Watch Trailer

The Fragrant Flower Blooms With Dignity [S01 : E01] Sinhala Subtitles | රින්ටරෝ සහ කඕරුකෝ [සිංහල උපසිරසි]

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles 2025 වසරේ July 06 වෙනිදා විකාශය ආරම්භ කරපු මෙම කතා මාලාව මිනිත්තු 24 බැගින් වූ කොටස් 13ක් නිකුත් වීමට නියමිතයි. Romance,Comedy,Drama,School යන Genre වලට අයත්, Saka Mikami මහතාගේ Manga එක ඇසුරෙන් නිර්මාණය වුනු මේ කතා මාලාව IMDB දර්ශ…

The Fragrant Flower Blooms With Dignity Season 01 Sinhala Subtitles

2025 වසරේ July 06 වෙනිදා විකාශය ආරම්භ කරපු මෙම කතා මාලාව මිනිත්තු 24 බැගින් වූ කොටස් 13ක් නිකුත් වීමට නියමිතයි. Romance,Comedy,Drama,School යන Genre වලට අයත්, Saka Mikami මහතාගේ Manga එක ඇසුරෙන් නිර්මාණය වුනු මේ කතා මාලාව IMDB දර්ශකයේ 8.8/10 ක අගයක් වගේම MyAnimelist හි 8.73 ක වගේ ඉහළ අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. 

මේ කතා මාලාව නිර්මාණය කරලා තියෙන්නේ Darling In the Franxx, Horimiya,Spy x Family,My Dress-Up Darling,Wind Breaker වැනි ඇනිමෙ නිර්මාණය කරපු CloverWorks Studio එක විසිනුයි. මෙහි Opening Theme එක වන “Manazashi wa Hikari” ගීතය Tatsuya Kitani විසින් ගායනා කරන අතර Ending Theme එක වන “Hare no Hi ni” ගීතය Reira Ushio විසින් ගායන කරනවා.

දැන් අපි යමු කතාව පැත්තට… මේ කතාවෙ Main Character දෙක වෙන්නේ Tsumugi Rintaro සහ Kaoruko Waguri කියන දෙන්නා. රින්ටරෝ කියන්නෙ ටිකක් බය හිතෙන පෙනුමක් තියෙන කෙනෙක් ඉතින් ගොඩක් අය රින්ටරෝව මඟහරිනවා. ඒත් ඉතින් ඒක එයාට ගානක් නෑ මොකද රින්ටරෝට ඉන්නවා එයාටම කියල හොඳම යාළුවො තුන්දෙනෙක්. ඉතින් අපේ කඕරුකෝ ගැන කිව්වොත් එයා ගොඩක් ලස්සන හුරතල් ගෑණු ළමයෙක්. ඒ වගේම හොඳට ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මෙයා යන ඉස්කෝලෙ හැමෝම මෙයාට කැමතියි.

ඉතින් මේ දෙන්නා ඉන්නෙ ඉස්කෝල දෙකක. රින්ටරෝ යන්නෙ Chidori Public High School එකට ඒ වගේම කඕරුකෝ යන්නේ Kikyo Private Academy එකට. ඉතින් මේ ඉස්කෝල දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ඉස්කෝල දෙකක්, Chidori වලට යන්නෙ සාමන්‍ය පවුල්වල ළමයි ඒ වගේම Kikyo වලට යන්නේ උසස්, ධනවත් පවුල්වල ළමයි. ඉතින් මේ Kikyo ඉස්කෝලෙ ඉන්න කෙල්ලො Chidori ඉස්කෝලෙ ඉන්න කොල්ලො දිහා බලන්නෙ ගොඩක් පහත් විදියට. කෙටියෙන්ම කිව්වොත් මේ ඉස්කෝල දෙක එකිනෙකාට වෛර කර ගන්නවා.

රින්ටරෝගෙ පවුලෙ අයට කේක් කඩයක් තියෙනවා ඉතින් රින්ටරෝ සමහර දවස්වලට කඩේ වැඩ කරනවා. දවසක් රින්ටරෝ කේක් කඩේ වැඩ කර කර ඉන්න කොට එයා දකිනවා එක Costumer කෙනෙක් (කඕරුකෝ) කේක් කකා ඉන්නවා. ඉතින් රින්ටරෝ එයා දිහා බලාගෙන ඉන්නවා දැක්කම එයා එක පාරටම නැගිටලා එතනින් දුවලා යනවා. ඊට පස්සෙ දවසෙ ආපහු එයා ඇවිල්ලා ඊයෙ මොකුත් කියන් නැතුව දුවලා ගිය එකට රින්ටරෝගෙන් සමාව ගන්නව. ඊට පස්සෙ තමයි මෙයාල දෙන්නගෙ ආදර කතාව පටන් ගන්නේ. ඉතින් මේ ලස්සන Anime එක බලන්න කියලා මන් ඔයාල හැමෝටම ආරධානා කරනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු.

Note : මේ Sub එක සමහර Player වලට හරියට වැඩ කරන් නෑ ඒ නිසා ඔයාල මේක Computer එකකින් හරි Lap එකකින් හරි බලනව නම් Potplayer හෝ Vlc player එකෙන් බලන්න. Phone එකෙන් බලනව නම් Vlc player App එකෙන් බලන්න 🙂

ලංකන් weebs කණ්ඩායමේ මම The Fragrant Flower Blooms With Dignity Season 01 වෙනුවෙන් සිංහල උපසිරැසි සමගාමී විකාශය සමග නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා

ලංකන් Weebs වෙනුවෙන් – මලිත් කෞෂාල්

Episode Name : Rintaro And Kaoruko
Release Date : 2025.07.06
IMDB : 8.8 The Fragrant Flower Blooms With Dignity S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,113 downloadsDownload The-Fragrant-Flower-Blooms-S01E01.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

 

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,113 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Hasaranga Nadeesha

    කාලෙකින් romcom anime එකක් පටන් අරන්. මරු❤

  2. Isuru sandeepa

    Sub ekata thanks