ඇල්ස්විත්ගේ මැදිහත් වීමෙන් තමන්ගේම මිනිස්සුන්ගේ ලේ හැලීම නතර කරන එඩ්වඩ් රජු, අවසානයේ උහ්ට්‍රෙඩ් එක්ක එකතු වෙලා බෙබන්බර්ග් (Bebbanburg) කොටුව වැටලීමට තීරණය කරනවා. හැබැයි ස්කොට්ලන්තයේ කොන්ස්ටන්ටින් රජු දරුණු මුහුද තරණය කරලා රහසින්ම කොටුව ඇතුළට පැමිණීම නිසා හැමෝගෙම සැලසුම් අවුල් වෙනවා. කොටුව ඇතුළේ සිර…

ඇල්ස්විත්ගේ මැදිහත් වීමෙන් තමන්ගේම මිනිස්සුන්ගේ ලේ හැලීම නතර කරන එඩ්වඩ් රජු, අවසානයේ උහ්ට්‍රෙඩ් එක්ක එකතු වෙලා බෙබන්බර්ග් (Bebbanburg) කොටුව වැටලීමට තීරණය කරනවා. හැබැයි ස්කොට්ලන්තයේ කොන්ස්ටන්ටින් රජු දරුණු මුහුද තරණය කරලා රහසින්ම කොටුව ඇතුළට පැමිණීම නිසා හැමෝගෙම සැලසුම් අවුල් වෙනවා.
කොටුව ඇතුළේ සිරකාරියක් වෙලා ඉන්න ඇල්ෆ්වින්ව බේරගන්න උහ්ට්‍රෙඩ්, ෆිනෑන් සහ සිහ්ට්‍රික් එක්ක කඳු බෑවුම් පාරෙන් රහසින්ම කොටුව ඇතුළට රිංගනවා. හැබැයි සතුරන් අතින් ෆිනෑන් සහ සිහ්ට්‍රික් කොටු වෙද්දී, උහ්ට්‍රෙඩ්ට උදව් කරන්න ආපු හේස්ටන්ට (Haesten) තමන්ගේ රහස් සැලසුම පාවා නොදී දරුණු ඉරණමකට මුහුණ දෙන්න සිදු වෙනවා!
මේ කිසිම අනතුරක් නොදන්නා එඩ්වඩ් රජු, ස්කොට්ලන්ත හමුදාව ඉදිරියට එනවා දැකලා උහ්ට්‍රෙඩ්ගේ සංඥාව ලැබෙන්න කලින්ම කලබල වෙලා කොටුවට ප්‍රහාරය එල්ල කරන්න අණ දෙනවා.
මේ අතරේ, ඇල්ස්විත් සහ ඊඩිත් වනාන්තරය ඇතුළට ගිහින් ස්ටියෝරා (Stiorra) සහ ඇයගේ ඩේන් හමුදාව හමුවෙලා මේ මහා සටනට උදව් කරන්න කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.
උහ්ට්‍රෙඩ්ගේ සංඥාව නැතුව කලබලෙන් ප්‍රහාරය ආරම්භ කරපු එඩ්වඩ් රජුගේ හමුදාව විනාශ වෙයිද? සිරකරුවන් වුණු ෆිනෑන් සහ සිහ්ට්‍රික්ට මොකද වෙන්නේ? තමන්ගේ පියාගේ උදව්වට ස්ටියෝරා සහ ඇගේ ඩේන් හමුදාව ඉදිරිපත් වෙයිද?
මේ හැමදේටම උත්තර දැනගන්න, තවත් පරක්කු නොකර අද කොටස සිංහල උපසිරසි එක්කම බලලම දැනගන්න!
අවසාන කොටසින් හමුවෙනකන් හැමෝටම සුභ දවසක්…..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
178 downloadsDownload The-Last-Kingdom-S05E09.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු දිසානායක
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


