කොහොමද බයිස්කෝප්වාසී රසිකයනි. ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් කණ්ඩායම එකතු වෙලා කරපු සුපිරි වැඩකට මටත් දායක වෙන්න අවස්ථාව ලැබුනා. මේ පාර ගේන්නේ මෑත කාලයේ අතිශය ජනප්‍රිය උන කොරියානු කතාමාලාවක් වෙන The Glory කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. Full House එකේ හන් ජි යොන් කෙල්ල නොහොත් Song Hye-kyo ඉන්න නිසාමයි ම…

කොහොමද බයිස්කෝප්වාසී රසිකයනි. ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් කණ්ඩායම එකතු වෙලා කරපු සුපිරි වැඩකට මටත් දායක වෙන්න අවස්ථාව ලැබුනා. මේ පාර ගේන්නේ මෑත කාලයේ අතිශය ජනප්‍රිය උන කොරියානු කතාමාලාවක් වෙන The Glory කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. Full House එකේ හන් ජි යොන් කෙල්ල නොහොත් Song Hye-kyo ඉන්න නිසාමයි මාත් මේක බලන්න ගත්තේ. වෙනස්ම පළිගැනිමේ කතාවක් ලෙස කතාබහට ලක්වුන උසස් ගණයේ කතාමාලාවක් විදියට මේ සීරිස් එක හඳුන්වන්න පුළුවන්. මේ වෙද්දි හැමෝම මුල් කොටස් හතර බලලනේ ඇත්තේ. එහෙනම් මාත් එක්ක තවත් කොටසක් බලන්න ලෑස්ති වෙන්නකෝ.
පෙර කතාංගයෙන් . . .
තමන්ගේ දුවගේ අළුත් පන්ති භාර ගුරුතුමිය දොන්ග්-යුන් කියලා දැනගත්ත ගමන් යොන්-ජින් කලබල වෙනවා. ඒ වගේම එයාලගේ පාසල් කාලේ හිටපු ගුරුවරයා උන ජොන්-මූන්, දොන්ග්-යුන්ව හම්බුනාට පස්සේ මිය ගිය බවත් යොන්-ජින් දැනගන්නවා. ඒ වගේම දොන්ග්-යුන්ට විඳින්න උන හිරිහැර ගැන ප්‍රසිද්ධියේ හෙළි කරනවා කියලත් ඇය ජොන්-මූන්ගේ පුතා වෙන සෝ-හාන්ට කියවෙනවා. ඒ ලැජ්ජාවෙන් බේරෙන්නත් එයාගේ වෘත්තීය අපේක්ෂාවන්ට අනතුරක් නොවෙන්නත් ඕන නිසා සෝ-හාන් තමන්ගේ පියාව ඝාතනය කරනවා. ඒ අස්සේ කොන්දේසි පිට කාන්ග් නෝනත් උදව් කරන්න කැමති වෙලා ඉන්න නිසා දොන්ග්-යුන්ට එයාගේ වැඩ කරගන්න තවත් ලේසියි. ඒ නිසා ඇයගේ සැලසුමකට අනුව සල්ලි හම්බ කරන්න පුළුවන් තොරතුරු තියෙනවා කියලා මෙයොන්ග්-ඕව අවුස්සලා මිනිහව මෝචරියකටත් යැව්වා.
අද කොටස ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. දොන්ග්-යුන්ගේ උපදෙස් අනුව කාන්ග් නෝනා ගජරාමෙට කට්ටියගේ තොරතුරු හොයනවා. ඒ වගේම යාළුවෝ වගේ ඉන්න අපේ දුෂ්ටයෝ සෙට් එකේ හැලහැප්පීම් සහ දොන්ග්-යුන් තවත් කෙනෙක්ගෙන් උදව් ගන්න ලෑස්ති වෙන විදියත් අද කොටසින් බලාගන්න පුළුවන්. මාව මේ කතාමාලවට ඇදලා ගත්තට අපේ බිම්සර යෂාන් (ඔලිවර්) සහෝටත් ගොඩක් ස්තූති වෙනවා. ඔයාලට ඊලඟ කොටසත් අරන් එන්නෙත් මමම තමයි. එහෙනම් හයවෙනි කොටසින් ආපහු හම්බෙනකම්. ජය වේවා !
කතා රචනය – Kim Eun-sook
අධ්‍යක්ෂනය – Gil Ho Ahn
විකාශය වූ දිනය – 2022 දෙසැම්බර් 30
IMDb අගය – 7.6
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,480 downloadsDownload The.Glory_.S01E05.Episode.5.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
9 comments
Anonymous
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි යුරාන් අයියේ... ❤️
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
මයුර
සබට තුති මචෝ..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Glory [S01: E05] Sinhala Subtitles | අළුගෝසුවෙක් ඕනෑ කර තිබේ [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/The-Glory-EP05-08.jpg)



supiri