Watch Trailer

The Glory [S01: E14] Sinhala Subtitles | පළිගැනීමේ අවසානය සතුටක් වේවිද? [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? ඔන්න ඉතින් අද මන් උපසිරැසි අරන් ආවේ The Glory කතාමාලාවේ 14 වෙනි කථාංගයට. මාවත් මේකට එකතු කරගත්ත බිම්සර සහෝදරයට මුලින්ම ස්තූති කරනවා. පහුගිය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා Netflix හරහා මුදාහැරුණු The Glory කතාමාලාවේ අධ්‍යක්ෂණය අන් ගිල් හෝ විසින්ද තිර රචනය කිම් යුන් සූක් විසිනුත් සිදු ක…

කොහොමද හැමෝටම? ඔන්න ඉතින් අද මන් උපසිරැසි අරන් ආවේ The Glory කතාමාලාවේ 14 වෙනි කථාංගයට. මාවත් මේකට එකතු කරගත්ත බිම්සර සහෝදරයට මුලින්ම ස්තූති කරනවා. පහුගිය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා Netflix හරහා මුදාහැරුණු The Glory කතාමාලාවේ අධ්‍යක්ෂණය අන් ගිල් හෝ විසින්ද තිර රචනය කිම් යුන් සූක් විසිනුත් සිදු කරලා තියෙනවා. The Heirs, Descendants Of The Sun, Goblin, Mr. Sunshine, The King: Eternal Monarch වැනි අතිශය ජනප්‍රිය කතාමාලා තිර රචනය කල කිම් යුන් සූක්, K-Drama Industry එකේ ඉන්න සාර්ථකම තිර රචකයෙක් විදියට හදුන්වන්න පුළුවන්. ඉතින් ඒක තවදුරටත් ඔප්පු කරමින් ලොව පුරා අතිශය සාර්ථකත්වයක් ළගාකරගන්න The Glory සමත් වුනා. පාර්ට් දෙකක් වශයෙන් මුදාහැරුණු The Glory පළමු පාර්ට් එක 2022 දෙසැම්බර් 31ත්, දෙවෙනි පාර්ට් එක 2023 මාර්තු 10ත් නිකුත් වුනා. නිකුත් වූ විගස නෙට්ෆ්ලික්ස් Non-English ලැයිස්තුවේ අංක එක වුන The Glory තවමත් එම ලැයිස්තුවේ රැදී ඉන්න එක විශේෂත්වයක්.

CAST – රංගන දායකත්වය

• Song Hye Kyo – මූන් දොන්ග් යුන්
• Lee Do Hyun – ජූ යෝ ජන්ග්
• Im Ji Yeon – පාක් යොන් ජින්
• Yeom Hye Ran – කන්ග් හ්යොන් නම්
• Park Sung Hoon – ජොන් ජේ ජුන්
• Jung Sung Il – හා දෝ යන්ග්
• Kim Hi Eora – ලී සාරා
• Cha Joo Young – චෝයි හ්යේ ජොන්ග්
• Kim Gun Woo – සොන් ම්යොන්ග් ඕ

-14 වන කථාංගයෙන්-

සොන් ම්යොන්ග් ඕ ගේ මළසිරුර පොලීසිය හොයාගන්නවා, මළසිරුර හොයාගත්ත හින්දා යොන් ජින් දැන් හොදටම කලබල වෙලා ඉන්නේ. ඒ අතරෙම ලී සාරා නිදහස් වෙනවා. සාරා එන්නේ පාක් යොන් ජින්ගෙන් පළිගන්න බලාගෙන. මූන් දොන්ග් යුන්, හා දෝ යන්ග් හම්බෙලා හා දෝ යන්ග් මෙහෙම අහනවා “ඇයි යේ සොල්ව ඔයාගේ පළිගැනීම පාවිච්චි කලේ නැත්තේ” යේ සොල්ව පාවිච්චි කරන එක යොන් ජින්ගෙන් පලිගන්න පුළුවන් ඉක්මන්ම ක්‍රමේ වුනත් දොන්ග් යුන් එහෙම කලේ නැත්තේ වෙන අයට රිද්දවන්නැතුව යොන් ජින්ට රිද්දවන්න ඕන නිසයි කියලා මූන් දොන්ග් යුන් කියනවා. හා දෝ යන්ග් පස්සේ මෙහෙම අහනවා. ” මේ පළිගැනීම ඉවර වුනාම ඔයා සතුටින් ඉදීවිද” මූන් දොන්ග් යූන් උත්තර දීලා කියනවා “මාත් එහෙම වෙනවනම් කැමතියි” ඇත්තටම මූන් දොන්ග් යුන්ගේ පළිගැනීමේ අවසානය සතුටක් වේවිද?

එහෙනම් තවත් කියන්න යන්නේ නෑ, 14 වෙනි කොටසත් බලලා ඉන්නකෝ,15 වෙනි කොටසෙන් හමුවෙමු!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,999 downloadsDownload The-Glory-S01E14.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-01-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

 

 

Subtitles by

නයන බුද්ධික

Subtitles

3,999 downloadsDownload Subtitles27 KB

9 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බෝහෝම ස්තූතියි සහෝ.

  3. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩක් ස්තූතියි අයියේ... ❤️

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Ravindra

    Thanks

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Krishani

    Thank you