Watch Trailer

The East Palace AKA Donggung [S01 : E06] Sinhala Subtitles | විෂ වූ සිංහාසනය [සිංහල උපසිරැසි සමඟ]

The East Palace Season 1 Sinhala Subtitles කොහොමද හැමෝටම, K-Drama රසිකයන් හැමෝම වගේ එනකන් මග බලාගෙන හිටපු, Netflix එකෙන් ඉදිරිපත් කරන සුපිරි කතාමාලාවකට සිංහල උපසිරසි තමයි අද අරගෙන එන්නේ. ඒ තමයි මේ මාසේ 17 වෙනිදා ඉඳන් විකාශනය ආරම්භ වුණු “The East Palace” (කොරියානු නම: 동궁 – Donggung)කොරියානු කතා මාලා…

The East Palace Season 1 Sinhala Subtitles

කොහොමද හැමෝටම,

K-Drama රසිකයන් හැමෝම වගේ එනකන් මග බලාගෙන හිටපු, Netflix එකෙන් ඉදිරිපත් කරන සුපිරි කතාමාලාවකට සිංහල උපසිරසි තමයි අද අරගෙන එන්නේ. ඒ තමයි මේ මාසේ 17 වෙනිදා ඉඳන් විකාශනය ආරම්භ වුණු “The East Palace” (කොරියානු නම: 동궁 – Donggung)කොරියානු කතා මාලාව.

මේක නිකන්ම නිකන් ක්‍රියාදාම කතාවක් නෙවෙයි, ඓතිහාසික පසුබිමකට Dark Fantasy සහ Horror මුසු කරලා හදපු, රසිකයන්ගේ ඇඟ කිලිපොලා යන කුතුහලයෙන් පිරුණු සුපිරි කතාවක්.

කතාව ගැන පොඩි අදහසක් ගමු…..  

කතාව ගෙතෙන්නේ ශාප ලත් රාජකීය මාලිගාවක් (East Palace) වටායි. මේ මාලිගාව ඇතුළේ සිදුවන අද්භූත මරණ සහ හොල්මන් සිදුවීම් පිටුපස තියෙන රහස් සෙවීම සඳහා රජතුමා විසින් සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙක්ව කැඳවනවා.

ඉන් එක් අයෙක් තමයි ගු-චියොන් (Gu-cheon). ඔහු තමන්ටම අවතාරයක් බවට පත්වීමේ සුවිශේෂී හැකියාවක් ඇති, තමන්ගේ කඩුවෙන් අවතාර දඩයම් කරන, ටිකක් උඩඟු ඒ වගේම අති දක්ෂ සටන්කරුවෙක්. අනෙක් කෙනා තමයි සෙං-ගං (Saeng-gang). ඇය මියගිය අයගේ හඬවල් ඇසීමටත්, ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමටත් අපූරු හැකියාවක් ඇති මාලිගාවේ සේවිකාවක්. අද්භූත ලෝකයෙන් පැමිණෙන විවිධ ආත්මයන්ට මුහුණ දෙන අතරතුර, මේ දෙන්නා එකතු වෙලා මාලිගාවේ අඳුරු බිත්ති හතර ඇතුළේ සැඟවුණු රහස් සහ ශාපයේ සුලමුල සොයා යන හැටි ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුළුවන්.

මේ කතාවේ චරිත ටිකට පණ පොවන්නේ ඔයාලා හැමෝම දන්න හුරුපුරුදු සුපිරි දක්ෂ නළු නිළියන් පිරිසක්

ප්‍රධාන චරිත සහ නළු නිළියන් (Cast & Characters)

                  Nam Joo-hyuk (ගු-චියොන් ලෙස)

මිනිස් ලෝකය සහ අවතාර ලෝකය අතර ගමන් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති, තමන්ගේ කඩුවෙන් අවතාර දඩයම් කරන ටිකක් උඩඟු ඒ වගේම අති දක්ෂ සටන්කරුවෙක්. Joo-hyuk විසින් ඔහුගේ හමුදා සේවය නිමා කරලා ඇවිල්ලා කරපු පළමු නිර්මාණය මේක.

