Watch Trailer

Chicago PD [S03 : E23] with Sinhala Subtitle | “හෑන්ක් වොහිට්”ගේ වියරුවේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ අප්පේ, ඔහොං ඉතින් 2015 සැප්තැම්බර් 30 දා පටන් ගත්ත පොලිස් සෙල්ලමේ තුන්වැනි අදියරේ අවසන් කොටසත් බොහොම වෙහෙසක් දරලා, කරදර බාධක ගොඩක් මැදින්, නිදහස ලැබෙන පරිදි නිම කරලා අද අරං ආවා. අවසන් කොටස් 3න් 2ක් මම වෙනුවෙන් කරලා දීපු චාමර සම්පත් සොයුරාට ගොඩක් ස්තුතියි කරනවා, අවසන් කොටස මටම කොරන්න දුන්නට. 😀 .…

Chicago PD SE3P1

මගේ අප්පේ, ඔහොං ඉතින් 2015 සැප්තැම්බර් 30 දා පටන් ගත්ත පොලිස් සෙල්ලමේ තුන්වැනි අදියරේ අවසන් කොටසත් බොහොම වෙහෙසක් දරලා, කරදර බාධක ගොඩක් මැදින්, නිදහස ලැබෙන පරිදි නිම කරලා අද අරං ආවා. අවසන් කොටස් 3න් 2ක් මම වෙනුවෙන් කරලා දීපු චාමර සම්පත් සොයුරාට ගොඩක් ස්තුතියි කරනවා, අවසන් කොටස මටම කොරන්න දුන්නට. 😀 . ඉතින් මේ ගෙන එන්නේ මැයි මාසේ 23 වෙනිදා විකාශය වුනු විසිතුන් වෙනි කොටසයි. මේ කොටස නම් කරලා තියෙන්නේ Start Digging කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අද කොටසේ නම් ඉතින් නම බැලුවමම තේරෙන්න ඇති “හෑන්ක් වොහිට්” එනම් මේ කතාවේ කතා නායකයා ගැන කියලා. ඔව්, අද කතාව දිග ඇරෙන්නේ හෑන්ක් වොහිට්ගේ සතුටින් සිටින පුතා, ලෙලි, මුණුපුරා ඇතුළු පවුලේ සතුටු සාදයකින්. ඒවගේම සාදය අවසන් වෙන්නේ අමානුෂික විදිහට අත පය ගැට ගහලා බෙල්ල කපා දමා මරණයට පත් කල කාන්තාවක් ගැන හොයන්න යන්න හැන්ක්ට ලැබෙන ආරංචියකින්. ඉතින් මොකක් වෙයිද? මේ පරීක්ෂණය තමන්ගේ පවුලෙන්ම අවසන් කරන්න වෙයි කියලා හීනෙන්වත් හෑන්ක්ට හිතෙන්නේ නැති වෙන්න ඇති. අද නම් ගොඩක්ම සුපිරි කතාවක් තමයි තියෙන්නේ, මුරණ්ඩු හෑන්ක් මොනවයි මොනවා කර ගනීද? ඇන්ටෝනියෝ කමාන්ඩර්ගේ නියෝගේ බාර ගනීද? ඒක නම් බලා ගන්න වෙන්නේ හතර වෙනි අදියරෙන් තමයි. එත් අවාසනාවකට මම හතර වෙනි අදියර සදහා සබ් කරන්න බලාපොරොත්තුවක් නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම්, මොන බාදක ආවත් දීගටම මග නොනවත්තවා කරගෙන යන්න කැමති නම්, අපගේ බයිස්කෝප් කන්ටැක්ට් මේල් එකෙන් විමසීමක් කරලා අවසර ලබාගන්න කියලා, ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

අවසානයේදී කියන්න ඕනේ පළමු සීසන් එකේ ඉදන්ම මට උදව් කරපු හැමෝටම ස්තුතියි කරනවා, අමාරු වේලාවකදී මම වෙනුවෙන් සබ් කරපු ගයාන් රූකාන්ත ගොයියා, චාමර සම්පත් හාදයා, වගේ යාලුවෝ සැට් එකටත් ගොඩක් ස්තුතියි කියනවා. කමෙන්ට් කරලා  වචනෙකින් හරි “ස්තුතියි” කියපු හතර පස් දෙනාටත් ගොඩක්ම ස්තුතියි කියනවා,

එහෙනම් කතාව ගැන වැඩිය කියන්න දෙයක් නැහැ. කිව්වත් වගේ අද නම් සුපිරිම කතාවක් තමයි තියෙන්නේ. ආයෙත් අහලා, බැලිල්ලක්ම තමයි ති‍යෙන්නේ. 😉 එහෙනම් නැවත හමුවෙමු කියන්න අවසර නැති වුනත්, සමුගන්න යන්න අවසර පතනවා. හැමෝටම ජය වේවා!!

තෙරුවන් සරණයි!!!

Chicago PD (2014) on IMDb

 

 

“මෙම ලබා දී ඇති උපසිරැසිය HEVC සහ HDTV පිටපත් සදහා ගැළපේ”

 

410 downloadsDownload Chicago-PD-S03-E23-Season-3-Final.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Season >> 

Subtitles

410 downloadsDownload Subtitles50 KB

9 comments

  1. sajeevi

    නවත්තන්නේ නැතිව දිගටම සබ් දුන්නට හැමෝටම ගොඩක් ස්තූතියි...

  2. රයන් ද සිල්වා

    මග නවත්තන්නේ නැතුව කොහොම හරි සබ් එක දුන්නට ගෝඩාක්ම ස්තූතියී නලීන් අයියේ
    තවත් උපසිරසියකින් හමු වේමු
    ෴ජය වේවා෴

  3. Chämàrá Sâmpáth

    අඩේ සොරි අයියේ අන්තිම එපිය කරලා දෙන්න බැරි උනාට. අවංකවම අතහැරියේ නෑ.
    කරලා දෙන්න පුළුවන් කමක් තිබබා නම් කරලා දෙනවා. ගියේ මාසේ සබ් කලාට පස්සේ මට තාම සබක් කොටන්න බැරි උනා. ඒ තරමටම හිරවෙලා ඉන්නේ. එසයින්මන්ට් ගොඩගැහිලා. ඒ අස්සේ ලබන මාසේ විභාග වගයක් අප්පා. ක්ලාස් එකෙනුත් මාව එලවන කලාවක් තිබ්බේ. ඒකයි ඔක්කොම අතඇරලා ඒ වැඩ කරන් යන්නේ. මටත් අප්සට්.
    උපසිරැසියට තුති.! ඒවගේම මේ ආත්මාර්ථකාමී සුළු පිරිසක් වෙනුවෙන් සබ කලාට ගුඩාක් තුති.

  4. Gibbs

    Good job...
    Thanks...

  5. Kulanjana Maduranga

    niayamai…thanks NALEEN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Bobby

    ඔයාලා කරන මේ සේවය ගැන අවංකවම ස්තුති කරනවා. නැවතත් ඔබට අවස්ථාවක් ලැබේවා. සුබ අනාගතයක් වේවා.

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. sandharuwan

    thanks bro....

  9. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P