The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

මේක විකාශනය වෙමින් පවතින කතාවක් නිසා උපසිරැසි පලවීම පුලුවන් තරම් වෙලාවට දෙන්න උත්සහ කරනවා. ඒත් ටිකක් එහා මෙහා වුනොත් ඉවසාවදාරන්න ඕනේ.. 

කතාව සාරාංශයක් විදිහට මෙහෙමයි…..

කන්ග් බිට් නා ලස්සන පෙනුමක් තියෙන විශිෂ්ට විනිසුරුවරියක්, ඒත් යක්ෂණියක්. යක්ෂණියක් විදිහට එයාගෙ මෙහෙවර තමයි අනිත් අයට මරණය ගේන වගේම තමන්ගෙ ක්‍රියාවන් ගැන මෙනෙහි නොකරන නපුරු මිනිස්සුන්ව මරා දැමීම. ඊට පස්සෙ එයා මේ අයව අපායට යවනවා.  දවසක් කන්ග් බිට් නා ට හන් ඩා ඔන් මුණ ගැහෙනවා. ඔහු මනුෂ්‍යයෙක් විදිහට මිත්‍රශීලී වගේම මෘදු පෞරුෂයක් තියෙන රහස් පරීක්ෂකයෙක් විදිහට මනස තියුණු වෙන වගේම තියුණු නිරීක්ෂණ හැඟීමක් තියෙන කෙනෙක්. ඒත් කවුරුත් නොදන්නා වේදනාවකුත් ඔහු තුළ තියෙනවා. කන්ග් බිට් නා සහ හන් ඩා ඔන් එකිනෙකා හමුවීමෙන් පස්සෙ එයාලගෙ ජීවිත විශාල වශයෙන් වෙනස් වෙනවා.

ව්‍යාජ අපායේ දඩුවම් ලබන්න ඕන කන්ග් බිට් නා වැරදීමකින් ජුසිටියාගෙ උසාවියට එනවා. ඒ වෙලාවෙදි තමන් කොච්චර නිවැරදියි කිව්වත් ජුසිටියා ඒක අහන්නෙ නැතුව හංවඩු ගහලා කන්ග් බිට් නාව නිරයට යවන්නයි හදන්නෙ. ජුසිටියා අතින් මේ වෙන්න ගිය වරදට දඬුවම් දෙන්න අපායේ අධ්‍යක්ෂක ආවත් ජුසිටියා තමන් වැරැද්දක් කලා කියල පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. ඉතිං මේකට ජුසිටියාට ලැබෙන දඬුවම මොකක් වෙයිද කියලා අපි බලමු.

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,801 downloadsDownload The-Judge-from-Hell-S01-E01-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

 

All BT1

Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,801 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Ravidu Yasas

    සබ් එකට තෑන්ක්ස්. ඉතුරු ටිකත් ඉක්මනින් ඕනෙ.

  2. Buddhika laKMal

    අලුත් ඔන්ගොයින්ග් කොරියන් සීරිස් එහෙකට සබ් ගෙනාවට බොහෝම ස්තූතියි සිස් ...........
    ජයවේවා...........

  3. Nayana Buddhika

    උපසිරැසියට බොහොම ස්තූතියි

  4. Amila Tech

    sub walata thnx..kep it up

    1. Anonymous

      download kare kohenda

  5. Anonymous

    balanna puluwan web site nadda