සූදානම් ඇරවෝස්ව නිදහස් කරන්න. එකම මායාව වෙනස් අරමුණු දෙකක් වෙනුවෙන්. ඉතින් මොනවයින් මොනවා වෙයිද. පිළිතුරු මේ අවසන් කොටසෙ…

ඒ වගේම කියන්න ඕනේ The Dragon Prince 7වෙනි කතා සමය මේ වසරෙ දෙසැම්බරයේ නිකුත් වෙනවා කියල නිවේදනය කරලා තියෙනවා. ඉතින් අපි එදාට ඒ අලුත් සීසන් එක සමඟ හමුවෙමු. එතකන්…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

488 downloadsDownload The-Dragon-Prince-S06-E09-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

488 downloadsDownload Subtitles14 KB

2 comments

  1. Sachith

    Sub Walata Godak Thanks

    Balana Tika Dena Wenuwen Hari Dunna Eka Watinawa.

    Season 07 tat Sub Denna .

  2. Dhanuka Theekshana

    season 7 sub ekath denna suddh