ආයුබෝවන් යාළුවනේ! එල්ස්බරිවල සිද්ධ වුණු මහා මිනිස් ඝාතනය ගැන ආරංචිය යෝර්ක් (Eoferwic) නගරයට ලැබෙනවා. මේ සිදුවීමෙන් සිග්ට්‍රිගර් (Sigtryggr) හොඳටම කලබල වෙන්නේ එඩ්වඩ් රජුව යුද්ධයට ලෑස්ති වන ලේ පිපාසිත පාලකයෙක් විදියට දකිමිනුයි. ඔහු වහාම දූතයෙක් අතේ එඩ්වඩ් රජුට අනතුරු ඇඟවීමක් යවනවා යෝර්ක් නගරයට ළඟා වෙ…

ආයුබෝවන් යාළුවනේ!
එල්ස්බරිවල සිද්ධ වුණු මහා මිනිස් ඝාතනය ගැන ආරංචිය යෝර්ක් (Eoferwic) නගරයට ලැබෙනවා.
මේ සිදුවීමෙන් සිග්ට්‍රිගර් (Sigtryggr) හොඳටම කලබල වෙන්නේ එඩ්වඩ් රජුව යුද්ධයට ලෑස්ති වන ලේ පිපාසිත පාලකයෙක් විදියට දකිමිනුයි.
ඔහු වහාම දූතයෙක් අතේ එඩ්වඩ් රජුට අනතුරු ඇඟවීමක් යවනවා යෝර්ක් නගරයට ළඟා වෙන්න එපා කියලා.
මේ අතරේ, ඇල්ස්විත් තමන්ගේ මිනිබිරිය වන ඇල්ෆ්වින්ව බක්ස්ටන් ප්‍රදේශයේ සඟවලා තියන්නේ ඇයව දේශපාලන සූදුවලින් බේරගන්නයි.
ඇල්ස්විත් සැලසුම් කරන්නේ ඇල්ෆ්වින්ව, උත්‍රඩ්ගේ විශ්වාසවන්ත සගයෙක් වෙන Cynlaef එක්ක විවාහ කරලා දෙන්නයි.
මේ හැමදේම අස්සේ, කුමන්ත්‍රණකාරී ඇල්ෆ්හෙල්ම් ඩේන්වරු සහ සැක්සන්වරු අතර මහා යුද්ධයක් ඇවිළවීමට තවත් දරුණු සැලසුමක් ගහනවා.
ක්‍රිස්තියානි දර්ශනවාදිනියක් වන Aalys නමැති කාන්තාව මරා දමා, ඒ පලිය ඩේන්වරුන් පිට පැටවීම තමයි එයාගේ සැලසුම. හැබැයි ඔහු නොසිතූ දෙයක් වෙනවා!
එඩ්වඩ් රජුගේ බිසව වන ඇල්ෆ්ලැඩ් (Ælfflæd) රහසින්ම මේ Aalys කියන කාන්තාව එක්ක ගමන් කරද්දී,
ඇල්ෆ්හෙල්ම්ගේ මිනීමරුවන් ඇල්ෆ්ලැඩ්ව, Aalys කියලා වැරදියට වටහාගෙන දරුණු විදියට මරා දමනවා!
තමන්ගේම දුවව තමන්ගේම සැලසුමකින් මියගිය බව ඇල්ෆ්හෙල්ම් තාම දන්නේ නැහැ.
මේ මළසිරුරු මුලින්ම දකින්නේ Haesten. ඔහු වහාම මේ බව උත්‍රඩ්ට දන්වන්න Rumcofa බලා යනවා. මේ මරණය නිසා ඩේන්වරු සහ සැක්සන්වරු එකිනෙකාට බැන ගනිමින් මහා යුද්ධයකට ලෑස්ති වෙනවා.
යුද්ධය නතර කරන්න උත්‍රඩ් ඇතුළු පිරිස සත්‍යය සොයා යද්දී, ඇල්ෆ්හෙල්ම් රහසින් එකතු කරපු හමුදාවක් එඩ්වඩ් රජුගේ නමින් රම්කෝෆා නගරයට දරුණු ප්‍රහාරයක් එල්ල කරනවා.
මේ සටනේදී Osferth දරුණු ලෙස තුවාල ලබා ජීවිතයෙන් සමුගන්නවා!
තමන්ගේම දුව මියගිය බව පස්සේ වෙලාවක දැනගන්නා ඇල්ෆ්හෙල්ම් මානසිකව වැටී සියදිවි නසාගන්න හැදුවත්, ඔහුගේ සගයන් ඔහුව නැවතත් යුද සැලසුමට පොළඹවා ගන්නවා.
මේ අතරේ, Father Pyrlig නිදහස් කරන බ්‍රීඩා (Brida),
තමන්ගේ පව්වලට සමාව ගන්න උහ්ට්‍රෙඩ්ව මුණගැසීමේ එකම කොන්දේසිය මත පියතුමා එක්ක වෙසෙක්ස් බලා එන්න එකඟ වෙනවා!
තමන්ගේ ආදරණීය සගයා වුණු Osferthගේ මරණයෙන් උත්‍රඩ්ට මොන වගේ පියවරක් ගනීවිද? තමන්ගේ දුවවම මරාගත්ත ඇල්ෆ්හෙල්ම්ගේ මීළඟ විනාශකාරී සැලසුම මොකක්ද?
උත්‍රඩ්ව මුණගැසෙන්න එන බ්‍රීඩාගේ හිතේ තියෙන්නේ ඇත්තටම පසුතැවීමක්ද, නැත්නම් වෙනත් ලේ පිපාසිත සැලසුමක්ද?
මේ ප්‍රශ්න වලට උත්තර දැන ගන්න නම් අද කොටස බලන්නම වෙනවා,
ඊළඟ කොටසින් නැවත හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
223 downloadsDownload The-Last-Kingdom-S05E05-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු දිසානායක
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


