කොහොමද හැමෝටම? ඔන්න ඉතින් කිව්ව විදියටම 15 වෙනි එපිසෝඩ් එකත් ඉක්මනටම අරන් ආවා. කතාව ගැන කලින් එපියේ විස්තරයක් කරපු හින්දා මන් The Glory කතාමාලාව යට සැගවුනු සත්‍යය ගැන විස්තරයක් කරන්නම්, පොඩ්ඩක් විස්තරය වැඩි වෙන්න පුළුවන් හැබැයි The Glory බලන, බලපු, බලන්න ඉන්න හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා. -Th…

කොහොමද හැමෝටම? ඔන්න ඉතින් කිව්ව විදියටම 15 වෙනි එපිසෝඩ් එකත් ඉක්මනටම අරන් ආවා. කතාව ගැන කලින් එපියේ විස්තරයක් කරපු හින්දා මන් The Glory කතාමාලාව යට සැගවුනු සත්‍යය ගැන විස්තරයක් කරන්නම්, පොඩ්ඩක් විස්තරය වැඩි වෙන්න පුළුවන් හැබැයි The Glory බලන, බලපු, බලන්න ඉන්න හැමෝටම කියවන්න කියලා ආරාධනා කරනවා.
-The Glory යට සැගවුනු සත්‍යය-

The Glory කතාමාලාවේ හැමදෙයක්ම සත්‍ය සිදුවීම් නොවුනට කිම් යුන් සූක් The Glory ලියන්න පටන් ගන්න හේතු වුනේ නම් සත්‍ය සිදුවීම් කිහිපයක් තමා.
ඔන්න ඉතින් දවසක් The Glory කතාමාලාවේ තිරරචනය කරපු කිම් යුන් සූක් වැඩ ඉවරවෙලා ගෙදර ගියාම එයාගේ දුවත් එක්ක හොදට කතාබහ කලා. රස්සාවේ වැඩ හින්දා දුව ගැන අවධානය අඩු වෙයි කියලා බය වුන හින්දයි කිම් යුන් සූක් එහෙම දුවත් එක්ක කතාකරන්න ලෑස්ති වුනේ. කතාකරන් යද්දි දුව මෙහෙම කියනවා “අම්මා ඉස්සර වගේ නෑ”. දුව තමන්ගේ අවධානයෙන් දැනටමත් ගිලිහිලාද කියන ප්‍රශ්නය නිසා කිම් යුන් සූක්ගේ හිතේ තිබ්බ බය තවත් වැඩි වෙනවා.
ඉතින් ඔහොම කතාකරන් යද්දි දුව ආයේ මෙහෙම අහනවා.
“අම්මේ ඔයා ගොඩක්ම දුක් වෙන්නේ මන් වෙනකෙනෙක්ට වදහිංසා කරලා මැරුවොත්ද, නැත්තම් වෙනකෙනෙක් මට වදහිංසා කරලා මැරුවොත්ද”
මේ අහපු ප්‍රශ්නේ නම් කිම් යුන් සූක්ට ගොඩක් දැනිලා තියෙනවා.
ඉතින් ඒ විදියට දුවත් එක්ක කරපු කතාබහ හින්දයි, දකුණු කොරියාවේ පාසල් ප්‍රචණ්ඩත්වය කියන්නේ දීර්ඝ කාලීන විසදුම් රහිත ප්‍රශ්නයක් හින්දයි ඒක ගැන පිටපතක් ලියන්න අදහසක් කිම් යුන් සූක්ට එනවා.ඔන්න ඔහොම තමයි The Glory කතාමාලාව ලියන එක ආරම්භ වෙන්නේ.
කලින් කිව්ව වගේම කොරියාවේ පාසල් ප්‍රචණ්ඩත්වය අතිශය බහුලයි. හැබැයි වැඩේ කියන්නේ 2007 ඉදන් ඒ පාසල් පාසල් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නඩු ගොඩක් ඒවා තියෙන්නේ සියදිවි නසාගැනීම් විදියට. ඉතින් මේ ගැන කිම් යුන් සූක් තවත් හොයලා බලන්න තීරණය කරනවා.
