Watch Trailer

The Last Kingdom [S05 : E08] Sinhala Subtitles | මිතුරන් සතුරන් වන, සිහසුන වෙනුවෙන් කෙරෙන මහා පාවාදීම! [සිංහල උපසිරැසි සමඟ]

බ්‍රීඩාගේ සමුගැනීමෙන් පස්සේ තමන්ගේ දුව ස්ටියෝරාවත් එක්ක ආපහු පවුලක් වෙන්න උහ්ට්‍රෙඩ් හීන මැව්වත්, ඇය උහ්ට්‍රෙඩ්ව දරුණු විදියට ප්‍රතික්ෂේප කරනවා. උහ්ට්‍රෙඩ්ගේ සගයන් පවා තමන්ගේ පවුල් වෙනුවෙන් ඔහුගෙන් ඈත් වෙද්දී, උතුරේ බෙබන්බර්ග් (Bebbanburg) කොටුව ඇතුළේ ලොකු කුමන්ත්‍රණයක් ලෑස්ති වෙනවා. පැහැරගනු ලැබූ…

බ්‍රීඩාගේ සමුගැනීමෙන් පස්සේ තමන්ගේ දුව ස්ටියෝරාවත් එක්ක ආපහු පවුලක් වෙන්න උහ්ට්‍රෙඩ් හීන මැව්වත්, ඇය උහ්ට්‍රෙඩ්ව දරුණු විදියට ප්‍රතික්ෂේප කරනවා. උහ්ට්‍රෙඩ්ගේ සගයන් පවා තමන්ගේ පවුල් වෙනුවෙන් ඔහුගෙන් ඈත් වෙද්දී, උතුරේ බෙබන්බර්ග් (Bebbanburg) කොටුව ඇතුළේ ලොකු කුමන්ත්‍රණයක් ලෑස්ති වෙනවා.

පැහැරගනු ලැබූ ඇල්ෆ්වින්ව (Aelfwynn) සිරකරගෙන, ඇල්ෆ්හෙල්ම් සහ ස්කොට්ලන්තයේ කොන්ස්ටන්ටින් රජු එකතු වෙලා එඩ්වඩ් රජුව බිම හෙළන්න රහස් සැලසුමක් දියත් කරනවා.

බෙබන්බර්ග් කොටුවේ සිදුවන මේ අනතුර ගැන ආරංචිය ලැබුණු ගමන් උහ්ට්‍රෙඩ් එඩ්වඩ් රජුට සුපිරි සැලසුමක් ගේනවා. “වෙසෙක්ස් සහ මර්සියා හමුදාවන් එකතු කරලා සතුරා වට කරමු, මම බෙබන්බර්ග් කොටුව අල්ලගෙන ‘එක්සත් එංගලන්තය’ කියන ඔබේ පියාගේ හීනය හැබෑ කරන්නම්!”

හැබැයි අවදානම ගන්න බය එඩ්වඩ් රජු කරන්නේ ලේ හැලීමක් නැතුව රට බෙදලා සතුරා එක්ක සමාදාන වෙන්න හදන එකයි. මෙන්න මේ වෙලාවේ මාලිගාවේ හැමෝම පුදුම කරවන දෙයක් වෙනවා!

ලෝඩ් ඇල්ඩ්හෙල්ම්, ඇල්ස්විත්, ෆිනෑන්, සිහ්ට්‍රික් සහ අතෙල්ස්ටන් ඇතුළු පිරිස එඩ්වඩ් රජුගේ සැලසුමට විරුද්ධව කෙළින්ම උහ්ට්‍රෙඩ්ගේ පැත්ත ගන්නවා. හොඳටම කේන්ති යන එඩ්වඩ් රජු, මාලිගාවේ දොරටු වහලා තමන්ට විරුද්ධ වුණු හැමෝවම කඩු මුවහතේ සිරකරන්න අණ කරනවා!

රජුගේ අණ නොතකා මර්සියානු හමුදාව දොරටු කඩාගෙන සටනට යයිද? තමන්ගේම පිරිස සිරකරපු එඩ්වඩ් රජුට මොකද වෙන්නේ? උහ්ට්‍රෙඩ්ට තමන්ගේ උරුමය වෙන බෙබන්බර්ග් කොටුව බේරගන්න පුළුවන් වෙයිද?

මේ හැමදේටම උත්තර දැනගන්න, තවත් පරක්කු නොකර අද කොටස සිංහල උපසිරසි එක්කම බලලම දැනගන්න!

9වෙනි කොටසෙන් හමුවෙමු……

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

221 downloadsDownload The-Last-Kingdom-S05-E08-Sinhala-Subtitles.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

Subtitles

221 downloadsDownload Subtitles34 KB

0 comments

No comments yet.