Deli Boys Sinhala Subtitles පෙර කොටසින්… FBI එක තමන් පස්සේ එන බව දැනගත්තම රාජ් කම්පනයට පත් වුණා. පෙයිරි තමන්ව FBI එකට පාවා දීපු එක ගැන මිනිහට හොඳටෝම කලකිරුනා. පෙයිරි මෙතනදි පැහැදිලි කිරීමක් කරන්න උත්සහා කරත් මිනිහා ඒවා අහන්න ලෑස්ති වුණේ නෑ. තමන් ඇයි පෙයිරිව විශ්වාස කළේ කියලා ප්‍රශ්න කරමින් අවිශ්වාස…
Deli Boys Sinhala Subtitles
පෙර කොටසින්…
FBI එක තමන් පස්සේ එන බව දැනගත්තම රාජ් කම්පනයට පත් වුණා. පෙයිරි තමන්ව FBI එකට පාවා දීපු එක ගැන මිනිහට හොඳටෝම කලකිරුනා. පෙයිරි මෙතනදි පැහැදිලි කිරීමක් කරන්න උත්සහා කරත් මිනිහා ඒවා අහන්න ලෑස්ති වුණේ නෑ. තමන් ඇයි පෙයිරිව විශ්වාස කළේ කියලා ප්‍රශ්න කරමින් අවිශ්වාසය සහ කලකිරීම එක දිගට නොනවත්වාම කෙල්ලට ප්‍රකාශ කරා. මේ අතරේ මීර් ලකී නැන්දත් එක්ක කඩේ ඉඳන් රාජ් නැවත ආරක්ෂිතව ගෙදර එන්න ඕනේ කියලා යාච්ඤා කරමින් මිනිහා එහෙම ආපහු ආවොත් තමන් වඩා හොඳ සහෝදරයෙක් සහ පුද්ගලයෙක් වීමට පොරොන්දු වෙන බවට දෙවියන්ට පැවසුවා.
කතාවේ මැදදි රාජ් පෙයිරිගේ පාවාදීම ගැන කෙල්ල එක්ක මුහුණට මුහුණ කතා කරමින් පැහැදිලි කිරීමක් ඉල්ලුවා. පෙයිරි තමන්ගේ ආදරය ප්‍රකාශ කරමින් සමාව ඉල්ලනවා, පාවාදීමෙන් හිත රිදුම් කෑ රාජ් කොහොමහරි කෙල්ලගේ මේ සමාව ගැනීම පිළිගන්නවා.
අහමඩ් සහ ලකී නැන්දා රාජ්ගේන් ආරංචියක් නැති එක ගැන කණගාටුවෙන් ඉන්නවා. මෙහෙම ඉද්දි එකපාරටම රාජ් මෙයාලා ගාවට එනවා. රාජ් ජීවතුන් අතර සිටින බව දැකපු එක හැමෝටම ලොකු සහනයක් සහ සතුටක් වුණා.
පෙයිරි කියන්නේ FBI තොරතුරු සපයන්නියක් බව රාජ්, ලකී නැන්දා සහ අහමඩ් මාමා ඉස්සරහා හෙළි කරද්දී දෙන්නම බයට සහ කෝපයට වුණා. මීර් මේ ගැන මලීක්ලගෙන් සඟවන්න යෝජනා කරනවා, නමුත් මේ මහා පාවාදීමට එක් එක් අය දක්වන ප්‍රතිචාර නිසා මෙතන උණුසුම තව වැඩි වෙනවා. FBI එක සමග තත්ත්වය හසුරුවන්නේ කොහොමද යන්න ගැන උණුසුම් වාදයකුත් ඇති වුණා. මලීක්ලා එක්ක ඔන්ලයින් වීඩියෝ සාකච්ඡාවෙදි මීර් හැමෝටම කියනවා අත්අඩංගුවට පත්වීම වළක්වා ගන්න ප්ලාස්ටික් සැත්කම් කරගැනීම වගේ විකල්ප ගැන. තව බලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න සත්තු වත්තේ සත්තු එළියට නිදහස් කිරීම වගේ මෝඩ විහිළුජනක සැලසුම් ගැන කල්පනා කරනවා.
