Watch Trailer

The Glory [S01: E06] Sinhala Subtitles | දඩයමට තවත් උදව්… [සිංහල උපසිරැසි] 18+

ආයූබෝවේවා බයිස්කෝප්වාසී රසිකයනි. ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට දොන්ග්-යුන්ගේ පළිගැනීමේ දඩයමේ තවත් කොටසක් අරගෙන ආවා. හැමෝම මේ වෙද්දි කලින් කොටස් පහ බලල ඇති කියලා හිතනවා. වැඩිය කතා ඕන නෑ කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු එහෙනම්. පෙර කතාංගයෙන් . . . යොන්-ජින්ගේ දුවට වර්ණ අන්ධතාවය තියෙ…

 

ආයූබෝවේවා බයිස්කෝප්වාසී රසිකයනි. ඔන්න එහෙනම් පොරොන්දු උන විදියට දොන්ග්-යුන්ගේ පළිගැනීමේ දඩයමේ තවත් කොටසක් අරගෙන ආවා. හැමෝම මේ වෙද්දි කලින් කොටස් පහ බලල ඇති කියලා හිතනවා. වැඩිය කතා ඕන නෑ කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද කතාව පැත්තට යමු එහෙනම්.

පෙර කතාංගයෙන් . . .
යොන්-ජින්ගේ දුවට වර්ණ අන්ධතාවය තියෙන බව දොන්ග්-යුන් දන්නවා කියලා යොන්-ජින් දැනගන්නවා. එයාලගේ ජීවිත වලින් ඈත් වෙලා ඉන්න සල්ලි කොච්චරක් ඕනද කියලා දොන්ග්-යුන්ගෙන් ඇහුවත් තමන්ට සිද්ධ උන හිරිහැර මිල කරන්න බැරි බව දොන්ග්-යුන්, යොන්-ජින්ට කියනවා. ඒ නිසා තවත් බය වෙන යොන්-ජින් කොහොමහරි දුවව පිටරටක පාසලට ඇතුලත් කරන්න කියලා සැමියට ඇවිටිලි කරනවා. මේ අස්සේ දොන්ග්-යුන් පල්ලියට ගිහින් සාරාව හම්බෙලා හිස් බෑග් එකක් දීලා ඒක ඩොලර් වලින් පුරවන්න කියලා තර්ජනය කරනවා. කාන්ග් නෝනත් කට්ටියගෙම ඔත්තු බල බල දොන්ග්-යුන්ට ලොකු සහයක් වෙනවා. මෙයොන්ග්-ඕව හම්බෙන දොන්ග්-යුන් එයාට රහසක් කිව්ව හැටිත් දැක්කනේ. අන්තිමටම අපි දැක්කේ දුෂ්ටයෝ ටික දොන්ග්-යුන්ට මොකද කරන්නේ කියලා කල්පනා කරන අස්සේ මෙයොන්ග්-ඕ කාගෙන්ද පහර කාලා ලේ පෙරාගෙන ඉන්න විදියයි.

අද කොටසින් දොන්ග්-යුන්ටත් පොඩි අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම හැමෝටම මෙයොන්ග්-ඕගේ නමින් තර්ජනාත්මක ලිපි වගයක් ලැබෙනවා. කට්ටිය මෙයොන්ග්-ඕව සම්බන්ධ කරගන්න උත්සහ කලත් ඒ සේරම ව්‍යර්ථ වෙනවා. ඒ වගේම යොන්-ජින්ගේ දුව ගැනත් ලොකු රහසක් අද එළිවෙනවා. මෙයොන්ග්-ඕට මොකද වෙලා ඇත්තේ, දොන්ග්-යුන්ගෙ ඊලඟ පියවර මොකක් වෙයිද ? ඒවට උත්තර ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් ඊලඟ කොටස සුභාෂිණි අක්කා අරගෙන එයි. 13 වන කොටසින් ආපහු හම්බෙනකම්. ජය වේවා !

කතා රචනය – Kim Eun-sook
අධ්‍යක්ෂනය – Gil Ho Ahn
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 30
IMDb අගය – 7.6

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,305 downloadsDownload The.Glory_.S01E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,305 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Pavith Wijesooriya

    සබට තුතිවේවා අයියේ... ❤️

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥y

  5. Ravindra

    Thanks

  6. මයුර

    සබට තුති මචෝ..

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P