The Judge from Hell Season 01 Sinhala Subtitles ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම…

The Judge from Hell Season 01 Sinhala Subtitles

ඔන්න මම ඔයාලට ආයෙමත් අලුත් කතාවක් අරගෙන ආවා. Jo Yi-soo රචනා කරපු Park Jin-pyo අධ්‍යක්ෂණය කරපු මේ කතාව තමයි The Judge from Hell ( 지옥에서 온 판사) 2024 සැප්තැම්බර් 21 වෙනිදා SBS TV වල විකාශය ආරම්භ කරපු මේ කතා මාලාව හැම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම කොරියානු සම්මත වෙලාවෙන් 22:00 ට විකාශනය වෙනවා. මේ කතාවෙ ප්‍රධාන චරිත වෙන්නෙ Park Shin-hye වගේම Kim Jae-young.  ඒ වගේම තවත් දක්ෂ නළු නිලියො ගොඩක් ඉන්න මේ කතාව එහෙනම් අපි බලන්න ගමු.

මේක විකාශනය වෙමින් පවතින කතාවක් නිසා උපසිරැසි පලවීම පුලුවන් තරම් වෙලාවට දෙන්න උත්සහ කරනවා. ඒත් ටිකක් එහා මෙහා වුනොත් ඉවසාවදාරන්න ඕනේ.. 

කතාව සාරාංශයක් විදිහට මෙහෙමයි…..

කන්ග් බිට් නා ලස්සන පෙනුමක් තියෙන විශිෂ්ට විනිසුරුවරියක්, ඒත් යක්ෂණියක්. යක්ෂණියක් විදිහට එයාගෙ මෙහෙවර තමයි අනිත් අයට මරණය ගේන වගේම තමන්ගෙ ක්‍රියාවන් ගැන මෙනෙහි නොකරන නපුරු මිනිස්සුන්ව මරා දැමීම. ඊට පස්සෙ එයා මේ අයව අපායට යවනවා.  දවසක් කන්ග් බිට් නා ට හන් ඩා ඔන් මුණ ගැහෙනවා. ඔහු මනුෂ්‍යයෙක් විදිහට මිත්‍රශීලී වගේම මෘදු පෞරුෂයක් තියෙන රහස් පරීක්ෂකයෙක් විදිහට මනස තියුණු වෙන වගේම තියුණු නිරීක්ෂණ හැඟීමක් තියෙන කෙනෙක්. ඒත් කවුරුත් නොදන්නා වේදනාවකුත් ඔහු තුළ තියෙනවා. කන්ග් බිට් නා සහ හන් ඩා ඔන් එකිනෙකා හමුවීමෙන් පස්සෙ එයාලගෙ ජීවිත විශාල වශයෙන් වෙනස් වෙනවා.

කන්ග් බිට් නා දුන්න වැරදි තීරණය ගැන ඩා ඔන් ඉන්නෙ ගොඩක් තරහින්. ඒ නිසා ඔහු හැම වෙලාවෙම චා මින්ජොන්ග් වගේම මූන් ජොන්ග්ජුන් ගැන අවධානයෙන් තමයි ඉන්නෙ. මූන් ජොන්ග්ජුන් චා මින්ජොන්ග්ට කොයිම වෙලාවක හරි අනතුරක් කරයි කියල ඔහු තදින්ම විස්වාස කරනවා. මේ අතරෙ කන්ග් බිට් නා විනිසුරුතුමියත් මූන් ජොන්ග්ජුන් පස්සෙන් යනවා ඇය එහෙම යන්නෙ තමන්ගෙ දඬුවමට හිමි දහදෙනාගෙන් එක්කෙනෙක් අඩු කරගන්න. ඒත් ඩා ඔන් නිතරම මූන් ජොන්ග්ජුන් පස්සෙන් ඉන්න එක ඇයට හරිම කරදරයක්. බිට් නා මූන් ජොන්ග්ජුන්ව තනි කරගන්න උත්සහ කරද්දි ඩා ඔන් මහන්සි වෙන්නෙ චා මින්ජොන්ග්ගෙ ආරක්ෂාව වෙනුවෙන් මූන් ජොන්ග්ජුන්ව හිර කරන්න. ඉතිං අන්තිමට කවුරු සාර්ථක වෙයිද…බිට් නා ට තමන්ගෙ පලවෙනි බිල්ල ගන්න පුලුවන් වෙයිද…..

The Judge from Hell Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,210 downloadsDownload The.Judge_.from_.Hell_.S01E02.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


The Judge from Hell Season 01 Sinhala Subtitles

Next BT1All BT1Next BT1

Subtitles

1,210 downloadsDownload Subtitles34 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. iresha

    akke welcome to waikiki season 1 ekata subtitle dennako ikmanata. eka harima lassana comedy ekak. ratings hodai. kohewath naha sinhala subtitle ekka balanna.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.