Watch Trailer

The Monster of Florence [S01 : E04] Sinhala Subtitles | එකම ඇසින් දුටු සාක්ෂිය [සිංහල උපසිරසි] (18+)

The Monster of Florence Sinhala Subtitles අපි අද පළ කරන Monster of Florence සිව්වැනි කොටසින් මේ ටෙලිනාට්‍යය අවසන් වෙනවා. කොටස් හතරක් ඔස්සේ දිවෙන මේ ටෙලි නාට්‍යයෙන් 17 වසරක් මුළුල්ලේ ඉතාලියම භීතියෙන් කම්පනයට පත් කළ දාම ඝාතකයාගේ කතාව ඉදිරිපත් කෙරෙනවා. පළමු කතාංගයෙන් විස්තර කෙරුණේ මෙහි පළමු ද්විත්ව ඝා…

The Monster of Florence Sinhala Subtitles

අපි අද පළ කරන Monster of Florence සිව්වැනි කොටසින් මේ ටෙලිනාට්‍යය අවසන් වෙනවා. කොටස් හතරක් ඔස්සේ දිවෙන මේ ටෙලි නාට්‍යයෙන් 17 වසරක් මුළුල්ලේ ඉතාලියම භීතියෙන් කම්පනයට පත් කළ දාම ඝාතකයාගේ කතාව ඉදිරිපත් කෙරෙනවා. පළමු කතාංගයෙන් විස්තර කෙරුණේ මෙහි පළමු ද්විත්ව ඝාතනය මියගිය කාන්තාවගේ සැමියා වුණු ස්ටෙෆානෝ මීලේ විසින් සිදු කළ බවයි. එහෙත් දෙවැනි කතාංගයේදී එම ඝාතන ෆ්‍රෑන්චෙස්කෝ වින්චි විසින් සිදු කළ බවට ලැබුණු සාක්ෂි ඔස්සේ පොලිසිය ක්‍රියාත්මක වුණු අන්දමත් මිනීමරුවා ඔහු නම් සාක්ෂි අනුව සිදුවීම් පෙළගැසෙන අන්දමත් පෙන්වනු ලබනවා. ඊළඟට තුන්වැනි කොටසේදී ඔවුන්ට තවත් සැකකරුවෙක් ලැබෙනවා, ඒ පියෙරෝ මුචේරිනි. ඔහු ඝාතන සිදු කළා යැයි සිතිය හැකි කරුණු සහ ඒ අනුව මිනීමැරුම් සිදු කළා වියහැකි අන්දම තුන්වැනි කොටසින් විස්තර වෙනවා. අද කොටසේදී පෙන්වන්නේ කවුරු සැකකරු විධියටද? විමර්ෂණ දියත් වීමත් සමඟම පොලිසියට ලැබුණු විවිධ සාක්ෂි ඔස්සේ විවිධ නිගමන වලට එළඹුණු අන්දම, ඒ ඔස්සේ විවිධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔවුන් අත්අඩංගුවේ සිටියදීම දිගින් දිගටම ඝාතන සිදුවීම වුණු ආකාරය තමයි වඩාත් නාට්‍යානුසාරී අන්දමින් මේ ටෙලිනාට්‍යයෙන් ඉදිරිපත් වෙන්නේ. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කවුද මෙහි ඇත්තම මිනීමරුවා හෝ මිනීමරුවන්? සත්‍යය නම් එහි විමර්ෂණ තවමත් අවසන් නැහැ!    අද පළ වන කතාංගය ගැන:
  • හතරවැනි (අවසන්) කොටස –  “Episode 4” –  “එකම ඇසින් දුටු සාක්ෂිය”
  • අධ්‍යක්ෂක – Stefano Sollima
  • තිරරචනය –  Stefano Sollima, Leonardo Fasoli
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2025 ඔක්තෝබර් 22
  • IMDb Ratings –  6.7/10
අද කොටසේ මොකද වෙන්නේ? කළින් කොටසින් අපි දුටුවා 1984 ජූලි 29 වැනිදා, නීති ශිෂ්‍යයෙක් වන ක්ලෝඩියෝ ස්ටෙෆානාචි (21) සහ පියා ගිල්ඩා රොන්ටිනි (18) යුවළ ඔවුන්ගේ ෆියට් පැන්ඩා රථය තුලදී ඝාතනය කෙරුණු හැටි. ඒ ඝාතනය සිදු කෙරුණේ පියෙරෝ මුචේරිනි සිරභාරයේ සිටියදීයි. මේ අනුව ෆ්ලොරන්ස් ඝාතකයා ඔහුද නොවිය හැකි බව පොලිසියට ඒත්තු යනවා. මේ අතර ෆ්ලොරන්ස් ඝාතකයාව ඇසින් දුටු එකම පුද්ගලයා වන නැතලිනෝව සාක්ෂි සඳහා කැඳවන්න පොලිසිය උත්සාහ කරනවා. එහෙත් නැතලිනෝ සිය මව වන බාබරා ලොචී සහ මාමා කෙනෙක් වන ලේ බියන්කෝ නම් තැනැත්තා ඝාතනය කරන සිද්ධිය ඇසින් දකිනවිට ඉතා කුඩා දරුවෙක්. මේ නිසා ඒ ගැන ඔහුගේ මතකය මේ වන විට දුර්වල තත්වයකයි තිබෙන්නේ. කෙසේ වෙතත් පරීක්ෂණ ඉදිරියට මෙහෙයවෙන අතරේ සැල්වටෝර් වින්චි නම් තැනැත්තා සැකපිට පොලිස් භාරයට පත්වෙනවා. ඒ සමඟින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් වලින් මේ ඝාතන දාමය විසඳීමට පොලිසියට හැකිවෙයිද? අද අපි බලමු මේ කතාව කොහොමද අවසන් වෙන්නේ කියලා.   කම්පන සහගත දර්ශන සහ ලිංගික දර්ශන අඩංගු වන බැවින් මෙය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.  අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

The Monster of Florence Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.

577 downloadsDownload The-Monster-of-Florence-S01E04.zip20 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Monster of Florence Sinhala Subtitles

 

All BT1

 

 

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

577 downloadsDownload Subtitles20 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට........
    ❤️❤️❤️❤️❤️

    1. Thilina

      Professional subtitles.. thank you soo much..