ඔහොම හොයලා බලලා ගොඩක් සත්‍ය සිදුවීම් වල ආභාසය අරන් The Glory පිටපත ලියන්න කිම් යුන් සූක් පටන් ගන්නවා. පළවෙනි එපිසෝඩ් එකේ දොන්ග් යූන්ට අමානුෂික විදියට වදහිංසා කරන විදිය ඔයාලත් දකින්න ඇතිනේ. 2006දී කොරියාවේ චොන්ජු ප්‍රදේශයේ බාලිකා පාසලක වෙව්ච සත්‍ය සිදුවීමකින් තමයි ඒ සීන් එකට කිම් යුන් සූක් ආභාසය අරන් තියෙන්නේ.
මේ විදියට තවත් සත්‍ය සිදුවීම්වල ආභාසයන් අරගෙන තමයි කිම් යුන් සූක් The Glory ලියන්නේ. එහෙම තවත් සත්‍ය සිදුවීම් ටිකක් තමා මේ.නවය වසරේ ඉගෙන ගන්න ගැහැනු ළමයෙක්ට තවත් ගැහැනු ළමයි තුන්දෙනෙක් එකතු වෙලා දවස් විස්සක් පුරාවට අමානුෂික විදියට වදහිංසා කරලා තියෙනවා. කර්ලින් අයන් එකකින් මුළු ඇගම පුච්චලා නොයෙක් විදියට වදහිංසා දීලා තියෙනවා. ඒ ගැහැනු ළමයාගේ තත්වේ කොච්චර බරපතලද කිව්වොත් රෝහල් ගත කරලා සති හයක් ඉන්න වුනා.
කලින් කිව්වනේ කිම් යුන් සූක්ගේ දුව එයාගෙන් අහපු ප්‍රශ්නයක් ගැන. “අම්මේ ඔයාට ගොඩක් දුක හිතෙන්නේ මන් වෙනකෙනෙක්ට වදහිංසා කරලා මැරුවොත්ද, නැත්තම් වෙනකෙනෙක් මට වදහිංසා කරලා මැරුවොත්ද”ඔන්න ඔය ප්‍රශ්නේ මතක ඇතිනේ. ඕකට එවෙලේ කිම් යුන් සූක් උත්තරයක් දෙන්න ගියේ නෑ. ඔන්න ඉතින් The Glory මාධ්‍ය හමුවෙදි ඒ ගැන මෙහෙම කිම් යුන් සූක් අදහස් දක්වනවා.
“මගේ දුව මගෙන් දවසක් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ‘අම්මා ගොඩක්ම දුක් වෙන්නේ මන් වෙනකෙනෙක්ට වදහිංසා කරලා මැරුවොත්ද, නැත්තම් වෙනකෙනෙක් මට වදහිංසා කරලා මැරුවොත්ද’ එදා මට දුවට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ. ඒත් මන් හිතනවා අද The Glory කතාමාලවෙන් ඒකට හොද උත්තරයක් දුන්නා කියලා”
ඉතින් මටත් කියන්න තියෙන්නේ The Glory ඒකට හොදම උත්තරේ දුන්නා කියන එක තමා. කොරියාවේ පාසල් ප්‍රචණ්ඩත්වය කියන්නේ එහෙ තියෙන ප්‍රධාන ගැටලුවක්. ඉතින් දකුණු කොරියානු රජය මේ ගැටලුව පාලනය කරන්න ගත්ත පියවරවල් ගොඩයි. කොරියානු රජය 2004දී පාසල් ප්‍රචණ්ඩත්වය වැලැක්වීම පිළිබඳ විශේෂ පනතක් සම්මත කරගන්න එක ඒ අතරින් විශේෂයි. හැම පාසලම පාසල් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට කමිටුවක් පිහිටුවන එකත් එක් පියවරක්. ඒවුනත් තාමත් කොරියාවේ පාසල් ප්‍රචණ්ඩත්වය අඩු වෙලා නම් නෑ. The Glory කතාමාලාවේ පෙන්නන විදියට සල්ලි බලය ඒකට හේතුවක් කියලා කියන්න පුළුවන්.
