කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. 😀 ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් තමයි ආවේ, දන්…

කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. 😀 ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් තමයි ආවේ, දන්නෝ දනිති කිව්වලු. 😉 ඉතින් කිව්වත් වගේ මටම තේරෙන්නේ නැහැ කොහෙන් පටන් ගන්නද කියලා, සිරාවටම.
අඩවියට ආපු මුල්ම කලේ එකදිගට චිත්‍රපට කිහිපයකටම උපසිරස නිර්මාණ කලත්, පසු කලෙක ටීවී කතා කිහිපයක් සදහා දිගටම නිර්මාණ කළා. මුලදීම ඉතින් විකියා අමතක කරන්න බැහැ, කොහෙත්ම. මොකද අරක කරමු, මේක කරමු කියලා. දුන්න ගොඩක් ඒවා මම කළා, පස්සේ පස්සේ ඉතින් මිසින් තමයි, 😀 එහෙම එන අතරමග හමු වෙච්ච කට්ටිය තමයි රොයිලි අයියා, සමීර(ඩොකා), හසන්ත අයියා, වගේම අඩවි සංස්කරණ පැත්තට ප්‍රවේශය ලබා දුන්නු වාසල අයියත්. පස්සෙන් පහු අපේ බයිස්කෝප් පිස්සෝ රැල අමතක කරන්නම බැහැ, මුලින්ම ගේට්ටුවෙන් පස්සේ හොදටම සෙට් වෙච්ච විමා, කැරුණේ, හේවා, යශෝද, සමන්, දසන්, ගයන්, සදුන්, චන්දිම, දිල්ශාන්, කැලුම්, කවිදු, චුටි මල්ලි, සිරාජ්, ෂෙරින්, සුරේනි, නිර්මාණි, අනේ අමතක වෙච්ච කවුරු හරි ඉන්නවා නම් සමාවෙන්න ඕනේ. ඒවගේම ඉසිර සහෝවත් අමතක නොකර බැහැ, මෑතකදීම හමුවෙච්ච සෙට් ඒක වුනේ අචින්ත මල්ලි, රනුල, චාමර, තාරක, සුදීරත්, කතා බහා නොකලට අඩවියේ නව පරම්පරාව විදිහට ඉදිරියට එන මධුක, ඉසිරු, කසුන්, පුර්ණි, මයුර, රවිදු, යසිරු, පැතුම්, දිනේෂ්, විජිත්, බුද්දික, තරිදු, ලසන්ත, වගේ තව එකී නොකී අලුත් අයත් අය බොහොමයි. ඉතින් ඔයාලා අතේ තමයි මේ අඩවියේ ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ. කොහොමෙන් කොහොම හරි ලොකු මිතුරු කැලක් ඇති කරගන්න ලැබුනා, ඒ ගැන සතුටුයි. ඒවගේම නිර්මාණ වලට අදහස් පල කරන, අඩවියට නිතර දෙවේලේ ඇවිල්ලා ඔලුව දාලා යන ආදර රසික කැලටත් බොහොම ස්තුතියි. එහෙනම් ස්තුතියි කතාව නිම කරලා බලමුද මේ ෆිලුම මොකද්ද කියලා?

අපි හැමදාම ඉතින් ඒක ඒක ජාතියේ ෆිලුම් බලනවා නොවැ. ගහාමර ගන්න ඒවා, හොල්මන් ඒවා, වීර කතා, ආදර කතා, අබිරහස් කතා ආදී නොයෙක් ජාතියේ එව්වා බලනවා නේ, මේකත් එහෙව් අමුතු ජාතියේ කතාවක්, අමුතුයි කියන්නේ, සාමන්‍යයෙන් අපි කතා කරන්න, නිදහස් වෙලාවට හිතලා බලන්න අකමැති මාතෘකාවක් ගැන තමයි කතා කරන්නේ, ඒ තමයි මරණය ගැන, ටිකක් බයයි වගේ නේද? ඔව්, හිතලා බලන්න, පොඩ්ඩක්, අපි කොච්චර සෙල්ලම් දැම්මත්, මොනවා කලත්, මොනවා එකතු කලත්, කොච්චර බැංකු වල තිබ්බත්, අපි කාට, කොහොම, ආදරය කලත්, අපේ පවුලේ අය. හිතවතුන්, සෑම සියලු දෙයක්ම, අපිට කිසිම නිදහසකට කරුණක් කියන්නේ නැතිවම අත හරින්න වෙනවා, මරණය ආවම. කෝ එතකොට “මම” කියලා හිටපු කෙනා, එයාට මොකද වුනේ? අපේ මතකයන් වලට මොකෝ වුනේ? ප්‍රශ්න ගොඩයි නේද? හිතද්දීත් පිස්සු වගේ.
ඉතින් මේ කතාවෙත් ඉන්නවා ජීවිතය, මරණය ගැන හිතන්න හිතලවත් තිබුනේ නැති හුරතල් කෙලි පැටික්කියක්. ඇයගේ පවුලේ දගකාරිම චරිතේ තමයි මේ සූසි. සූසි බොහොම සතුටෙන් ජිවිතේ යමක් කමක් තේරෙන හොදම දගකාරි වයසට එනකොට, ආදරය කියන වචන වල, එකේ හැගීම් දැනීම් දැනෙන හොදම කාලේ එනකොටම, ඒ කියන්නේ වයස අවුරුදු 14න් මරණයට පත් වෙනවා, හරියටම කිව්වොත් ඝාතනය කරනවා. ඉතින් මේ පුංචි සූසි කොහොමත් එයා මේ පොළොවේ පය ගහලා ඉද්දි පටන් ගත්ත දේවල් අතහරින්නේ? කොහොමද ආදරේ විදින්නේ? එයාට එයාගේ පවුල අත හරින්න පුළුවන්ද? පෙම්වතා අහහරින්න පුළුවන්ද? එත් තවම සුසිගේ මරණය විශ්වාස නොකරන තව කෙනෙක් ඉන්නවා, ඒ තමයි සුසිගේ පියා. ඔහු ඇයගේ මිනීමරුවා හොයාගෙන යනවා, ඒවගේම සුසිගේ නංගිත් ලොකු සටනක් දෙනවා, සුසීට සාධාරණයක් ඉටු කරන්න, එත් ඇය පැතු ජීවිතයේ සෑම දෙයක්ම මරණය විසින් ඇයට අහිමි කරලා අවසන්. මැයගේ මේ උත්සාහය නැවතත් පොලෝ තලයේ නිදහසේ දුව පැන ඇවිදින්නයි, ඇයට ඒක කරන්න පුළුවන් වෙයි ද? ඇයගේ උත්සාහය ගැන තමයි මේ කතාවෙන් දිග ඇරෙන්නේ. කිසිම කම්මලි කමක් නැතුව ඒක උස්මට බලලා ඉවර කරන්න පුළුවන් අමුතුම, සුන්දර දර්ශන තියන ලස්සන කතාවක් මේක, බලපු අය ඉන්නවා නම් ආයෙත් බලන්න, නොබලපු කෙනෙක් නම් මම කියනවට බලන්න. 😉
2009 දී දිග ඇරෙන මෙම කතා පුවත අධ්‍යක්ෂ කරන්නේ Peter Jackson විසිනුයි. නිෂ්පාදකයෙක් වශයෙන් Steven Spielberg ද දායකත්වය සපයන මේ මෙම චිත්‍රපටය සිනමා දර්ශකයේ 6.7/10 අගයක් ලබා තියෙනවා, එමෙන්ම සූසි විදිහට Saoirse Ronan ද, සුසිගේ පියා ලෙස Mark Wahlberg ද, හා තවත් දක්ෂ නළු නිලි රැසක් දායකත්වය ලබා දීලා තියනවා. ඉතින් 2009 ආව පරණ කතාවක් කියලා නම් හිතලා මගහැර ගන්න එපා කියලා කියන්න කැමතියි. වෙනස්ම අත්දැකීමක් ජිවිතයට ගන්න ලැබෙයි කියලා මම හිතනවා.
එහෙනම් හැමදාම කියනවා වගේ මේ කතාවත් එක්ක එකතු වෙන්න, ඔයාලගේ අදහස් කියන්න. දැන් ඉතින් බැලිල්ලක්ම තමයි තියෙන්නේ. 😉 එහෙනම් නැවත හමුවෙමු යැයි නොකියා, සමුගන්න යන්න අවසර පතනවා. හැමෝටම ජය වේවා!!
තෙරුවන් සරණයි!!!
ගැලපෙන වීඩියෝ පිටපත්
1. The Lovely Bones (2009) 720p BrRip x264 – YIFY
2. The Lovely Bones 2009 720p 10bit BluRay x265 HEVC-MZABI
3. The Lovely Bones[2009]DvDrip-FXG
“මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සදහන් පිටපත් සදහා ගැළපේ”
1,176 downloadsDownload The-Lovely-Bones-2009-100.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
63 comments
Sajeevi
nilantha
100 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්… thawath 100k karamu
මධුකප්‍රිය පෙරේරා
හම්මේ එහෙනම් නලින් සහොත් 100 ගැහුවා..
උපසිරසි 100ක් දෙනවා කියන්නේ ඉතින් ලේසි පහසු
දෙයක් නෙවේනේ.නොසැලී මේ තාක් දුර ආව එකට හදවතින්ම
සුබ පතනවා.සහෝගේ උපසිරසි මාත් එහෙන් මෙහෙන් බලලා තියෙනවා.
ආයේ ඉතින් සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ.
තවම එක දවසක්වත් හමුවෙලා නැතත් මාවත් මතක් කොරලා නොවෑ.
එහෙනම් ඉතින් ඉක්මනින්ම 150 කඩයිමත් පසු කරන්න අවශ්‍ය කාලය සහ ශක්තිය
ඔබට ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.උපසිරසියට බොහොම තුති.ඔබට ජය.Krishan NiShalya
100 සබ් දෙන එකක් ලේසි වැඩක් නෙවෙයි,,...
ආව වගේ තව දුර යන්න..
Good Luck...!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !ashan lankanath
Good luck thanks
Chami.S
Thanks.
Good Luck...DINU
Bohoma sathutui sahoo...digatama api oyalath ekka innawa..
Kalum Gunasekara
100 ට උණුසුම් සුබපැතුම් සහෝ. ස්තුතියි උපසිරැසියට. ඉක්මණට 200 කඩඉමත් පසුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථණා කරනවා.
Mayura
කාලෙකට පස්සෙද මන්දා. අපි දාන පිලුමකට කමෙන්ට් එකක් වරදින්නෙම නෑ සහෝගෙන්. අනිවා බලන්න ඕන මේක නම්. තව දුරක් යන්න ලැබේවායි පතනවා. ජය
sana
ස්තුතියි සබ් එකට යලුවා
පුලුවන් නම් rocky handsome hindi film එකේ සබ් දෙන්නකෝ
දැන් ගොඩ දවසක් වෙනව හොඳ කොපි එකක් ඇවිල්ලත්
බුදු සරණයි
ජය..!විකියා
උණුසුම් සුභ පැතුම්!!! ජයෙන් ජය!!!
wayantha
සිය වෙනි කඩඉමට හදවතින්ම සුභ පතනව..
තවත් sub කරන්ඩ ශක්තිය දෛයිරිය ලැබේවා !
ගොඩක් ස්තූතියි sub එකට. ජය වේවා !රයන් ද සිල්වා
100 වෙනි උපසිරසියට සුබ පැතුම් නලීන් අයියේ
තව තවත් උපසිරසි කරන්න කාලය ලැබේවායි පතමි
෴ජය වේවා෴රයන් ද සිල්වා
මෙන්න යාලුවනේ hash එක
DF0051EE9E09D8BDEFE791C61E5EA9A45C4F2A32
Chämàrá Sâmpáth
සියවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් අයියේ.
කොහොමහරි 100 වෙනි කඩයිමටත් ආවා එහෙනම්. කඩයිම පහු කරනවත් එක්ක ගොඩක් ලොකු සේවයක් අඩවියට කලා. අපේ සබ් වලට කමෙන්ට් දාලා තිබ්බා. ලස්සන කවර් ෆොටෝ හදලා දෙනවා. රාජකාරිත් එක්ක මෙච්චර දුර ගමනක් ආපු එක ගැන අවංකවම සතුටුයි. මේ ආවා වගේ හෙමින් හෙමින් ඉතුරු කඩයිම් වලටත් එමු. මට තාම අප්සට් අර අන්තිම එපියට වෙච්චි දේට, සොරි හොදේ. උපසිරැසියට තුති. ජයෙන් ජය.!!Purnima
Niyamai ayya.. thaba dura yamu. Congrats and all the best :)
දහරා මුතු අමා
100 ට උනුසුම් සුබ පැතුම් අයියේ...
හසන්ත
නලින් 100 ගැහුවා කියල දන්නේ දැන් නේ :D මම හිතුවේ සබ් කිරිල්ලට තිත තිබ්බා කියල. මෙහෙම හරි ඉඳල හිටලා රෙජිස්ටරේ නම ලකුණු කරන එකත් මදැයි :D හෙමිට 150 ටත් ලං කරමු. සබ් නොකෙරුවට සයිට් එකේ පලවෙන නිර්මාණාත්මක පින්තුර වලින් නම් හැම පෝස්ට් එකක් ගානෙම නම ලකුණු වෙනවා. ඒ උපකාරයට ගොඩක් ස්තුතියි මලේ. එහෙනම් ජයවේවා !!!
kavinda
සියවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්
Sajith Anthony
100 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
isuru
100වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා නලීන් සහෝ!!! ඉදිරියටත් මේ වැඩේ කරගෙන යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා!! ජය!!!!
එල්.සී. දමැල්
100 ට උණුසුම් සුබපැතුම් සහෝ. උපසිරස විතරක්යැ. අඩවිය ලස්සන වෙන්න තව විශාල මෙහෙවරක් කරන කෙනෙක්නෙ සහෝ ඔයා, අනික පුද්ගලික වැඩ. ඉතින් මේ වැඩේත් අනිත් වැඩත් දිගටම කරගෙන යන්න හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා...
රොයිලි
උණුසුම් සුබපැතුම් නලින්න් මලේ මේ වාර්තා කරපු ශතකයට. වැඩක් බාර ගත්තොත් අනිවා කොහොමහරි ඇදගෙන යන කෙනෙක් විදියට තමා මම නම් ඔයාව දකින්නේ. මේ දවස් වල ටිකක් කාර්‍යබහුල වුනත්, මෙතනින් නොනැවතී ඊලඟ කඩ ඉමට ඉක්මනින්ම යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Anura
ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් තමයි ආවේ, දන්නෝ දනිති .
දුෂ්කර ගමනක් අවසානයේ පැමිණි 100 කඩයිමට සුබ පැතුම්
ලහිරු චානක
100 ට සුබ පැතුම් නලීන් සහෝ. තව තවත් සබ් කරන්න කාලය ශක්තිය ධෛර්ය ලැබේවා... ජය වේවා..!!!
තාරක නුවන් දිල්හාර
100 ට උණුසුම් සුබපැතුම් සහෝ. ස්තුතියි උපසිරැසියට. ඉක්මණට 200 කඩඉමත් පසුකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථණා කරනවා.
හැම චිත්‍රපටියකටම ඔයාගේ කමෙන්ට් එකක් වරදින්නේ නෑ
දිගටම සබ් දෙමු
ජයෙන් ජයකේ.යු.ජී. උදාර
100 ට සුබ පැතුම් කොල්ලො..................
දිගට ම මේ වැඩේ කරගෙන යමු. සිංහල සබට බොහොම ස්තූතියි.විමා
මුලින්ම සමාවෙන්න ඕන නලින් අයියේ සුභපතන්න පමා උනාට.
සියයට පරණ එකක් දුන්න පලවෙනි උපසිරසිකරුවා මං හිතන්නේ
අලුත් එකක් පන්ගනාත්තු කලාම ඒක ගන්න බැහැයි කිවනේ :/
සයිට් එකට යනෙන බොහොමයක් දෙනෙක් නොදන්නා දෙයක් තියනවා, එ තමා හැම සබ එකක් එක්කම නලින් අයිය එකතු වෙනවා කියන එක.
හැම සබ එකක් එක්කම පලකෙරෙන ලස්සන පින්තුරය නිමවෙන්නේ නලින් අයිය අතින් කියල වැඩි දෙනෙක් දැනේ නෑ
එකට ඇතිවෙලා තියන බාධාවන් ගැනත් කිවනේ එදා
කොහොම උනත් සියයට දෙන්න තරම්ම වටිනා ෆිල්ම් එකක් කියල හිතනව මේක
නොදන්නා නොදැකපු අයවලුන් සිය දහස් ගණනක් උදෙසා කාලය ශ්‍රමය වැය කරමින් කරන්නාවූ සේවය වෙනුවෙන් හදපිරි ප්‍රණාමය.
ඉදිරිකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ජය ජය වෙන්න කියල පතනවා :DDilshan Kainga
අනේ අම්මේ.. උඹ 100 ත් ගහලා. දැන් තමා දැක්කේ. ඔන්න බලපන් ඉතින් සයිට් එකට තියන ලැදියාව. හෙ හේ...
උණුසුම් සුබ පැතුම් බං.
සමාවෙන්න ඕනේ කමෙන්ට් එක පරක්කු උනාට.
විභාගයක් තිබුන නිසා සයිට් එක පැත්තෙන් ටිකක් අයින් උනා. ඒකයි.ashan lankanath
thanks
shasith sandaruwan
100 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
තවත් උපසිරැසි කිරීමේ හැකියාව ලැබේවා!
අද තමයි දන්නේ ඔය පින්තූර හදන්නේ සහෝ ඔයා කියලා..
ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...rohan jayathilaka
100.........................................gud luck..................................chicago pd season 4 karan nedda
sohan jayasooriya
නියමයි සහෝ මගෙනුත් උණුසුම් සුභපැතුම්
shady
sub walata thanks aiyye!!
C. R. ජයලත්
Niyamai Nalin Aiya Jaya Wewa!!!!!!!!!
Anura
jaya wewa
Mahesh ruwan
bohoma sthuthi good luck
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Supun shanika
ජයවේවා
Lakshan1327
Thanks bro
Viraj
Thanks
සමන් ප්‍රසාද්
මුළින්ම 100 ට හදවතින්ම සුභ පතනවා.
හැබැයි ඉතින් අපි හැමෝම කැමති වුණේ නම් මීට වඩා හිට් ෆිලුමකින් අයියා සීය ගහනවා දකින්න නොවැ.
ඒ වුණාට ඉතින් අයියම කමක් නෑ මේක හොඳයි කිවුවනේ...
අනේ මංදා මං මේ අයියට දාන පලවෙනි කමෙන්ට් එකද කියලා.
මොකෑ ඉතින් අයියා වැඩිය ෆිලුම් කරන්නෙ නෑ නොවැ. :D
කොහොම නමුත් අර කියන්නා වගේ හැමදාම අපේ පෝස්ට් වලට ලස්සන පිංතූර හදන්නෙ නලින් අයියා තමයි කියන එක සමහර විට මේ සබ් බාගෙන යන බයිස්කෝප් ප්‍රේක්ෂකයෝ දන්නෙ නැතුව ඇති.
ඒ වැඩේටත් බෝම පිං. අනිවා ඉන්බොක්ස් පිරිලා ඇති අනේ මේ පික් එක ඕනා මේ පික් එක ඕනා කිය කිය අපි එවන මැසේජ් වලින්... හෙ හේ... :D
එහෙනම් 150න් හම්බෙමු අයියේ...
තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා...!!!
ජය වේවා...!!!අනුර
100වෙනි එකට සුබ පතනව ...සහොදරයා...ජයවේවා
Tharaka
100 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම් සමගම දුන් උපසිරැසියටත් බොහොම ස්තූතියි! ජය!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි නලින් අයියේ.
සුපිරි වැඩක්.
ගොඩ කාලෙකට පස්සේ දකින්න ලැබුනේ.
ඒත් ඒක 100 වෙනි සබ් එකෙන් දකින්න ලැබෙයි කියලා හිතුවේ නෑ.
උපසිරැසි 100 කරනවා කියන්නේ, උපසිරැසි කරන අයට තමා දන්නේ විදින දුක.
මෙච්චර කාලයක් අපගේ රස වින්දනය උදෙසා තම කාලය ධනය වැය කරමින් අප හට උපසිරැසි ලබා දුන්නාට හදවතින්ම ස්තූතිය පුද කරනවා අයියේ.
100 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් අයියේ.පරණ උනත් වටින එල කතාවක් තියෙන ෆිලුමක් නේ ගෙනල්ලා තියෙන්නේ.
අනිවා කොහොම හරි බාගෙන බලන්න ඉන්නේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!Asitha
100 වෙනි උපසිරසියට සුබ පැතුම්…
ජය වේවා!!!Kulanjana Maduranga
really appreciate your works..thanks NALEEN for giving us all of this…wish u'r great future.....
Kulanjana Maduranga
Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...jaya wewa...........
D Chamara
niyamai sahoo niyamai degatama karagena yamooo jaya....
නලින්
අදහස් දක්වපු, සුබ පැතුම් එක්කල සියලුම දෙනාට ස්තුතියි.
ජය වේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

100 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…