තමන්ට FBI එකෙන් තියන පීඩනය ගැන පෙයිරි දිගින් දිගටම හැමෝටම කියනවා. මේ අතරේ දාර් සහෝදරුවරු ඇතුළු හැමදෙනාම FBI එක නිසා හොඳටම බයෙන් කලබල වෙලා. FBI එකට ඔත්තු දීම ගැන කේන්තියෙන් ලකී නැන්දා පෙයිරිට වෙඩි තියන්නත් යනවා. පෙයිරි තමන්ට කරන්න වුන දේ පැහැදිලි කරන්න උත්සහා කළත් ලකී නැන්දා සහ අහමඩ් මාමා නම් ඒ නිදහසට කරණු වලට ඇහුම්කන් දෙන්න කොහෙත්ම සූදානම් නෑ.
FBI එක තමන් ළඟ රාජ්ට විරුද්ධව සාක්ෂි ඇති බව හෙළි කරද්දී පෙයිරිට පැත්තක් තෝරාගන්න සිද්ද වුණා. මීර් සහ රාජ් ඇරෙන්න ලකී නැන්දයි අහමඩ් මාමායි පෙයිරිට එරෙහිව කතා කරනවා. කෙල්ල කොච්චරවත් මෙයාලා හැමෝවම රකින්න උත්සහා කළත් මෙයාලගේ සතුරුකමට ගොදුරු වෙනවා.
කොහොමහරි අවසානයේ මේ හැමදෙනාම එකතු වෙලා මීර්ගේ සැලසුමකට අනූව පෙයිරිව ඉත්තෙක් විදියට යොදාගෙන FBI එක මෝඩයට අන්දවලා කෙල්ලව නගරෙන් දුර ඈතකට පිටමන් කරන්න උත්සහ ගන්නවා. මේ කලබලකාරී පලායාමේදී රාජ් දැනගන්නවා ලකී නැන්දා පෙයිරිව මරන්න උගුලක් අටවලා තියන බව. කොහොමහරි කෙල්ලව මේකෙන් බේරගන්න රාජ් ලකී නැන්දාගේ මේ වැඩේ ගැන හොඳටම කම්පනයට පත්වෙනවා.
මේ එපිසෝඩ් එකේ වුණ දේවල් ගැන බැලුවොත්,
පෙයිරි FBI එකට තොරතුරු දීම නිසා රාජ්ගේ විශ්වාසය කෙල්ල එක්ක තියන බිඳවැටුණා. මේ දෙන්නා අතර තිබුණු ආදර සම්බන්ධතාවය මේ නිසා බරපතල අර්බුදයකට ලක්වුණා. මට පේන විදියට පෙයිරි FBI එකට තොරතුරු දුන්නේ දැඩි බලකිරීමක් නිසා වෙන්න ඕනේ. ඒත් මෙයා මේ කරපු දේ අනිත් අයට විශ්වාස කරන්න අමාරුයි. ලකී නැන්දගේ හැසිරීමෙන් අපිට හොඳටම පේනවා එයා කොච්චර දරුණු හිතුවක්කාර තීරණ ගන්න කෙනෙක්ද කියලා. පෙයිරිව මරන්න හදන තරමට ගැනි දරුණු බවට පත්වුණා. රාජ්ට තාමත් පෙයිරි ගැන හැඟීම් තියෙන බව පැහැදිලියි. ඒ නිසා තමයි මිනිහා කෙල්ලව බේරගන්න දිගටම උත්සාහ කෙරුවේ. මං හිතන විදියට ඉස්සරහට FBI එක මෙයාලා පස්සේ පන්නන්න එක තවත් වැඩි වෙයි. ඒ නිසා තවත් කලකෝලහාල ගොඩක් ඇති වෙන්න පුළුවන්. ලකී නැන්දගේ මේ ප්‍රචණ්ඩකාරී නොහික්මුණු හැසිරීම නිසා කවුරු හරි තුවාල වෙන්න හෝ මැරෙන්න පුළුවන්. රාජ් සහ පෙයිරි අතර සම්බන්ධය ආයෙම යථා තත්වයට පත්වෙන්න නම් අමාරු වෙයි. විශ්වාසය නැවත ගොඩනගා ගන්න ලොකු කාලයක් යන්න පුළුවන්. මීර්ගේ සැලසුම් සාර්ථක වුණත් FBI එකෙන් බේරෙන්න අමාරු වෙයි. ඒ නිසා කවුරු හරි අත්අඩංගුවට පත්වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මේ වගේ අවුල් තත්වයක් තියන නිසා ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.
හෙට තියෙන්නේ අන්තිම එපිසෝඩ් එක සීරිස් එකේ අවසානය දැකබලා ගන්න හැමෝම ලෑස්ති වෙලා ඉන්න.
Deli Boys Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
300 downloadsDownload Deli-Boys-S01E09.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Deli Boys Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks