The Family Man [S03 : E01] Sinhala Subtitles | ආයුබෝවන්, ඔන්න එහෙනම් මේ උඳුවප් සීතල ලබා ගෙන එන අනෝරා වැහි ඇද වැටෙන කාලෙක ගෙදර ඉඳ ගෙන උණුසුම් වෙලා බලන්න තවත් අළුත් වෙබ් කතා මාලාවක් උණු උණුවේම දෙන්නයි ලෑස්තිය. අළුත් කිව්වට අළුත්ම නෑ. මේ පවුලෙ මිනිහා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නෑ. මොකද මේක ඉන්දිය…

The Family Man Sinhala Subtitles |
ආයුබෝවන්, ඔන්න එහෙනම් මේ උඳුවප් සීතල ලබා ගෙන එන අනෝරා වැහි ඇද වැටෙන කාලෙක ගෙදර ඉඳ ගෙන උණුසුම් වෙලා බලන්න තවත් අළුත් වෙබ් කතා මාලාවක් උණු උණුවේම දෙන්නයි ලෑස්තිය. අළුත් කිව්වට අළුත්ම නෑ. මේ පවුලෙ මිනිහා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය නෑ. මොකද මේක ඉන්දියානු කලාපයේ වඩාත්ම ජනප්‍රිය කතා මාලාවන් අතර ඉදිරියෙන්ම තියෙන එකක්. මේක බලල නැති කෙනෙක් ඉන්නව නම් මේකෙ මුලට යන්න. පළවෙනි සීරීස් එකේ සහ දෙවෙනි සීරීස් එකේ පිළිවෙලින් කොටස් 10ක් හා 9ක් වශයෙන් සියළුම උපසිරැසි සහ විස්තර ඔබට බලා ගන්න පුළුවන්. මේකෙ සීරීස් දෙක 2019 සහ 2021 නිකුත් වෙලා අති විශාල ප්‍රතිචාරයක් ලබමින් සමස්ථ IMDB අගය 8.7ක මට්ටමේ පවත්වාගෙන යනවා. දිගු නිහැඬියාවකින් පස්සෙ ඔන්න මේ නොවැම්බර් 21 වෙනිදා තුන් වෙනි සීරීස් එක කොටස් හතකින් යුක්තව Amazon Prime Video හරහා නිකුත් උනා.
ඉතිං මගේ ප්‍රියතම ඉන්දියානු වෙබ් සීරීස් එකේ උපසිරැසිය මට කරන්න ලැබීම ලොකු සතුටක්. ඒකෙ spy action thriller ඉතාම ඉහළ මට්ටමෙන් තියෙන නිසාද නැත්තම් මනෝජ් බජ්පායි කියන මගේ තක්සේරුව අනුව ඉන්දියාවෙ ඉන්න හොඳම නළුවා ඉන්න නිසාද දන්නෙ නෑ මම මේකට ප්‍රිය කරන්නෙ. ඇත්තටම බජ්පායි ඉන්න චිත්‍රපටි කීපයකම උපසිරැසි මම කලේ ඔහුට තිබෙන කැමැත්තට. හිංදි සිනමාවෙ ඉන්න ජනප්‍රිය පියරු බබාලගෙ මූණවල් එක්ක සසඳන කොට මේ යකාගෙ මූණෙ තියෙන හැම පේශියක්ම රඟපාන හැටි මේ කතාවෙදි බලා ගන්න පුළුවන්.

අතීතය අමතක කරල වත්මන් කතාවට ආවොත් ශ්‍රීකාන්ත් තිවාරි නම් බුද්ධි අංශ නිලධාරියා සුපුරුදු පරිදි ත දේශය රැක ගැනීම උදෙසා සටන් කරන කොට අනිත් පැත්තෙන් තමන්ගෙ පවුල රැක ගන්නත් සටන් කරනවා. ඉතිං මේ දෙකම බැලන්ස් කර ගන්න පුළුවන් වේවිද? මේ කතා මාලාවෙදි ඒ සම්බන්ධයෙන් එල්ල වෙන අභියෝගය එන්න එන්නම වැඩි වෙනවා. මේකෙදි ඔහු මැදි වෙන්නෙ ඊසාන දිග ඉන්දියාවෙ නාගලන්ත ප්‍රාන්තයේ ගැටුම් අතරට. තමන්ගෙ, තම පවුලෙ, තම ආයතනයේ පමණක් නොව තම දේශයේ ගරුත්වය වෙනුවෙන් ඔහුට සටන් කරන්න සිදු වෙනවා. වැඩි විස්තර ඕනෙ නෑ පළවෙනි සීරීස් එකේ පළවෙනි කතාංගයේ රතුපාටින් තියෙන ලස්සන හැඳින්වීම මේ සීරීස් එකටත් එහෙමම අදාළයි. හැමදාම අවසානයේ ඉතා උද්වේගකර අවසානයක් බලාපොරොත්තු වෙන්න.
Raj Nidimoru සහ Krishna D.K.ගෙ අධ්‍යක්ශනයෙන් ඔවුන් දෙදෙනා සමග Suman Kumar විසින් රචනය කරන ලද මේ කතා මාලාවේ Manoj Bajpayee, Sharib Hashmi, Priyamani, Ashlesha Thakur, Vedant Sinha, Shreya Dhanwanthary මුල් සීරීස් එකේ සිටත් Seema Biswas දෙවැන්නේ සිටත් රඟපාන අතර Jaideep Ahlawat තුන් වැන්නේ ප්‍රධාන චරිතයක් රඟපානවා. ඉතින් අද සිට දින පතා තිලිණ කරන මේ උප සිරැසි සමග FAMILY MAN S 03 බලන්න ලෑස්ති වෙන්න.
මීළඟ කොටස සමග හමු වෙමු. ආයුබෝවන්
The Family Man S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
2,192 downloadsDownload The-Family-Man-S03E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Family Man S03 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
14 comments
Thilina Nanayakkara
Anonymous
Thank you so much. was waiting for this
Nuwan
Thanks guys
Dananjaya Ranathunga
ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.. දානකන් බලන් ඉන්නවා
Buddhika laKMal
ස්තුතියි බන්දුල සහෝ මේ සීරිස්එකට සිංහල සබ් දෙන්න පටං ගත්තට
Supun Thiwanka
අම්මෙ දීලා ඇති යන්තම්. මම ආපු දවස්වලම මෙකෙයි එෆ්බී එකෙයි කමෙන්ටුත් දැම්මා දෙන්න කියල. එල එල ඉක්මනට දෙන්න බ්‍රො. තෑන්ක්ස්
.Chamath
Thank you guys. hope next episodes soon.
රංගික සිනෙත් කාරියවසම්
සීරියස් එක බලන්න නැතිව නොවිවසිල්ලේ ඉන්නේ. බොහොම ස්තුතියි.ජය
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌tharidu16
wow.super
sithmina
Thank u brother.mekt sub denne nathi vei kiyl hithuve.
Sahan Gayantha
thanks a lot sub ekata
Viraj
Thanks
Anonymous
Thank you brother for sinhala subtle
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Family Man [S03 : E01] Sinhala Subtitles | සාමය පරදුවට තැබීම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/11/the-family-man-s03-2.jpg)


බොහොම ස්තූතියි සහෝ..