Watch Trailer

The Last Kingdom [S05 : E06] Sinhala Subtitles | මිදුණු විල මත මහා ලේ වැගිරීම සහ හදවත කැබලි කල අවසාන තීරණය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! ඇල්ෆ්හෙල්ම්ගේ (Aethelhelm) ද්‍රෝහී කුමන්ත්‍රණය ගැන දැනගන්නා උහ්ට්‍රෙඩ් (Uhtred), එඩ්වඩ් රජු (King Edward) සහ සිග්ට්‍රිගර් (Sigtryggr) යුද්ධයට පිටත් වුණු බව දැනගෙන ඒක නතර කරන්න ජීවිතය පරදුවට තබා දුවගෙන යනවා. සත්‍යය දැනගන්නා එඩ්වඩ් රජු වහාම යුද්ධය නතර කරලා, ඒ බව ඩේන්වරුන්ට කියන්න කි…

ආයුබෝවන් යාළුවනේ!

ඇල්ෆ්හෙල්ම්ගේ (Aethelhelm) ද්‍රෝහී කුමන්ත්‍රණය ගැන දැනගන්නා උහ්ට්‍රෙඩ් (Uhtred), එඩ්වඩ් රජු (King Edward) සහ සිග්ට්‍රිගර් (Sigtryggr) යුද්ධයට පිටත් වුණු බව දැනගෙන ඒක නතර කරන්න ජීවිතය පරදුවට තබා දුවගෙන යනවා. සත්‍යය දැනගන්නා එඩ්වඩ් රජු වහාම යුද්ධය නතර කරලා, ඒ බව ඩේන්වරුන්ට කියන්න කියලා උහ්ට්‍රෙඩ්ව පිටත් කරනවා.

නමුත් හැමදේම ප්‍රමාද වැඩියි! උහ්ට්‍රෙඩ් එන්න කලින් සිග්ට්‍රිගර්ගේ හමුදාව සතුරා ඉන්න තැන සොයාගන්නවා. ඔවුන් අලුයම් කාලයේදීම මහා මිදුණු විලක් (Frozen Lake) හරහා ගිහින් සැක්සන් හමුදාවට නොසිතූ ප්‍රහාරයක් එල්ල කරලා ඔවුන්ව අමානුෂික ලෙස ඝාතනය කරනවා. මේ ප්‍රහාරය නතර කරන්න උහ්ට්‍රෙඩ් සටන් කරමින් සිග්ට්‍රිගර් වෙත යන්න හැදුවත්, එතනට එන එඩ්වඩ් රජු තමන්ගේ මිනිස්සු මැරිලා ඉන්නවා දැකලා කෝපයෙන් ඩේන්වරුන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් එල්ල කරලා ඔවුන්ව මුළුමනින්ම පරාජය කරනවා!

මේ දරුණු ලේ වැගිරීම අස්සේ මහා කුමන්ත්‍රණකරු ඇල්ෆ්හෙල්ම් බේරිලා ස්කොට්ලන්තය (Scotia) බලා පැනලා යනවා. සටනෙන් පස්සේ සිග්ට්‍රිගර් සහ ස්ටියෝරා (Stiorra) සිරකරුවන් වෙනවා. ඔවුන්ව නිදහස් කරන්න කියලා උහ්ට්‍රෙඩ් එඩ්වඩ් රජුගෙන් බැගෑපත්ව ඉල්ලුවත්, රජු පනවන්නේ දරුණු කොන්දේසියක්. ඒ තමයි සිග්ට්‍රිගර් ඇතුළු පිරිස කිතුනු දහම වැළඳගෙන (Baptized වී) රජුට පක්ෂපාතී විය යුතු බවයි.

තමන්ගේ ආත්මගරුත්වය පාවා නොදෙන සිග්ට්‍රිගර් ඒක දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන නිසා එඩ්වඩ් රජු ඔහුට මරණ දඬුවම නියම කරනවා. මෙතැනදී සිග්ට්‍රිගර් හැමෝම කම්පා කරවන ඉල්ලීමක් කරනවා; ඒ තමයි ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම ඩේන් වීරයා වන උහ්ට්‍රෙඩ්ගේ අතින්ම තමන්ට මියයන්න ඕන කියන එක!

මේ අතරේ, දකුණු දෙසට ගමන් කරන බ්‍රීඩා (Brida) සහ Father Pyrlig යුද්ධයෙන් බේරී පලායන මිනිස්සුන්ව මුණගැසෙනවා. පියතුමා තමන්ව රවටලා මඟහැරවීමට හැදූ බව දැනගන්නා බ්‍රීඩා හොඳටම කෝපයට පත් වෙනවා.

සැක්සන් සහ ඩේන්වරු අතර නැවතත් ඇවිළුණු මේ මහා යුද්ධය නිසා කලකිරෙන බ්‍රීඩා, තමන්ගේ සැලසුම වෙනස් කරලා පියර්ලිග් පියතුමාට පිහියෙන් ඇනලා දරුණු ලෙස තුවාල කරනවා! ඇය ලෙයින් තෙත් වුණු පියතුමාට කියන්නේ… “ඔබ පණ බේරගත්තොත් උහ්ට්‍රෙඩ්ට කියන්න, මම එයා පස්සේ එනවා කියලා!”

තමන්ගේම අතින් සිග්ට්‍රිගර්ව මරාදැමූ උත්‍රඩ් මේ දරුණු මානසික කඩාවැටීම දරාගන්නේ කොහොමද? තමන්ගේ පියා තමන්ගේ සැමියාව මැරූ එක ගැන ස්ටියෝරා උහ්ට්‍රෙඩ් එක්ක වෛර බඳියිද? පර්ලින්ග් පියතුමාට පිහියෙන් ඇනලා උත්‍රඩ්ව සොයා එන බ්‍රීඩාගේ අවසාන පළිගැනීම මොන වගේ වෙයිද?

ඊළඟ උණුසුම් කථාංගයෙන් නැවත හමුවෙමු

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

241 downloadsDownload The-Last-Kingdom-S05E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

Subtitles

241 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.