හැබැයි එහෙම වදහිංසා කරලා මරලා සල්ලි බලෙන් යට ගහලා හොදට ජීවත් වුනත් කාලයත් එක්ක අනිවාරෙන් ප්‍රතිවිපාක එනවමයි කියන එකත් The Glory කතාමාලාව අපිට හොදට පෙන්නලා දුන්නා. ඉතින් මේ පාසල් ප්‍රචණ්ඩත්වය කියන්නේ කොරියාවේ විතරක් නෙවේ මුළු ලෝකෙම හැම රටකම තියෙන ගෝලීය සමාජීය ගැටලුවක්. මේ විදියට වදහිංසා කරන එකෙන් ඒ වදහිංසා ලබන කෙනාගේ ඇති වෙන්නේ කායික තුවාල විතරක් නෙවේ. ප්‍රබල මානසික තුවාල ඇති කරන්නත් පුළුවන්. The Glory කතාමාලාවේ මූන් දොන්ග් යූන්ට විතරක් නෙවේ ලෝකේ හැම කෙනාටම එහෙමයි. ඉතින් මේ ගෝලීය ගැටලුවට හරිම උත්තරේ දෙන්න The Glory කතාමාලාව සමත් වුනා කියන එක නොරහසක්.

-15 වන කථාංගයෙන්-
එහෙනම් එපිසෝඩ් එක පැත්තට යං දැන්, හා දෝ යන්ග්, යොන් ජින්ට තේරීමක් කරන්න දෙනවා. යූන් සෝ හීගේ පවුලේ අයගෙන් සමාවගන්න ඕනේ නැත්තම් සම්බන්ධේ ඉවරයි. යොන් ජින් සම්බන්ධේ ඉවර කරන එක තෝරගන්නවා. දැන් ඉතින් හා දෝ යන්ග්, යොන් ජින්ව දික්කසාද කරපු එක ඉන්ටර්නෙට් එකේ ලැව්ගිනි වගේ පැතිරෙනවා, සාරා යොන් ජින්ගෙන් පලිගන්න විදියකුත් හොයාගන්නවා, ඒ ඉස්කෝලේ කාලේ ගත්ත වීඩියෝ එකකින්. ඉන්ටර්නෙට් එකේ සාරා ඒ වීඩියෝ එක දැම්ම හින්දා දැන් යොන් ජින් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. රස්සාවෙන් අස් වෙන්න පවා යොන් ජින්ට සිද්ධ වෙනවා. ඔන්න ඉතින් ඒ වීඩියෝ එක දාන්න ඇත්තේ අනිවාරෙන් සාරා වෙන්න ඕනේ කියලා යොන් ජින්ට තේරුනා. එවෙලේ සාරා හිටියේ සොන් ම්යොන්ග් ඕගේ මළගෙදර. ඔන්න එහෙ ගියාම සාරාගේ වීඩියෝ එකකුත් කවුරුහරි ජේ ජුන්ට එවලා. දැන් සාරාත් ඉන්නේ හෙන තරහෙන්. යොන් ජිනුත් ඇවිත් දැන් හෙන රණ්ඩුවක් එතන. අන්තිමේ රණ්ඩුව කෙලවර වෙන්නේ එතනම හිටපු හ්යේ ජොන්ග්ගේ බෙල්ලට ඇනලා. ඩොක්ටර් කිව්ව විදියට කතාකරන්නත් බැරි වෙයිලු. මිනීමැරුමට උත්සහ කිරීම නිසා සාරාව අත්අඩංගුවට ගත්තා එතනම. දැන් දොන්ග් යූන්ගේ ඉලක්කේ ජේ ජුන්. අන්තිමට යොන් ජින්. ඉතින් දොන්ග් යූන්ගේ පළිගැනීමේ අවසානය මොනවගේ වේවිද? පළිගැනීම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද?
එහෙනම් The Glory කතාමාලාවට මගේ උපසිරැසියෙන් දායකත්වය මෙතනින් ඉවරයි. දැන් තියෙන්නේ අවසාන කථාංගය. අවසාන කථාංගය බිම්සර සහෝදරයා අරන් ඒවි. ආයෙත් ඉක්මනටම තවත් උපසිරැසියකින් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,976 downloadsDownload The-Glory-S01E15.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නයන බුද්ධික
Subtitles
10 comments
Bimsara Yashan(ඔලිව)
මයුර
මරු ලිපිය. කවර් ස්ටෝරියටත් සබ් එකටත් තෑන්ක්ස් මචෝ..
යුරාන් ධනුක (දනුවා)
ලිපියට සහ උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
Pavith Wijesooriya
උපසිරසියට හා මේ විස්තරාත්මක ලිපියටත් ගොඩක් ස්තූතියි අයියේ... ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Glory [S01: E15] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/The-Glory-EP09-12.jpg)



උපසිරැසියට වගේම මේ විස්තරාත්මක ලිපියටත් බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!