                 Nam Joo-hyuk  ප්‍රධාන චරිත නිරූපණය කරපු K-Dramas කිහිපයක්:

  • Who Are You: School : 2015
  • Weightlifting Fairy Kim Bok-joo : 2016
  •  The Bride of Habaek : 2017
  • Start-Up : 2020 
  • Twenty-Five Twenty-One : 2022
  • Vigilante : 2023

         Roh Yoon-seo (සෙං-ගං ලෙස)

මියගිය අයගේ හඬවල් ඇසීමටත්, ඔවුන් සමඟ සන්නිවේදනය කිරීමටත් අපූරු හැකියාවක් ඇති, ඒ වගේම තමන්ගේ හිත ඇතුළේ ලොකු රහසක් සඟවාගෙන ඉන්න මාලිගාවේ සේවිකාවකගේ චරිතයකට තමයි Roh Yoon-seo  මේ කතාමාලාව තුලදී රංගනයෙන් දායක වෙන්නේ.

                         Roh Yoon-seo  රංගනයෙන් දායක වුනු K-Dramas කිහිපයක්:

  • Our Blues :  2022
  • 20th Century Girl :  2022-KMOVIE
  • Crash Course in Romance :  2023
  • Black Knight :  2023

                Cho Seung-woo (රජතුමා ලෙස)

මාලිගාවේ සිදුවන විනාශය නතර කරන්න මේ කණ්ඩායම එකතු කරගන්නා රජතුමාගේ චරිතයට පණ පොවන්නේ මොහුයි.

                            Cho Seung-woo ප්‍රධාන චරිත නිරූපණය කරපු K-Dramas කිහිපයක්:

  • God’s Gift: 14 Days : 2014
  • The King’s Doctor / Horse Doctor : 2012
  • Stranger / Secret Forest :  2017 – 2020
  • Life : 2018
  • Sisyphus The Myth :  2021
  • Divorce Attorney Shin : 2023

තිරය පිටුපස ඉන්න දැවැන්තයින් (Production & Crew)

2021 වසරේ අතිශය ජනප්‍රිය වුණු The Devil Judge කතාමාලාව අධ්‍යක්ෂණය කරපු Choi Jung-kyu අධ්‍යක්ෂවරයා තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම, K-Drama ලෝකයේ හොල්මන් සහ අද්භූත කතා රැල්ලක් නිර්මාණය කරපු The Guest (2018) සහ Bulgasal: Immortal Souls (2021–2022) යන සුපිරි කතාමාලා ලියපු Kwon So-ra සහ Seo Jae-won කියන සුසංයෝගී තිර රචක දෙපළ තමයි මේකේ කතාව ලියලා තියෙන්නේ. මේ කතාමාලාව ඒකාබද්ධව නිෂ්පාදනය කරන්නේ කොරියාවේ ප්‍රසිද්ධ සමාගම් දෙකක් වන Showrunners සහ Imaginus විසිනුයි.

කතා මාලාවේ ඇතුලත් දර්ශන කිහිපයක්: 

“අවතාර ලෝකයේ සැරිසරන සටන්කරුවෙක් සහ මියගියවුන්ගේ හඬ ඇසෙන මාලිගාවේ සේවිකාවක්, රජතුමාගේ අණ පරිදි නැගෙනහිර මාලිගයට ඇතුල් වෙයි! ඔවුන්ට එහි සැඟවුණු අඳුරු රහස් සොයාගත හැකි වේවිද?”

ඉතින් K-Drama රසිකයෙක් විදිහට, ඔයාලා Horror සහ Dark Fantasy කතාවලට ආස කෙනෙක් නම්, “The East Palace” කියන්නේ කිසිසේත්ම මඟහැරිය නොයුතු, මේ වසරේ බලන්නම ඕන සුපිරිම නිර්මාණයක්. රාජකීය රහස්, අද්භූත බලවේග සහ Nam Joo-hyuk ගේ වෙනස්ම සටන්කාමී රංගනය නිසා කතාවේ කුතුහලය තත්පරයෙන් තත්පරය ඉහළ යනවා.

ඔන්න එහෙනම්, මාලිගාවේ සැඟවුණු ඒ බියකරු රහස මොකක්ද කියලා ඔයාලටත් කුතුහලයක් ඇති නේද? තවත් ප්‍රමාද වෙන්නේ නැතුව මේ සුපිරි කතාමාලාව සිංහල උපසිරසි එක්ක නරඹන්න දැන්ම අපේ වෙබ් අඩවියෙන් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න

තවත් මේ වගේම සුපිරියකින් හමුවෙනකන් හැමෝටම ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා…..

Donggung S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

829 downloadsDownload The-East-Palace-S01E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2026-03-14
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

 

 

The East Palace Season 1 Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

829 downloadsDownload Subtitles21 KB

1 comment

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට